Zany Inzane අංධයෝ Freestyle Video : ‘කැපුවා රජෙක් පොල් පිත්තක… හැදුවා රටක් චීනේනේ කන’

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරිත්වය ඉතාමත් නිර්දය ලෙස ප්‍රශ්න කරන පදමාලාවකින් යුක්ත Zany Inzane නම් රැප් ගායන ශිල්පියා විසින් ගායනා කරන “අංධයෝ” නම් Freestyle Video මියුසික් වීඩියෝව පසුගිය මාර්තු 31දා යූටියුබ් වෙත මුදාහරින ලද අතර එය මේ වන විට යූ ටියුබ් පරිශීලකයින් අතර අතිෂය ජනප්‍රිය වෙමින් පවතී. Zany Inzane යනු වත්මන් තරුණ පරපුර අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති සිංහල රැප්/හිප්හොප් …

Continue Reading

එඩින්බරා හි ආදිපාදවරයාගේ 99 වසරක ජීවන ගමනේ රසමුසු තැන්

එඩින්බරාහි ආදිපාදවරයා වූ ෆිලිප් කුමරු, සිය බිරිඳ වන එලිසබෙත් රැජින වෙනුවෙන් අඛණ්ඩව සහ නොසැලී දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් ලොව පුරා උපහාරයට පාත්‍ර විය. පුළුල් විෂය දහරාවක් සම්බන්ධයෙන් ශක්තිමත් දැක්මක් සහිත, එසේම නාවික හමුදා අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කර ඇති පුද්ගලයකුට පමණක් නොව ඕනෑම තැනැත්තකුට එම භූමිකාව අතිශයින් දුෂ්කර වගකීමක් විය. ඔටුන්න දරන රැජින වශයෙන් සිය බිරිඳට මුළු හදවතින් සහයෝගය දීමට …

Continue Reading

ඇමේසන් වනයේ අතරමං වූ ගුවන් නියමුවකු දින 36කට පසු මිනිසුන් අතරට !

ඉහළ ඡායාරූපය – අන්තෝනියෝ ඔහු බේරා ගැනීමට උදව්වූ ගොවීන් පිරිසක් සමඟ බ්‍රසීලයේ ඈත වැසි වනාන්තරයක දුරස්ථ වනගැබක් මැද අතරමංව හුදෙකලා වූ අන්තෝනියෝ සෙනා (Antonio Sena) අඩුතරමින් ජීවිතයේ වඩාත් බියකරුවන්නේ කුමක්ද? යන්න තේරුම් ගත්තේය. ”මහා ඇමසන් වනය මැද ගොදුරු ලුහුබඳිමින් සැරිසරන බියකරු සතුන්-දකුණු ඇමෙරිකානු ජගුවරයන් (jaguars) කිඹුල්ලු සහ ඇනකොන්ඩාවන්” එහෙත් එවැනි බියකරු වනගැබක අතරමංව සිටි තිස්හය හැවිරිදි ගුවන් නියමුවා මරණීය අනතුර …

Continue Reading

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි ? ඇත්ත හේතු මෙන්න !

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර වගා බිම් පවත්වාගෙන යාම හේතුවෙන් 2011 වසරේ දී යෝජනා කළ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය වසර 10 ක් ගත වී ඇතත් තව ම ප‍්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදෙයි. …

Continue Reading

Virtual assistants: ‘කෝටානා’ සමු ගනී – ‘සිරිට’ අලුත් හඬක්

මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘කෝටානා’ (Cortana) ජංගම දුරකථනවලින් විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගම ‘වින්ඩෝස් 10’ (Windows 10), අවුට්ලුක් (Outlook) සහ ටීම්ස් (Teams) හි ඵලදායිතාව වැඩි කිරීමට සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. අපගේ විධානයන්ට සහ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් කාර්යයන් සහ සේවාවන් ඉටු කර දෙන පරිගණක මෘදුකාංග වර්චුවල් සහායකයන් (Virtual assistants) ලෙස හැඳින්වේ. ඇපල් හි ‘සිරි’ සහ ගූගල් …

Continue Reading

‘කිරු‍ළ ගැලවුවත් රැජින ඇයයි’ ප්‍රධාන සංවිධායක සහතික වෙයි

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ ලබාදීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගත් බව ශ්‍රී ලංකා විවාහ රූ රැජින තේරීමේ තරගයේ ප්‍රධාන සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා අද (5) මාධ්‍ය වෙත පැවසුවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිමාල් ජයසිංහ මහතා මෙසේ ද ප්‍රකාශ කළා. ‘‘ඊයේ රාත්‍රි යේ සිදු වූ ඒ සිදුවීම ගැන අප සැබවින්ම කනගාටු …

