රට තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට සහය වන්නැයි රජයෙන් ඉල්ලීමක්

කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කර සිටී.  එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස දැක්වේ. මේ වන විට ලෝකය පුරා රටවල් රැසක් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතියි. එය පාලනයට  රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ. කොරෝනා වෛරසය මෙරට දී …

Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාධිත ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කරයි. 52  හැවිරිදි  මෙම පුද්ගලයා  සංචාරක මග පෙන්වන්නකු ලෙස ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට  සේවා සපයා ඇති බවත් ඔහුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව ඊයේ (10)  තහවුරු කරගත් බවත් ආසාධිතයා සහ ඔහුගේ සංචාරක කණ්ඩායම ගමන් …

Continue Reading

කොරෝනා වෛරසයෙන් ආසියානු කාන්තාවන්ට සිදුවන බලපෑම: අංශ 05ක් යටතේ

චීනය තුළ කොරෝනාවෛරසය පැතිරීමට පටන්ගත් තැන සිට ආසියාව පුරා දස දහස් ගණනක් ආසාදිත වී හෝ මරණයට පත්වී ඇති අතර ලොව පුරා එය ව්‍යාප්තවෙමින් පවතී. වෛරසයට එරෙහි සෞඛ්‍යමය සටන මෙන්ම සාමාජයීය බලපෑම සුවිශේෂී තැනක් ගන්නා අතර ආසියාව පුරා කාන්තාවෝ විෂම ආකාරයෙන් බලපෑමට ලක්ව සිටිති. “අර්බුද සැමවිටම ස්ත්‍රී පුරුෂ අසමානතාව අවුස්සනවා,” යැයි එක්සත් ජාතීන්ගේ ‘ආසියා ශාන්තිකර කලාපීය එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ’ (UN Women Asia …

Continue Reading

වත්මන් රජයටත් ඖෂධ ජාවාරම නවතා දැමීමට නොහැකියි – GMOA

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න යටතේ ආරම්භ වූ ඖෂධ ජාවාරම වර්තමාන ආණ්ඩුවට නවතා දැමීමට තවමත් නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය. ඖෂධ හිඟයක් තිබෙන බවට වර්තමාන ආණ්ඩුවට පෙන්වා දුන් පසු එය පිළිගැනීමට ආණ්ඩුව කටයුතු කළත් ඖෂධ හිඟයට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවද අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අලුත්ගේ මහතා වැඩි දුරටත් …

Continue Reading

නිරෝධායන කටයුතු වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ – රජය සහතික වෙයි

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ගේ නිරෝධායන කටයුතු වෙනුවෙන් කිසිදු ගාස්තු අයකිරීමක් සිදු නොකරන බව රජය තහවුරු කරයි. අද (10) දින නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත පරිදිවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන මගීන් නිරෝධයනය කිරිමේ වැඩපිලිවෙල දකුණු කොරියාවේ සිට අද (10) පැමිණි ගුවන් මගීන්ගෙන් ආරම්භ කරනු ලැබීය. ඒ …

Continue Reading

මෛත්‍රී වෙනුවෙන් කෑ ගසන්නේ කුඩු කෑ අයයි – ඇමති ප්‍රසන්න වීරකුමාරට කියයි

මෛත්‍රීට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය දෙන්නට එපා යැයි තමන් කී විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ එවුන් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දී මෛත්‍රීගේ තුරුළට ගිය වීරකුමාරලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබද ව කථා කීරීමට අයිතියක් නොමැති බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර …

Continue Reading

රවීගේ පෙත්සම හෙට සළකා බලන්න තීන්දු කරයි

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙනකු ගොනුකළ පෙත්සම් හෙට (11දා) දිනයේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. ඒ අනුව ඔවුන්ව හෙට (11දා) තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයකද අභියාචනාධිකරණය නිකුත් කළේය.

Continue Reading

රවීගෙන් රීට් පෙත්සමක්

තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට අද (10) රිට් පෙත්සමක් ගොනු කළා. නීතීඥ ගෞරී තවරාසා මගින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඇතුළු එම අධිකරණයේ පිරිසක් නම් …

Continue Reading

කොරෝනා නිරෝධායනයේදී කන්න දෙන්න ගාස්තු අය කරන තීන්දුව හකුළා ගනී

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට ලක් කිරීමේදී දින 14ක කාලය තුළ එක් පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය ගත් තීරණය අත්හිටුවා තිබෙනවා. රජය මීට පෙර සඳහන් කළේ අදාළ පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය කරන අතර දිනකට ආහාර වේල් තුන බැගින් ලබාදිමට මෙම මුදල අය කරන බවයි. මේ පිළිබඳව …

Continue Reading

මාතලේ රෝහිණීට සජිත් පිළෙන් කැපිල්ලක්: ඇත්ත හේතුව රෝහිණීම කියයි

සජිත් පේ‍්‍රමදාස නිවාස ඇමැතිකම් දරන සමයේ බෙදා දුන් සිමෙන්ති ගෙවල්වලින් රුපියල් 500 බැගින් එකතු කර නොදුන් නිසා තමාට එරෙහිව මාතලේ දිස්ත‍්‍රික්කය තුළ දේශපාලන කැපිල්ලක් ක‍්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය තුළ තව දින කිහිපයකින් දැඩි තීන්දුවක් ගැනීමට තමාට සිදුවන්නේ යැයි මාතලේ දිස්ත‍්‍රික් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිණි විජේරත්න මහත්මිය පැවසුවාය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විජේරත්න මහත්මිය කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු …

Continue Reading