Covid 19 – අද දින දේශීය නිල පුවත් එකතුව

උසස්පෙළ – ශිෂ්‍යත්ව අයැදුම්පත් කැඳවීම මාර්තු 31 තෙක් කල් යයි මේ වසරේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසාන දිනය මාර්තු 31 දින දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් විභාගයට අයැදුම් කිරීමට නොහැකි වූ අපේක්ෂකයන් වේ නම් ඔවුන් අන්තර්ජාලයෙන් පමණක් අයදුම් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් …

Continue Reading

රියදුරු බලපත්‍ර ආශ්‍රිත කටයුතු හා විභාග මාර්තු 31 දා තෙක් අත්හිටුවීමට පියවර

කොරෝනා (COVID-19) වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කළ හැකි වන පරිදි, මහජනයා කණ්ඩායම් ලෙස එක්රැස් වීම වලකන සියලු අවස්ථාවෝචිත ක්‍රියාමාර්ග ගැනීම රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර ඇත. ඒ අනුව, එහි මුලික පියවරක් ලෙස රියදුරු බලපත්‍ර ලබාගැනීම, අලුත්කිරීම හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මහජනතාව වේරහැර රියදුරු බලපත් ප්‍රධාන …

Continue Reading

ශ්‍රී ලංකාව තුළ කොරෝනා විද්‍යාත්මකව පාලනය කිරීම සඳහා පවතින අභියෝග මොනවාද ?

රවී කුමුදේශ් – සභාපති – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය කොරෝනා පැතිරුනොත් ඒ වරද කාගේද? රෝග නිරෝධායන ක්‍රියාවලියේදී මෙම රෝගය පාලනය කිරීම සඳහා යෙදිය යුතු අවධානය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂියක් සපයන අතර එය වනාහි ඉතාලියේ සිට පැමිණි ශ්‍රමිකයන්ගේ තරාතිරම, අධ්‍යාපනය හෝ හැසිරීම මත පටවමින් වගකීමෙන් බැහැර වීමට සෞඛ්‍ය අංශයට නොහැකිය ඉතාලියේ සිට පැමිණි විදේශ ශ්‍රමිකයන් නිරෝධායනය වන අවස්ථාවේ පසුවන ශ්‍රී ලංකාව, …

Continue Reading

ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් (ප්‍රදූත) සේවා සීමා කිරීම

එක්සත් රාජධානිය, බෙල්ජියම සහ නෝර්වේහි ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් (ප්‍රදූත) සේවා සීමා කිරීම කෙරෝනා වෛරසය (COVID-19) සම්ප්‍රේෂණය වීම සීමා කිරීම සහ අලුතින් නම් කරන ලද රටවලට පනවා ඇති සංචාරක සීමාවන් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා, විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් මාර්තු 15 වන දින මධ්‍යම රාත්‍රි පැය 2359 සිට බ්‍රසල්ස්, ලන්ඩන් සහ ඔස්ලෝහි දූත මණ්ඩල මඟින් සපයන …

Continue Reading

කොරෝනා ජය ගන්න සාක් රාජ්‍ය නායකයින් ගත් තීන්දු මොනවාද ?

කොරෝනා ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුයි – ශ්‍රී ලංකා ජනපති කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් – ඉන්දීය අගමැති සාක් රටවලට පොදු රාමුවක හිඳිමින් ප්‍රශ්නය ජය ගත හැකියි – ඇෆ්ගනිස්ථාන ජනාධිපති සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා ආර්ථිකය කඩා වැටිලා – මාලදිවයින ජනාධිපති අභියෝගය ජය ගන්එන කව ක්‍රියා කළ යුතුයි – බංග්ලාදේශ් අග්‍රාමාත්‍ය ෂෙයික් …

Continue Reading

ඉතාලියේ සිට පැමිණි තවත් 7කට කොරෝනා: මුළු ගණන 18 නගී

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කියයි. ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයට යොමු කළ පිරිමින් වන අතර මෙම රෝගීන් සියලු දෙනාම මේ වන විට පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේ.

Continue Reading

මහ මැතිවරණ සැලසුම් කළ පරිදිම – ජනපති

සාර්ක් කලාපීය රටවල සෙසු නායකයින් අද (15) සවස වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා සාකච්ඡුා කළහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම සාකච්ඡාව අමතා සිය අදහස් දැක්වූ අතර එහිදී ජනපතිවරයා කියා සිටියේ මහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බවයි. වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝන වෛරස වසංගත …

Continue Reading

11 වැනි ශ‍්‍රී ලාංකික කොරෝනා ආසාදිතයා IDH රෝහලට

කොරෝනා වයිරසය ආසාදිත 11 වැනි ශ්‍රි ලාංකිකයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සදහන් කළ අතර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව තහවුරු කර ඇත. අනිල් ජාසිංහ මහතා සදහන් කළේ කොරෝනා වයිරසය ආසාදිත මෙම පුද්ගයා 45 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බවත් ඔහු මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය …

Continue Reading

ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මකයි – වසංගත රෝග විද්‍යාඥ නිහාල් අබේසිංහ

උෂ්ණාධික රටවල මෙම රෝගය පැතිරීම අවමයි කියලා මතයක් තිබෙනවා. ඒවා කල්පිතයන් පමණයි. තවම 100%ක් තහවුරු කරගෙන නැහැ. උෂ්ණාධික තත්වය වෛරසය පැතිරීමට බලපාන්න පුළුවන්. නමුත් එනිසා වෛරසය පැතිරෙන්නේ නැහැ කියලා කියන්න බැහැ ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මකයි.. ප‍්‍රමාද නොවී ආණ්ඩුව සහ සෞඛ්‍ය අංශ අත්‍යාවශ්‍ය ක‍්‍රියාමාර්ගවලට යොමු වුවහොත් වසංගතයෙන් බේරෙන්න පුළුවන්’ යැයි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු …

Continue Reading

කොරෝනා මර්ධනයට අධික දඩ සමග ඕස්ට්‍රේලියාවෙන් නව නීති

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලු දෙනාට දින 14 ක් ස්වයං හුදෙකලා වීමට සිදුවන නව නීති අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයට අද (14) ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ සමග මගී නැව් පැමිණීම අවම වශයෙන් දින 30 කටවත් තහනම් කරන බව ද ස්කොට් මොරිසන් නිවේදනය කළේය. ඔහු සදහන් කළේ කොරෝනා වෛරසය තම රාජ්‍ය තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමට ගන්නා මෙම පියවර ගන්නා බවයි. මොරිසන් සිඩ්නි නුවරදී මාධ්‍යවේදීන් …

Continue Reading