ජනාධිපතිවරණය 2024:මැතිවරණ කොමිෂන් සභාවේ නිල අදහස මෙන්න !

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක අද (ජුලි 16 වැනිදා) ප්‍රකාශ කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම, මහජනතාව සහ සිවිල් සංවිධාන අතර විශේෂ උනන්දුවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය. මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට …

Continue Reading

රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි

රට ඉදිරියට ගෙන යන  ආර්ථික රාමුව බිඳ දැමීමට ඇතැම් පිරිසක් උත්සාහ කරනවා – ජනපති නීතිඥවරුන් සමඟ පැවති  හමුවේ දී පවසයි. සිවිල් යුද්ධය ජය ගත් මහින්ද ජනාධිපතිට එදා ලබා දුන් සහාය අද ආර්ථික යුද්ධය ජයගත් ජනපති රනිල්ට ද ලබා දිය යුතුයි  – අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා. ජනපතිගේ නායකත්වය ඉදිරියටත් රටට අවශ්‍යයි – නීතිඥවරුන් පවසති. සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන …

Continue Reading

දේශපාලනයේ වෙනස් මත දැරුවත් රට වෙනුවෙන් එකට වැඩ කළ යුතුයි

පසුගිය වසර දෙක තුළ දේශපාලනයෙන් තොරව වැඩ කළ නිසා රටට ජයග්‍රහණ රැසක් ලබා දීමට හැකි වුණා – මහවැලි එච් සහ හුරුළුවැව කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ජනපති පවසයි. සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාව‍ට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළගොඩනඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ …

Continue Reading

දේශපාලන ගේම්වලදී රනිල්ට මහින්ද එක්ක හැරෙන්නවත් බෑ – අනුර

රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ‘ගේම්කාරයෙක්‘ හෝ කපටියෙක් නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කළ සියලුම ගේම් අසාර්ථක වූ බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පැවසුවේ ජනාධිපතිවරණය වැළැක්වීමට ඔහු කළ සැලසුම් සියල්ල අසාර්ථක වන බවත්ය. ජනාධිපතිවරණය නියමිත කාලය තුළ පැවැත්වීම පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු පාර්ලිමේන්තුවට කියා සිටියේ ජනාධිපතිවරයාගේ ධුර …

Continue Reading

අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව දැන් මොකද කරන්නේ ?

අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වන විට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය. එවැනි තත්ත්වයක් රටේ ඇති වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව අභියෝගය බාරගෙන රට ගොඩනැගීමට කටයුතු කළ නිසා බව ද ඒ මහතා සඳහන් කළේය. වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. …

Continue Reading

ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් සන්ධානය SJB සමග සන්ධානගත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව (NJS) සමගි ජන බලවේගය (SJB) සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙන  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි මිරර්‘ වාර්තා කර ඇත.

Continue Reading

රට අස්ථාවර කරන්නේ කවුද ? – වජිර ඒ පිරිස ගැන හෙළි කරයි

වර්ජකයන් ඉල්ලන ආකාරයට වැටුප් වැඩිකිරීමට නම් 18% වැට් බද්ද 21%ක් කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන. මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපොහොසත් ඇතැම් පාර්ශ්ව වැඩවර්ජන ආරම්භ කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. බොරු පොරොන්දු ලබාදෙන කණ්ඩායම් කව්රුන් ද යන්න ජනතාව හඳුනාගත යුතු බවත් යළිත් වරක් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකි …

Continue Reading

වැඩවර්ජනවල හානිය කාටද ? – කනක හේරත් කියන කතාව

මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩවර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. මෙම වර්ජන, උද්ඝෝෂණ මඟින් බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබෙමින් තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය පිළිතුරු සැපයිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ …

Continue Reading

ජනපති මැතිවරණ කොමසාරිස්ට කළ දැනුම් දීම

නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී  කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  සංඝ මූලස්ථානය  වෙත …

Continue Reading

‘ලේනව‘ ගැන SJB මාධ්‍ය ප්‍රකාශක හෙළකළ රහස

ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කළ චමින්ද්‍ර දයාන් ලේනව මහතා සමග තම පක්ෂයට කිසිදු සම්බන්ධයක් නොමැති බව SJB මාධ්‍ය ප්‍රකාශක සුජීව සේනසිංහ මහතා අද (05) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. “සමහරු ලෙනව SJB එකත් එක්ක සම්බන්ධ කරන්න හදනවා. අපිට එයා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. එයාව අපිත් එක්ක සම්බන්ධ කරන්න හදන අය මඩ ගහන එක විතරයි කරන්නේ” සේනසිංහ අවධාරණයෙන් …

Continue Reading