පඹයෝ වගේ ඇමතිවරුන්ගේ අසාධාරණ තීරණවලට එරෙහිව හඬ අවධිකරන්න – බිමල් රත්නායක
ආර්ථිකයේ, දේශපාලනයේ, රාජ්‍ය මුදල් හැසිරවීමේ ඇතුළු රාජ්‍ය පාලනයේ 70%ක් 75%ක් රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු දරන ගමන් ඒවායින් සිදුවන මහජන පීඩාව තමන්ගේ ඇඟට ගන්නේ නැතිව ආණ්ඩුව තුළ සිටින රාජපක්ෂවරුන්ට අන්තේවාසිකම් කරන ඇමතිවරුන් පිටින් යවන බව ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි. අසාධාරණ ලෙස ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් ආණ්ඩුවේ තීන්දුවට විරෝධය පළකරමින් අද (21) පස්වරුවේ එම පක්ෂ …
Continue Reading
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව අද (20) දිනයේදී ප්‍රකාශයට පත් කර තිබේ. සමාජිකයින් 73 දෙනෙකුගෙන් සමන්විත ජාතික විධායක සභාව අද දිනයේ කැඳවා තිබූ ජාතික ජන බලවේගයේ විශේෂ නියෝජිත මහා සමුළුවේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය. බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ඊට දේශපාලන නායකයින්, කලාකරුවන්, සාහිත්‍යවේදීන්, වෘත්තීය සමිති නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත්කර තිබේ. එහිදී ජාතික ජන …
Continue Reading
විසිර යන කැඩෙට් නිලධාරීන්ට ජනපතිගෙන් ‘විනය පාඩමක්‘
විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ අද (19) පෙරවරුවේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය …
Continue Reading
‘උදය – විමල් – වාසු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ව්‍යවස්ථා විරෝධීයි – නීතිපති
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් 40%ක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා විසින් ලබා දුන් දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යැයි ද එලෙස අමාත්‍යවරුන් තිදෙනා දිවුරුම් ප්‍රකාශ ලබා දීම නීතියට ද …
Continue Reading
ආණ්ඩුවට ණය දෙන්න දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ද කැමති නෑ – චම්පික
43 සේනාංකයේ නීති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වූ නීතිඥ එකමුතුව ඊයේ පිහිටුවන ලද අතර, ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ලංකාවේ වෙළෙඳපොළ වාගේම අන්තර්ජාතික වෙළෙඳපොළ ද ශ්‍රී ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති බවය. දැන් මේ ගැටළුව උච්ඡතම අවස්ථාවට පැමිණ තිබේ. ආණ්ඩුව දැන් රට රටවල් පසුපස දුවන්නේ, කොළඹ තිබෙන වටිනා ඉඩම් …
Continue Reading
‘ගොවියාට පොහොර සැපයීමට වඩා සුද්දාගේ ණය බේරීම නිසා රටම සාගින්නක් අභියස‘
රටට බත සපයන ගොවියාගේ පොහොර අවශ්‍යතාවය පසෙකලා විදේශිකයන්ගෙන් ලබාගත් ඩොලර් ණය ගෙවීමට මේ රජය ප්‍රමුඛතාවය ලබා දුන් හෙයින් සමස්ත රටම සාගින්නට මුහුණ දෙන අවදානමක් උදාවී ඇත.