GMOA වෙතින් බරපතළ ප්‍රකාශයක් !

කොවිඩ්-19 අවදානම් මට්ටම්වල 4 වැනි මට්ටමට රට පත්ව ඇති බව ප්‍රකාශ කර එම මට්ටමට අනුව ගත යුතු ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (16) නිකුත් කළ නිවේදනයක් මගින් රජයෙන් ඉල්ලා සිටී. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා සමාජය තුළ පුද්ගල සංසරණය 80%ත් 90%ත් අතර ප්‍රමාණයකින් අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින එම සංගමය පවසන්නේ ඊට අදාළ පියවර කොවිඩ් කාර්ය …

Continue Reading

රජයට බලකිරීමෙන් පළක් නෑ – ‘දැන් සම්පූර්ණ වගකීම ජනතාව අතේ‘: PHI සංගමය

‘ඇත්තටම ඊයේ දිනයේ නව සංචරණ සීමා පැනවීමක් නෑ. ඒ නිසා අපි මින් ඉදිරියට රට තුළ සංචරණ සීමා පැනවීම හෝ එවැනි තීරණ ගන්න රජයට බලකරන්නේ නෑ. අපි රටවැසියන්ගෙන් ආයාචනා කරන්නේ නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැස්කරගෙන නිවෙස්වලට වී සිටින්න කියලයි‘‘ මේ කාරුණික ආයාචනය කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතායි. වත්මන් කොවිඩ් වසංගතයේ සැබෑ තත්ත්වය මනාව දන්නා එම සංගමය අද …

Continue Reading

සති දෙකකට රට ‘ලොක්ඩවුන් කළ නොහැකි නම් ලොකප් කරන්න‘

වත්මන් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට සම්පූර්ණයෙන්ම වසා දැමීම කළ නොහැකි නම් “ලොකප්” හෙවත් පුද්ගල සංචරණය පාලනය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. වත්මන් කොවිඩ් ව්‍යාප්තිය හා එය පාලනයට ගත හැකි මග පිළිබදව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණයෙන් කියා …

Continue Reading

‘මේ මහා විනාශය මුල සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය‘ – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් තීරණ නොගැනීමත්, තීරණ ප්‍රමාද කිරීමත්, ගජ මිතුරු සමාගම් වලට අවැසි පරිදි තීරණ ගැනීමත්, හේතුවෙන් රටට අත්වී ඇති විනාශය පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබා දිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. අද (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළ එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල කරමින් ගිය ගමන හේතුවෙන් රට …

Continue Reading

‘වහාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළොත් දින 20ක් තුළ අමතර මරණ 1,200 ක් වළකා ගත හැකියි’

වහා රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ අමතර මරණ 1,200 ක් වත් වළක්වා ගත හැකි බව ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පුරෝකථනය කළ හැකි දත්ත ඒ බව පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි. මිනිස් ජීවිත බේරා ගැනීමේදී කඩිනම් තීන්දු තීරණ ගැනීම අතිශය තීරණාත්මක බව ඔහු පෙන්වා දෙයි. “තීරණ ගැනීමේදී දින …

Continue Reading

රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලියි

රෝහල් ධාරිතාව උපරිමයක් කරා ළඟා වීම නිසා කොවිඩ් රෝගීන් පමණක් නොව අනෙකුත් රෝගීන් ද මරණයට පත්වීම නොවැලක්විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. එබැවින් කල් නොමරා හැකි ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. එන්නත්කරණය සම්පූර්ණ කිරීමට තවත් මාස 2-3 ත් අතර කාලයක් ගත වෙන බව එම සංගමය පෙන්වා දෙයි. තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීමට ඇති ප්‍රධානම …

Continue Reading

රටේ ආර්ථිකය ද ? ජීවිතය ද ? – ‘නිවැරදි තීන්දුව කඩිනමින් ගන්න‘

ප්‍රතිපත්ති සම්පාදකයන් සිතා සිටියා එන්නත්කරණය මගින් වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. එන්නත්කරණයෙන් මරණ යම්තාක් දුරකට අඩු කළ හැකි වුවත් ඉන් වසංගතය පාලනය කරන්න බැහැ. එන්නත් දෙකම ලබා ගත් අය හරහා වසංගතය දරුණු ලෙස පැතිරෙනවා. ඉදිරි සති දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇති බවට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙක් අනතුරු …

Continue Reading

‍ලංකාවට ඉදිරි සති දෙක තීරණාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

රට තුළ වේගයෙන් ව්‍යාප්ති වන ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගැනීම සමග ඉදිරි සති දෙක ඉතා තීරණාත්මක වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) අද (03) අනතුරු ඇඟවීය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ නරකින් තවත් නරක අතට හැරීමේ අවදානමක් පවතින බවයි. “දිනකට වාර්තා වන අඩු සිද්ධි සංඛ්‍යාවට හේතු වී ඇත්තේ දිනකට සිදු කෙරෙන සීමිත …

Continue Reading

‘මහ පොළොව නිදහස් කර ගැනීමේ‘ ජාතික වගකීම’

චින්තක සී ගුණදාස – ලේකම්, ගොවි උදාන ව්‍යාපාරය පරිසර හිතකාමී නොවන රසායනික යෙදවුම් භාවිතය හේතුවෙන් ශ්‍රී ලාංකීය කෘෂිකර්මය මාරාන්තික කෘෂිකර්මයක් බවට පත්වෙමින් තිබිණි. අන් කවරදාකටත් වඩා සමාජ, ආර්ථික,සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටින බරපතළ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් සිය කැබිනට් මණ්ඩලය වෙත “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ” යන මැයෙන් ඉදිරිපත් …

Continue Reading

කොවිඩ් ව්‍යාප්තිය පසුපස තිබෙන රහස හෙළිවෙයි !

කොවිඩ් වසංගතය පාලනය කළ බව පෙන්වීම සදහා රජයේ ඇතැම් පාර්ශවයන්වල අවිද්‍යාත්මක හැසිරීම කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇතැයි පරිපූරක වෛද්‍ය  වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එහි සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ ‍ මීට සතියකට පමණ පෙර 40-50 අතර පැවති මරණ සංඛ්‍යාව අද වන විට 67 ක් වී ඇති බවයි. එම නිවේදනයේ මෙසේද …

Continue Reading