විපක්ෂයේ නිල අයිතිය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක්

විපක්ෂයේ නිල අයිතිය ලබා දෙන්නැයි ඉල්ලා කථානායකවරයාට ලිපියක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා ප්‍රකාශ කළේ, විපක්ෂයේ අයිතිය පිළිබඳව තම මන්ත්‍රී කණ්ඩායම ඊයේ කථානායක කරූ ජයසූරිය මහතා හමුවී සාකච්ඡා කළ බවයි. ඒ අනුව අදාළ ඉල්ලීම ලිඛිතව ලබා දෙන ලෙස කථානායකවරයා තම කණ්ඩායමට දැනුම් දුන් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය. ඩලස් අලහප්පෙරුම මහතා …

Continue Reading

පාතාලයන් 5ක් රැකවලුන් ලෙස සිටින කැබිනට් ඇමැති ගැන පරීක්ෂණයක් කරන්න අගමැතිගෙන් නියෝගයක්

කැබිනට් ඇමැතිවරයකු විසින් පාතාලයේ සාමාජිකයන් පස් දෙනකු සිය රැකවලුන් ලෙස තබාගෙන සිටින්නේ දැයි සෙවීමට පරීක්ෂණයක් පවත්වන ලෙස තමා පොලිසියට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) ප්‍රකාශ කළේය. එවැන්නක් පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා බලා ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙස අදාළ අංශවලට දැනුම් දුන් බවද අගමැතිවරයා කීවේය. අගමැතිවරයා එසේ පැවැසුවේ මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි පද්ම උදයශාන්ත …

Continue Reading

ඇතැම් පොලිස් නිලධාරීන් බොරු චෝදනා මත ස්ථානීය දඩ නියම කරනවා

රථ වාහන පොලිසියේ ඇතැම් නිලධාරීන්, මාර්ග ධාවනය පිළිබඳ වැරැදි සම්බන්ධයෙන් රියැදුරන් හට අසත්‍ය චෝදනා එල්ල කරමින් ස්ථානීය දඩ නිකුත් කරන බවට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ පනත උල්ලංඝනය කරමින් සිදු කරන රථවාහන වැරැදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට, එම වරද සිදු කරන තැනැත්තාට ස්ථානීය දඩ ගැසීමට මෙන්ම අධිකරණ හමුවේ නඩු පැවැරීමටත් පහසුකම් සලසා …

Continue Reading

බැසිල් රාජපක්ෂට අමෙරිකාවට යන්න අධිකරණයෙන් අවසර

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා යාමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නේය. ඒ, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා විසිනි. මේ යටතේ බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 10 වැනිදාත් නොවැම්බර් 10 ත් අතර කාලය තුළ අමෙරිකාවේ සංචාරය සඳහා අවසර හිමි වේ. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක් වැයකර ජී.අයි. පයිප්ප මිලදී ගෙන දේශපාලන කටයුතු සඳහා පලාත් …

Continue Reading

විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ඇරඹෙයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ආරම්භ වේ. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේ යන අයට විරුද්ධව ගොනු කළ චෝදනා අද විශේෂ මහාධිකරණයේ පළමු නඩුකටයුත්ත ලෙස විභාග කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ …

Continue Reading

රජයේ ඉලක්කය සෑම පුරවැසියෙකුටම ඉඩමක්, නිවසක්, ආදායමක් – අමාත්‍ය කබීර් හෂීම්

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාව අවසානයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මෙහෙයවිමෙන් මෙම ඉඩම් ඔස්පු දස …

Continue Reading

ඉන්ධන මිල පහළ නොදැම්මොත් ධීවරයින් වර්ජනයකට සුදානම්

ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා රට පුරා සිටින ධීවරයින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත්,මෙම තත්ත්වයට සාධාරණයක් ඉටු නොවන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයන් පැවැත්වීමට තමන්ට සිදුවන බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා පැවසීය. තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියා සිටියේය. ‘රට පුරා බහු දින යාත්‍රා 4650 ක් පමණ තියනවා.ඉන්ධන මිළ ඉහළ දැමීම …

Continue Reading

තෙල්මිල ගැන මහින්ද රාජපක්ශ මහතා කියන්නේ බොරු බේගල්- මංගල

තෙල් මිල ගැන බොරු බේගල් කියමින් හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභූත චෝදනා නගන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි පඳුරු අස්සේ ඉඳගෙන ආණ්ඩුවට ගල් ගසන්නේ යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවසීය ‘‘හිටපු මුදල් …

Continue Reading

විනය කැඩු ප්‍රසන්න රණවීර සදුදා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සඳුදා (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව වරප්‍රසාද කමිටුව තමා වාචිකව කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි. රටේ මහත් ආන්දෝලනයට …

Continue Reading

කුලීරථ හිමිකරුවෝ කොටුවේ උද්ඝෝෂණයක

කුලී රථ සේවා සඳහා නියාමනයක් සහ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය අද (13) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රියාපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි. වැඩිවූ තෙල් මිලට සරිලන සධාරණ මිලක් ලබාදීම, පාලන මිලක් නියම කිරීම, කුලී රථ සේවා සඳහා ප්‍රතිපත්තියක් …

Continue Reading