කෘෂිකර්මාන්ත නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩි කිරීමට සෑම රටකම තාක්ෂණය හා පොහොර යෙදවීම සිදු කෙරේ. පොහොර භාවිතය වකුගඩු රෝගයට හේතුවක් බව ඍජු සාක්ෂි මෙතෙක් නැත. මෙවන් පසුබිමක ලංකාවේ පොහොර නොදී ගොවියා සහ ජනතාව රැවටීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට කුකුල් මස් ,කිලෝවක් රුපියල් 750 කට විකුණන අතර දේශීය කෘෂි නිෂ්පාදනයක් වන මාළුමිරිස් කිලෝවක්ද රුපියල් 750 ට මිලදී ගැනීමට ජනතාවට සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. සහල් එළවළු ඇතුළු ගොවියාගේ නිෂ්පාදනය පහළ බැස සමස්ත ජනතාවම හාමතේ වැටෙන තත්ත්වයකට මේ රට පත්වූයේ රජය කෘෂි නිෂ්පාදනයට වඩා රාජපක්ෂ රජය කාලයේ සිට ලබාගත් ස්වෛරී බැඳුම්කර ණය ආපසු ලබාදීම සඳහා ප්‍රමුඛත්වය දීම නිසා යැයි ඇතුල් කෝට්ටේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද පැවැති පුවත්පත් සාකච්ඡාව අමතමිණි. මෙහිදී වැඩි දුරටත් කතා කළ මන්ත්‍රීවරයා, වෙළෙඳපොළ පාලනයට මෙන්ම මූල්‍ය හා රාජ්‍ය පාලනයටද කිසිදු දැක්මක් හෝ සැලසුමක් නැති මේ රජය දැන් හෘද සාක්ෂි අනුව කටයුතු කරන මැති ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ද තම ග්‍රහණයට නතු කර ගැනීමට විවිධ උපක්‍රම හා බැලපෑම් යොදා ගන්නා බවක් පෙනෙන්නට තිබේ. රජය ස්ථාවරයයි පවසන පාලකයන් හිටිහැටියේ කිසිදු හේතුවක් නොමැතිව පාර්ලිමේන්තුවේ වාරය අවසන් කර තිබේ.පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු හරහා රාජ්‍ය ආයතන වල සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා, නාස්තිය හා දූෂණ පිළිබඳ බොහෝ කරුණු හෙළිකර ගෙන තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානීන්, ගල් ඔය වැවිලි සමාගමේ වැනි රාජ්‍ය ආයතන වල ප්‍රධානින් බුරුතු පිටින් ඉල්ලා අස්වී මට සිදුව ඇත. ඉහල තනතුරු වලට තමන් පත් කළ තම හිතවතුන්ගේ දූෂණ හා අක්‍රමිකතා මෙසේ පාර්ලිමේන්තු කමිටු හරහා අනාවරණය වීම පාලකයන්ට හිසරදයක් වූ බැවින් පාර්ලිමේන්තු වාර අවසාන කිරීම හරහා මේ කමිටු සියල්ල අහෝසි කිරීම මගින් එම දූෂණ ද යටපත් කිරීම රජයේ අරමුණ වන්නේ ද ? රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමේ කුමන්ත්‍රණයක්? රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම හරහා සේවකයන්ගේ ස්වාධීනත්වය නැති කර ඔවුන්ව පාලකයන්ට ලැදි සේවකයන් බවට පත්කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ද අරඹා ඇත. රාජ්‍ය අංශයේ සේවක විශ්‍රාම වයස අවු 60 දක්වා දීර්ඝ කරනවා යයි මුලින් ප්‍රකාශ කළ රජය එය දැන් 55 සිට 57 දක්වා දීර්ඝ කර ඇත. ඉන්පසුව 62 දක්වා සේවා දිගුවක් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත. එහෙත් සේවකයෙකුගේ කාර්යක්ෂමතාවය හා කාර්ය සාධනය සතුටුදායක නැතැයි ආයතන ප්‍රධානියාට හැඟෙන්නේ නම් සේවා දිගුවකින් තොරව සේවකයා විශ්‍රාම ගැන්වීමට මුදල් අමාත්‍යංශය විසින් දෙසැම්බර් 14 වනදා නිකුත් කරන ලද නව චක්‍රලේඛය මගින් බලධාරීන්ට බලය පවරා ඇත. මෙමගින් සිදු වන්නේ සේවකයන් ස්වාධීනව හා අපක්ෂපාතීව රාජකාරි ඉටු කිරීමට වඩා වයස අවු 57 න් පසුව සේවා දිගුවක් අපේක්ෂා කරන්නේ නම් ආයතන ප්‍රධානීන් හා ඔහුව පත් කළ දේශපාලන පක්ෂයට ලැදිකම් දැක්වීමට සිදු වීමයි. මෙය රාජ්‍ය අංශය දේශපාලනීකරණය කිරීමේ නරක ආදර්ශයක් වීම වැළැක්විය නොහැකිය මේ රජය බලයට පත්වූ දා සිට තම නොහැකියාව සහ අකාර්යක්ෂම ආර්ථික පාලනය වසා ගැනීම සඳහා පසුගිය රජය සමයේ විශාල වශයෙන් ණය ලබාගෙන තිබූ බැවින් රටේ ණය බරතාවය වැඩි විනැයි බොරුව හා ප්‍රෝඩාව ව්‍යාප්ත කළේය. එහෙත් මෑතදී පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ ආයතනය මගින් රටේ ණය බර තාවය පිලිබඳ හෙළීකළ නිවැරදි දත්ත ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉදිරිපත් කළේය. 2014 