මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළේය. ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඉදිරිපත් කරන ලද කරුණු දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී.
Continue Reading
වසර 17කට පසු ශ්‍රී ලංකා පිල හොංකොං සික්සස් ශූරතාව දිනයි
වසර 17කට පසු හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ළහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර, අවසන් තරගයේ වීරයා සම්මානය ධනංජය ලක්ෂාන්ට හිමි විය. තරගාවලිය පුරා කඩුලු 8ක් බිදහෙලා පන්දුවෙන් දස්කම් පෑ තරිඳු රත්නායක තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනා ගත්තේය. අවසන් මහා …
Continue Reading
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජනවාරි මසදී ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 2025 වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. තරග 2 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට අමතරව ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක් දිවා/රාත්‍රී එක්දින තරගයකටද සහභාගිවීමට නියමිතය. පෙබරවාරි මස …
Continue Reading
ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හය මෙන්න
ප්‍රථම වතාවට පවත්වනු ලබන ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියේ තරග වදින ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හය ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ සිඳු කෙරුණි. කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවලර්ස්, යාපනය ටයිටෑන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් වේ. මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වීම එළැඹෙන නොවැම්බර් මස 10 වැනිදා කොළඹදී සිදුකෙරේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතියෙන් තරගවදින කණ්ඩායම් හයට …
Continue Reading
උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී ද ඍණ අගයක් වාර්තා කරයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව දෙවන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 0.5ක අවධමනයට සාපේක්ෂව 2024 ඔක්තෝබර් මාසයේ දී සියයට 0.8ක අවධමනයක් වාර්තා කළේය.
Continue Reading
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත්කළ මාධ්‍ය නිවේදනය
-
Editor
-
November 1, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත්කළ මාධ්‍ය නිවේදය පහත දැක් වේ.
Continue Reading
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ පැහැදිලි කිරීම
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට පහත ප්රතිලාභ ලබා දී තිබෙන බවත් ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි …
Continue Reading
සමාජ සුභසාධන ප්රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීමට අවධානය
-
Editor
-
November 1, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේ පැවැත්විණි. සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම හා අස්වැසුම හා අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම …
Continue Reading
ජනාධිපති ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශකවරයෙකු පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත. ශ්‍රී …
Continue Reading
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු අද විවෘත කෙරේ
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ. වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි. මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර …
Continue Reading