Covid-19 World Revie: ඇමෙරිකාවේ වාර්තාගත මරණ සහ රෝගීන් සංඛ්‍යාවක්

ඊයේ (20) ශ‍්‍ර‍්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 33 දෙනකු වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා වර්ධනය වෙද්දී ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,435,876ක් වූ බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය පවසයි. එහි දැක්වෙන්නේ අද දිනය අවසාන වන විට ලෝකය පුරා කොවිඩ්-19 මරණ 167,369ක් වාර්තා වී ඇති බවයි. වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරන රටවල් එක්සත් …

Continue Reading

ලංකාවේ එක් දිනක් තුළ Covid-19 නව ආසාදිතයින් 33ක්

ශ‍්‍රී ලංකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (20) කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයෙන් වාර්තා වීම සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා වර්ධනය වුණා. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයට අනුව මේ වන විට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 122ක් වන අතර ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 199ක්. 98 දෙනකු ප‍්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Continue Reading

වසර 20කට පසු බොරතෙල් මිල 40%කින් පහළට

වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක අවම මිල අද (20) වාර්තා වූ බව ප්‍රංශ පුවත් සේවය කියයි. එහි දැක්වෙන ආකාරයට බොරතෙල් බැරලයක මිල 40% කින් පහළ වැටී ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් 11 දක්වා අද (20) පහත වැටි ඇත. ප්‍රංශ පුවත් සේවය පවසන ආකාරයට මේ ආකාරයට අවසන් වරට තෙල් බැරලයක මිල පහත වැටුණේ 1998 වසරේදීය. තෙල් අපනයනය කිරීමේ …

Continue Reading

දඹුල්ලේ එළවළු මිල වාර්තාගත ලෙස පහළ ගියත් පාරිභෝගිකයාට වාසියක් නෑ

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අද (20) දඹුල්ල නගරය සහ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යථා තත්ත්වයට පත් වුණා. ඒ සමග විවිධ ප්‍රදේශවලින් විශාල වශයෙන් එළවළු තොග ලැබීම සමග එළවළු මිල විශාල වශයෙන් පහළ ගොස් තිබුණා. අද දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ‍ෙ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 40-50 ද ගෝවා – රු. 20-30 ද තක්කාලි – රු. 10-20 ද, කැරට් – රු. 50-60, …

Continue Reading

ආරක්‍ෂිත දෝෂයක්: Google Chrome වහාම යාවත්කාලීන කරගන්න – ITSSL

Google Chrome වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-6457 නම් ආරක්‍ෂිත දෝෂය හදුනාගැනීම හේතුවෙන් ගූගල් සමාගම විසින් වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා Google Chrome 81.0.4044.113 යාවත්කාලීනය නිකුත් කර ඇත. මෙම ආරක්‍ෂිත දෝෂය පවතින Google Chrome වෙබ් බ්‍රව්සර සයිබර් ප්‍රහාරයකට නතුවීමේ ඉහල හැකියාවක් පවතී. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සදහා Google Chrome වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් Chrome 81.0.4044.113 …

Continue Reading

කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපති අවධානය

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රනයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. දිස්ත්‍රික් ලේකම්වරු සමග අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය. කොරෝනා වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග …

Continue Reading

ඉන්දියානු හා පාකිස්ථාන සරසවිවල සිරවී සිටි ශිෂ්‍ය ශිෂ්‍යවන් පිරිසක් හෙට දිවයිනට

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම හෙට (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දියානු හා පාකිස්ථාන විශ්ව විද්‍යාල වල සිරවී සිටි ශිෂ්‍ය ශිෂ්‍යවන් 100 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙන එන බවයි. මේ සදහා ශ්‍රී ලංකන් ගුවන් …

Continue Reading

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කෙරේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි. අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00ට …

Continue Reading

කොළඹින් තවත් Covid-19 ආසාදිතයින් 24ක්: මුළු ගණන 295ට නගී

කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයේ නිරෝධානයට ලක් වෙමින් සිටි පුද්ගලයින් අතරින් කොවිඩ්-19 ආසාදිතයින් 24 දෙනකු හදුනා ගැනීම සමග ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 295 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (20) දින පෙරවරු 9.30ට නිකුත් කළ වාර්තා වේ සදහන් වේ.

Continue Reading

බදාදා ඇඳිරි නීතිය ලිහිල් කළ පසු රාජ්‍ය ආයතන විවෘත කිරීම ගැන උපදෙස්

අප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කරයි. අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු සහ සෙසු ආයතන ප්‍රධානීන් 22 බදාදා සිට රැස් වී තම ආයතනවල ඉදිරි ක්‍රියාකාරිත්වය සැලසුම් කළ යුතුය. අප්‍රේල් 22,23 සහ 24 දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ආයතනවල ප්‍රධානීන් තම නියෝජ්‍ය ප්‍රධානීන් ඇතුළු සෙසු මුල් පෙළේ නිලධාරීන් රැස් කොට ඒ ඒ …

Continue Reading