Continue Reading

අප්‍රේල් මාසයේ දී ප්‍රදර්ශනය වන වැඩිම අවධානයක් දිනාගත් ජාත්‍යන්තර සිනමා පට

කොවිඩ් වසංගතය නිසා දැඩි බලපෑමකට ලක්වුණ කර්මාන්ත අතර චිත්‍රපට කර්මාන්තය ප්‍රමුඛයි. හොලිවුඩයේ සිට බොලිවුඩය දක්වාත් සෑම රටකම පාහේ දේශීය සිනමාවත් කොවිඩ් වසංගතය සමග දැඩි අර්බුදයකට ලක් වුණා. චිත්‍රපට කර්මාන්තය කොතරම් අර්බුදයකට මුහුණ දුන්නත් තිරගත වීමට සූදානම් කළ චිත්‍රපට විකල්ප මාධ්‍ය ඔස්සේ තිරගත වුණා. අපි ඔබට මේ ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර වශයෙන් නිකුත් වී ඇති මේ මාසයේ ඔබට නැරඹීමට හැකි සුපිරිම චිත්‍රපට …

Continue Reading

මිනිස් රුධිරය අඩංගු ‘සාතන් සපත්තුවලට’ Nike නඩු පවරයි

මතභේදාත්මක “සාතන් සපත්තු” යුගලයක් සම්බන්ධයෙන් නයිකි (Nike) සමාගම එක්සත් ජනපදයේ බෲක්ලින්හි කලා සමූහයක් වන MSCHFට එරෙහිව නඩු පවරා තිබේ. යටිකුරු කුරුසියක්, පස්කොන් තරුවක් සහ “ලූක් 10:18” යන වචන කෙටූ පාවහන් යුගල ඩොලර් 1,018කට (රුපියල් 202000කට වැඩි) මිල කර තිබූ අතර එය වෙනස්කරන ලද ‘නයිකි එයාර් මැක්ස් 97’ පාවහන් භාවිත කර නිපදවා තිබේ. MSCHF කලා සමූහය රැප් ගායක ලිල් නාස් එක්ස් …

Continue Reading

‘ඇඳ’ ගැන ඔබ නොදැන සිටි කතා 13ක්

ඇඳ‘ කියන්නේ අපේ ජීවිතවලට නැතිවම බැරි දෙයක්. එය ඒ තරමට අපට සමීපයි. අත්‍යවශ්‍යයි. උදාහරණයක් ලෙස දිගු ගමනකින් පසු, තමාගේම ඇඳකට නැගීමට වඩා හොඳ දෙයක් තවත් නැහැ.  ඇඳ කියන්නේ ඊටත් වඩා බොහෝ සුවිශේෂ ගෘහ භාණ්ඩයක් මේ එහි සුවිශේෂත්වය ගැන ඔබ නොදැන සිටි කරුණු 13ක් 1. මෙට්ට මීට වසර 77,000 කට පෙර පැවතුනි ඇඳ සහ මෙට්ටය අතර තිබෙන්නේ ගසට – පොත්ත වාගේ …

Continue Reading

නලින්වාදියෝ ධර්මපාලතුමාගේ නොව ‘දොන් ජුවන්ගේ’ අනුගාමිකයෝ ද ?

අනගාරික ධර්මපාලතුමා ‘ස්වරාජ්‍ය පාලනය’ යන මැයින් 1911 සැප්තැම්බර් 09 දින ‘සිංහල බෞද්ධයා’‍ පුවත්පතට ලියූ ලිපියේ මෙසේ සඳහන් කළේය. ‘ශිල්ප කර්මාන්ත ඉගෙනීමට වීර්යය කළ යුතුයි. ලංකාවේ දිසාපාමොක් ආචාරීන් දැනට නැත. ශිල්ප ශාලාද නැත. මේ ශිල්ප ශාලා ඇති රටවලට ගොස් ශිල්ප කර්මාන්ත ඉගෙන ගත යුතුයි. ශිල්ප කර්මාන්ත විද්‍යා දැන සිටින ජාතීන් වර්ධනය සිටින බව අපට පෙනෙන්නට තිබේ. වර්ෂ 1870 දී ජපන් ජාතිකයන් …

Continue Reading