අභියෝග වලට බයෙන් අපි යන ගමන වෙනස් කරන්නේ නැහැ.. (වීඩියෝ)

ඇමතිවරුන් වුවද නිසි අධ්‍යාපනයක් හෝ දැනුමක් නොමැති පුද්ගලයින්ගේ විනාශකාරී වැඩවලට කිසිඳු ලෙසකින් ආධාර අනුබල සපයමින් ජනතාව මත බර පැටවීමට තමා කිසිඳු ලෙසකින්වත් ක්‍රියා නොකරන බවත්, අභියෝගවලට බියෙන් කිසිඳු ලෙසකින් අපි අපේ ගමන වෙනස් නොකරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ (25) පෙරවරුවේ අමාත්‍යවරායා මාධ්‍ය වෙත එම අදහස් පල කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර …

Continue Reading

සජිත්ට ඕලෙවල් නැති බව අජිත් පී පෙරේරාම ප්‍රසිද්ධියේ කියන්න පටන් ගනී (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතාට අ.පො.ස.(සාමාන්‍ය පෙළ)විභාගයේ සමත් කමවත් නොමැති බව එම පක්ෂයේම රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අජිත් පී පෙරේරා මහතා හිරු නාලිකාවේ සලකුණ වැඩ සටහනේදී ප්‍රසිද්ධියේම පිළිගත්තේය. සජිත්ට ශ්‍රී ලංකාවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවත් ඔහුට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක උපාධියක් තිබෙන බවට ඔහු සිය නිවසේ ජායාරූප එල්ලාගෙන සිටින බවට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න …

Continue Reading

2015ට එහා ගිය පුළුල් සන්ධානයකට එජාපය සැරසෙයි

රාජපක්ෂ විරුද්ධ බලවේග සියල්ලක්ම එකතු කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය වෙනුවෙන් 2015 ට වඩා පුළුල් සන්ධානයක් ලබන 5 වැනිදා ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණු බොහෝ පිරිසක් මෙම පුළුල් සන්ධානය වටා එක්රැස් වී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. කොළඹ අරලියගහ මන්දිරයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එහිදි වැඩිදුරටත් …

Continue Reading

සජිත්ට තව කල් තියෙනවා, කරූට අවස්ථාව දිය යුතුයි – විද්වතුන් එක හඬින් කියති(වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් මෙම ඉල්ලීම සිදුකළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ, නිහඬ චරිතයක් ලෙස කථානායකවරයා හැඳින්විය හැකි බවයි. දේශාපලනයෙන් ඔබ්බට ගොස් ඔහුගෙන් සිදුවු සේවය ගැන ඇගයීමක් සිදු කල යුතු බව ඒ …

Continue Reading

ජෝතීඥවේදීන් කියූ මඟ යමින් කඩා වැටෙන ප්‍රතිරූපය ගොඩ ගන්න සජිත් ජලනිට ‘ජනපති ආර්යා’ සළු පොරවයි; ප්‍රේමදාස පවුල එන්නේ මොකාටද යන්න පාක්ෂිකයන්ට පෙන්වයි(වීඩියෝ)

ශ්‍රී ලංකාවට ටයර් සෑයවල් මත මිනිස් ජීවිතයක ගමනාන්තය කෙළවර කිරීමේ මිලේච්ඡ සංස්කෘතිය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයට කළු පැල්ලම් එක් කළ ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස සහ පවුල යළිත් පවුල පිටින් අවදිවන්නට පටන්ගෙන ඇති අතර ඒ රණසිංහ ප්‍රේමදාසගේ කුප්‍රකට පුත් සජිත් ප්‍රේමදාස කඩිමුඩියේ ඇඳගන්නට යන ජනාධිපති චරිතයත් සමඟය. සියල්ලටම වඩා පවුල් පසුබිමෙන් එන ජෝතීඥවේදය සහ මලයාලී ගුරුකම් විශ්වාසකරන ප්‍රේමදාසලාගේ …

Continue Reading

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් ‍රැස්වීමේදී රවීගෙන් මංගලට අපුරු පාඩමක්

සීතල යුද්ධයක් ලෙස පැවැති රවී මංගල ගැ‍ටුම මේ වන විට සජිත් නිසාවෙන් එළිපිට ගැ‍ටුමක් දක්වා වර්ධනය වෙමින් පවතී. මෙහි උණුසුම් අවස්ථාවක් පසුගිය දිනක වාර්තා විය. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් ‍රැස්වීම අතරවාරයේදී විදුලිබල ඇමැති රවී කරුණානායක විසින් විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල්, මුදල් අමාත්‍යංශය විසින් ලබා දීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් කළේය. (පසුගියදා මෙම …

Continue Reading

එක්සත් ජාතික පක්ෂය තුළ ඩබල් ගේම්, ඩීල් නැහැ.. (වීඩියෝ)

“එක්සත් ජාතික පක්ෂය නිවැරදි අවස්ථාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය තින්දු තීරණ අරගෙන කටයුතු කරනවා. සමහර පිරිස් රේස් දුවන්න පටන් අරන් තියෙන්නේ, ඔවුන්ගේ අදක්ෂතාවය වහගෙන ඉදිරියට එන්න උත්සායහක් වශයෙන්. එ.ජා.ප.ය බොහෝම වගකීමෙන් කියන්නේ අපේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ප්‍රමුඛ සමස්ත පක්ෂයම ඒකරාශීවෙලා තමයි ජනාධිපතිවරණය වෙනුවෙන් තිරණ ගන්නේ. එහෙම නැතිව එක් පුද්ගලයෙක්ට අවශ්‍ය විදියට අපේ පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ නැහැ. පක්ෂයක් හැටියට අපි රටේ සහ …

Continue Reading

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර ප්‍රතිපත්තිමය කරුණු 25කට එකඟතාවය! මැතිවරණය අනුව තරඟ කරන නම, ලකුණු වෙන වෙනම!(විඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවලදී මේ වන විට ප්‍රතිපත්තිමය කරුණු 25කට සහ සන්ධානයේ නාමයට මූලික වශයෙන් එම පක්ෂ දෙකෙහි නායකයින් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මූලික එකඟතාවයකට පැමිණ ඇතැයි ශ්‍රීලනිපය නියෝජනය කරමින් සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා …

Continue Reading

ශ්‍රීලනිපය සමඟින් පොහොට්ටුව අලුත් ගමනකට සැරසෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සකස් කරන සන්ධානයේ නම වශයෙන් ‘‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ‘ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන’’ යන්න යෝජනා වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. එම පක්ෂ මූලස්ථානයේ අද(04) පැවති මාධ්‍ය හමුවකදී සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන …

Continue Reading

එජාපය මරණ දඬුවමට එරෙහි වෙයි

පරපණ නැසීම එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහාය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (30) පැවසීය. පසුගිය ජනාධිපතිවරණ ජයග‍්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප‍්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයත්, මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ එක්සත් සන්ධානයත් මරණ දඬුවම යළි ක‍්‍රියාත්මක කරළීමට එකඟ නැති බව …

Continue Reading