වාසුගේ සහාය ඩලස්ට

ජනාධිපති ධූරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය. සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවයකින් යුතු වැඩපිළිවෙලක් සකස් කරගැනීමටත්, ජනතාවට කඩිනම් සහනදීම සඳහා මෙන්ම ජනතා ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බලගතු පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේ ඩලස් අලහප්පෙරුම මහතා බව ඔහු සඳහන් කළේය.

Continue Reading

ජනපති වෙන්න හතරක්:අගමැති වෙන්න තුනක් තරඟ බිමේ

නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර මෙම සටන නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් සිවුදෙනාම ජනාධිපතිධුරයට පත්වීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වාර්තා …

Continue Reading

අනුරත් ජනපති තරඟයට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. රටේ වැටි ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩනැගීමට නායකත්වය දීමට පාර්ලිමේන්තු ඇතුලේ ජනාධිපති තේරීමේ තරගයේ දී ජාතික ජල බලවේගය නියෝජනය කරමින් අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරනවා යැයි විජිත හේරත් මහතා පවසයි. ජාතික …

Continue Reading

විපක්ෂ නායක අගමැති ධුරයට පත් කරනවා

විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් එම යෝජනාවට කැමැති බව ද ජයසේකර මහතා කීය. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස්  දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීය.

Continue Reading

නව ජනපති තේරීම දින හතක් ඇතුළත

නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමේ වැඩ කටයුතු සඳහා හෙට පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම සඳහා, රැස්වීමට සාමකාමී වාතාවරණයක් උදා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කතානායක වරයා කීය. දින හතක් වැනි කෙටි කාලයක් තුළදී සියලු වගකිව යුත්තන්ගෙන් සහභාගීත්වයෙන් නව ජනාධිපතිවරයා …

Continue Reading

රනිල් ජනපති ලෙස දිවුරුම් දීමේ කටයුතු සියල්ල සූදානම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල මේ වන විට අවසන් ව ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර අගවිනිසුරුවරයා ඉදිරියේ තව නොබෝ වේලාවකින් රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.  

Continue Reading

ජනපතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය. කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කීය.

Continue Reading

පක්‍ෂය මාරු කරන්න සූදානම්…- රාජිත කියයි..

අවශ්‍ය නම් හෙට දින වුවද තමන් දැන් සිටින පක්ෂය මාරැ කිරීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. තමන් පක්‍ෂය මාරු කලද කිසි දිනෙක ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැති බවද ඔහු පැවසීය. එකම පක්ෂක දිගින් දිගටම සිටීමට තරම් මෙරට කිසිදු පක්ෂයක් උත්තරීතර නැතැයිද ඔහු පෙන්වා දෙයි. දේශපාලඥයන් පක්‍ෂය වෙනුවට තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතු …

Continue Reading

රනිල් පිළිගත් අගමැති කෙනෙක් නම් කරන්න කියයි

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාට  ඊයේ දැනුම් දී ඇත. සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ද දැනුම් දී ඇත. එමෙන්ම කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී …

Continue Reading

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ට අත්සන තබා ඇති බව ප්‍රසිද්ධ පුවත්පත් වාර්තාවල සදහන් වේ. ජූලි මස 13 දිනට එනම් හෙට දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ලිපියේ දින යොදා අත්සන් තබා ඇති බවට වාර්තා වේ. මේ සම්බන්දව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හෙට දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවට වාර්තා වේ.

Continue Reading