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය බර තාවය රුපියල් ට්‍රිලියන 9.9 ක් වී ඇත. ඉන්පසු 2015 බලයට පත්වූ යහපාලන රජය 2019 වන තෙක් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.25 ක් පමණි. එහෙත් යහපාලන සමය තුළ, පෙර රාජපක්ෂ රජය ගත් ණය වල පොලිය වශයෙන් රු. ට්‍රිලියන 3.8ක් ගෙවා ඇතැයි කී මන්ත්‍රී වරයා ඒ අනුව සැබෑ ලෙසම යහපාලන රජය විසින් රටට අළුතෙන් එක් කළේ සමස්ථ ණය බරින් 10% පමණකි. රටක පමණක් නොව සමාගමක හෝ පුද්ගලයකු ද ණයක් ලබා ගැනීමේ ගණදෙනුව කළ යුතු වන්නේ ශක්තිමත් ස්ථාවරයක සිටයි. බැංකුවක ණයක් ගන්නා පුද්ගලයෙක් ශක්තිමත් ස්ථාවරයක සිට සාකච්ඡා කරන්නේ නම් ඔහු ඉල්ලන ණය ඉක්මනින් ලැබෙන අතර අඩු පොලි ප්‍රතිශතයකට ද ණය ගත හැකි වනු ඇත. මේ රජය විදේශ සංචිත හිදී සම්පත් විකුණන දුර්වල තැනක සිට ගනුදෙනු සඳහා සාකච්ඡා වලට යාමට සිදුව ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ආධාර පතාගෙන ගියද හිඟන්නාගේ පාත්‍රය අත ඇතිව එන බව ඔවුන් දන්නා නිසා දෙන මුදල් ආපසු ලබාගැනීම සඳහා ඔවුන්ගේ දැඩි කොන්දේසි වලට යටත් වීමට රජයට සිදු වනු ඇතැයි ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
Continue Reading
PB ජයසුන්දර ගැන ඉක්මනින් තීන්දුවක් ගන්න වෙන ලකුණු
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වහාම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට හෝ පහ කළ යුතු බවට ප්‍රබල මතයක් අමාත්‍ය මණ්ඩලය තුළ පවතින බවත් පසුගිය කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ඒ ගැන සාකච්ඡා වූ බවත් ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ. පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් විසින් මෙම කරුණ මතු කර තිබූ අතර පැමිණ සිටි සියලුම අමාත්‍යවරුන් පාහේ ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි …
Continue Reading
නව පාර්ලිමේන්තු සැසිවාරය ජනවාරි 18 වනදා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ලබන ජනවාරි 18 වැනිදා පෙ.ව 10.00 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ එක් සැසිවාරයක් අවසන්කොට නව සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී …
Continue Reading
පක්ෂ දේශපාලනය නිසා රට බෙදුනා – ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමි
රට වෙනුවෙන් අත දුන්නත් ආණ්ඩුව අතහරිනවා – තිස්ස අත්තනායක පක්ෂ දේශපාලනය නිසා මේ රටේ ජනතාව විවිධාකාරයෙන් කැඩී විසිරී ගොස් රට බරපතළ අනතුරකට ලක්වී ඇති බව සියම් මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ අද (12) දින පෙරවරුවේ පැවසූහ. ජාතික සමගි ජනබල බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද දඹුල්ල ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන …
Continue Reading
ජනවාරි 11,12 සහ 13 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වේ
ජනවාරි 11,12 සහ 13 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වේ ජනවාරි 13 සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට වෙන් කෙරේ 2022 වසර සදහා පාර්ලිමේන්තු රැස්වීම් ලබන ජනවාරි 11 වන දින ආරම්භ කිරීමට ඊයේ (09) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ …
Continue Reading