ඡන්ද 4 ක් අවලංගු වෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමේ ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු වනවා. ඒ අනුව මේ වන විට ප්‍රකාශිත ඡන්දවලින් 4 ක් අවලංගු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක නිවේදනය කළා. දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා.

Continue Reading

විග්නේෂ්වරන්ගේ සහාය රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ ඡන්ද විමසීම ආරම්භවීමට නියමිතයි.

Continue Reading

රනිල්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විසිවේ

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා. විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. තීන්දුව …

Continue Reading

ඩලස් රනිල් සහ අනුර හෙට ජනපති පොරයට

මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ අනුව නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පළමු නාමයෝජනාව ලෙස විපක්ෂ නායකවරයා විසින් ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් විසින්. දෙවන නාමයෝජනාව ලෙස සභා නායක දිනේෂ් ගුණවර්ධන විසින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ …

Continue Reading

සජිත් ජනපති සටනෙන් ඉවත් වේ.

තමා ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව තමාගේ සහ සමගි ජන බලවේගයේ සහාය විපක්ෂ කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

Continue Reading

කතානායකගෙන් පොලිසියට පැමිණිල්ලක්

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව සමාජ මාධ්‍ය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. කතානායකවරයා ඉදිරිපත් කළ එම ලිපිය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇත. …

Continue Reading

ජනාධිපති ධුරයට නම් කැඳවීම අද

අභිනව  ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා  නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ . ජනාධිපති ධූරය සඳහා   වැඩබලන ජනාධිපතිවරයා ඇතුළු අපේක්ෂකයන් සිව දෙනකු ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග වලින් පැවසේ . පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ 10.00ට  රැස්වීමට නියමිතය

Continue Reading

දූෂණය මැඩලන හැටි අරගලකරුවන්ට දැනුම් දෙනවා

සාමකාමී අරගල නායකයින් රජයට බාර දී ඇති යෝජනාවලියේ සදහන් “මහජන කවුන්සිලය”ඉතා ⁣හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබේ. වංචා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් ද අරගලකරුවන් දිගින් දිගටම චෝදනා නගමින් සිටින අතර ඉදිරියේ දී ආණ්ඩුව දුෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බව ද වැඩබලන …

Continue Reading

පොහොට්ටුවේ තීරණයේ වෙනසක් නැහැ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් පළාත් මට්ටමෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ අනුව පක්ෂයේ තීරණය පිළිබඳව උතුරු නැගෙනහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දැනුම්වත් කෙරේ.  

Continue Reading

දේශපාලනයේ සදාකාලික සතුරන් නෑ

දේශපාලනයේදී සදාකාලික සතුරන් මෙන්ම සදාකාලික මිතුරන්ද නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ අභිනව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී සහය දෙන ආකාරය සම්බන්ධයෙන් කළ විමසුමකදීය. පක්ෂය ගන්නා තීන්දුව අනුව තමා හිට ගන්නා බවද ඔහු සඳහන් කළේය.

Continue Reading