සුළු පක්ෂ සජිත්ගෙන් මස් රාත්තලම ඉල්ලයි – පක්ෂ රැසක ජාතික ලැයිස්තුවට මරා ගනියි !

මහ මැතිවරණ ප්‍රතිඵලවලට සාපේක්ෂව හිමිවන ජාතික ලැයිස්තු කෝටාවෙන් පාර්ලිමේන්තුවට පත් වීමට පක්ෂ කිහිපක ජාතික ලැයිස්තු අපේක්ෂකයින් අතර බරපතළ ගැටුම් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. මෙහි බරපතළම ගැටුම වාර්තා වී ඇත්තේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයෙන් සහ අපේ ජන බලවේගය පක්ෂය තුළයි. මෙම පක්ෂ දෙකටම මහ ජනතාවගෙන් ඡන්දයෙන් එකම මන්ත්‍රීධුරයක් හෝ දිනා ගැනීමට නොහැකි වුව ද ජාතික වශයෙන් දිනාගත් සුළු …

Continue Reading

‘එජාප නායකත්වයට මංගල ගේන්න’ පක්ෂ ප්‍රබලයෝ සහ තරුණ බලවේග බරටම වැඩ

මංගල තමයි එකම විකල්පය. දැන් බල අරගලයේ ඉන්න කිසිම කෙනෙකුට අති බහුතර රාජපක්ෂ ආණ්ඩුවට අභියෝග කරන්න බැහැ. 1956 දී, 1970දී ජේ.ආර්. ජයවර්ධන කළා වාගේ හතර වටෙන්ම වට කරලා ආණ්ඩුවට අභියෝග කරන්න පුළුවන් ශක්තිය හා උපායශීලීත්වය තියෙන්නේ මංගලට පමණයි. ඔහුට අභියෝග කරන්න, තර්ජනය කරන්න ආණ්ඩුවට බැහැ. ඒත් ඔහුට සියලු අංශවලින් ආණ්ඩුවට අභියෝග කළ හැකියි පසුගිය මහ මැතිවරණයෙන් නින්දා සහගත පරාජයක් ලැබූ …

Continue Reading

නව අමාත්‍ය මණ්ඩලයට 26යි – සදුදා දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන සදුදා (10) දින මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. නව අමාත්‍ය මණ්ඩලය 26 දෙනකුට පමණක් සීමා වනු ඇති බයි ආරංචි මාර්ග සදහන් කරන්නේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස 09 වැනිදා නැවත දිවුරුම් දීමට නියමිත අතර අගෝස්තු මස 20 වෙනිදා නව පාර්ලිමේන්තු සැසිය ආරම්භවීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශ …

Continue Reading

රත්නපුර, දකුණ, මොනරාගල, මහනුවර සහ මඩකළපුව මනාප ලැයිස්තුව

රත්නපුරය දිස්ත්‍රික්කය – මරණ දඩුවම නියම වූ ‘චොකා මල්ලි’ දෙවැනි තැනට මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර 08ක් ද සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 03ක් ද දිනාගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු තැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහ්තිමය විසින් ද පසුගිය 2015 ජනාධිපතිවරණයේදී පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පසුගිය දා මරණ දඩුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර …

Continue Reading

2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය;පොහොට්ටුව ඉල්ලූ 2/3 ජනවරම ලැබෙයි

ඡන්ද 6,853,690 ක් ලබා ගනිමින් 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඔවුන්ට හිමි වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි. ඒ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට අවශ්‍ය අයුරින් රට කිරීමට තුනෙන් දෙකක බහුතරයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම ඉටු කරමිනි. මැතිවරණයේදී ඡන්ද 2,771,980 ක් ලබා ගත් සමගි ජන බලවේගය දෙවන ස්ථානයට පත්ව තිබේ. ඔවුන්ට හිමිවූ …

Continue Reading

කෑගල්ල දිස්ත්‍රික්කය පොහොට්ටුව 7/2ක් ලෙස ජය ගනී

කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9/7ක ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය විසින් දිනා ගත් මන්ත්‍රීධුර සංඛ්‍යාව 2ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 331,573ක් (68.29%)(7)ක් ද සමගි ජන බලවේගය ඡන්ද 131,317 (26.25%)(2) ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 14,033 (2.81%) ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 12,168ක් (2.43%) දිනා ගත්තා.

Continue Reading

බදුල්ල දිස්ත්‍රික්කය – පොහොට්ටුවට 6යි – දුරකථනය 3යි

එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වන බදුල්ල දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ සමස්ත මන්ත්‍රීධුර 9/6ක් ජයග්‍රහණය කරමින්. සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 3ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 309,538 (62.06%) ක්ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 144,290ක් (28.93%) ක්ද ජාතික ජන බලවේගය විසින් ඡන්ද 19,308ක් (3.87%)ක් ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද …

Continue Reading

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9/7ක් පොහොට්ටුවට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9න් 07ක ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 02ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 344,458ක් (67.95%) ද, සමගි ජන බලවේගය විසින් ඡන්ද 119,788 (23.83%) ක්ද දිනා ගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 24,492ක් (4.83%) ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 8254 (1.63%) දිනා ගත්තා.

Continue Reading

එජාප බලකොටුව නුවරඑළියේ ජයත් පොහොට්ටුවට – එජාපයට ඇපත් නෑ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 8/5ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 3ක් ජයග්‍රහණය කළ අතර එක්සත් ජාතික පක්ෂයට එකදු මන්ත්‍රීධ්‍රරයක් හෝ දිනා ගැනීමට නොහැකි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 280,389 (54.47%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 132,008 (31.21%)ක් ද දිනා ගත් අතර එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 12,974ක් (3.07%) දිනා …

Continue Reading

කලුතරින් පොහොට්ටුවට මන්ත්‍රීධුර 10/8ක්

කලුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 10/8ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධූර 02ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කලුතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 448,699ක් (64.08%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 171,988ක් (24.56%)ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 33,434ක් (4.77%) ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 16,485ක් (2.35%) ද දිනා ගත්තා.

Continue Reading