කොවිඩ් – 19 වැළැක්වීමට අනුගතව වෙසක් සමරමු – සෞඛ්‍ය ලේකම්

අප රටේ පවතින කොවිඩ් – 19  රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය වෙනස් ආකාරයනට සැමරිය යුතු වේ.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර  වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කරන්නෙමු. මෙම උපදෙස් ඔබ අප සියලුදෙනා  කොවිඩ් – 19  රෝගයෙන් ආරක්ෂාවීම පිණිසයි. හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස හා ප්‍රතිපත්ති …

Continue Reading

දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙයි. මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන …

Continue Reading

රජයෙන් කිසිම සහනයක් නැති ‘මැදි ආදායම් ජනකොටස හාන්සියි’

ලෝක කම්කරු දිනය හෙටට යෙදී තිබේ. මෙවර කම්කරු දින උණුසුම නැත. පසුගිය වසර ගණන තුළ ක‍්‍රමයෙන් කම්කරු දින සැමරුම ගැන තිබුණ උනන්දුව හීන වෙමින් තිබුණි. ජන සමාජයේ සිදුවන පරිවර්තනය එයට ප‍්‍රබල හේතුවකි. අධිරාජ්‍යවාදී යුගයේ වැඩකරන ජනතාවට දිනාගන්නට අයිතිවාසිකම් තිබිණ. හාම්පුතුන් හා කම්කරුවන් අතර ගැටුම් පැවතින. ධනවාදය සම්බන්ධ ආකල්ප තුරන් වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථික ක‍්‍රමය ගැන බලවත් විවේචන ඇත. …

Continue Reading

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකියි – ජනපති සජිත්ට කියයි

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (29) පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නේය. විපක්ෂයේ ප්‍රකාශනයට අත්සන් තබා ඇති පාර්ශ්ව මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතැයි කල්පනා කරන බව නිරීක්ෂණය වන්නේයැයි හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වෙයි. කොවිඩ් …

Continue Reading

මංගලගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු ලිපියක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යැවීය. මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවා ඇති පිළිතුරු ලිපිය කියා සිටී. එවැනි ලිපියක් යොමුකිරීම කණගාටුවට කරුණක් බව ද ජනාධිපතිතුමා සඳහන් කර ඇත. “උද්ගතව …

Continue Reading

අන්තර්ජාල ව්‍යාපාරකරණයට පිවිසෙන ව්‍යවසායකයින්ට අත දෙන්න ITSSL සූදානම්

Covid-19 වසංගත තත්වය හමුවේ අඩපණව තිබෙන ශ්‍රී ලාංකිකයන්ගේ ව්‍යාපාර ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ යලි පණගැන්වීම සදහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අප විශේෂ වැඩසටහනක් සංවිධානය කොට ඇත. මේ වැඩසටහන මගින් ව්‍යවසායකයින් හට සිය ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය ඔස්සේ ගෙනයාමට අවශ්‍ය නිසි මගපෙන්වීම සහ උපදෙස් ඇතුළු ඊට අදාළ වෙනත් සේවාවන් සපයනු ඇත. මේ වනවිට කඩාවැටී ඇති ආර්ථිකයත් ව්‍යාපාරත් යලි ගොඩනැංවීම සදහා වගකිවයුතු …

Continue Reading

අද ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 30ක් – මුළු ගණන 649යි

අද (29) දින ප.ව 11.04ට වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනකු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරනවා. ඒ අනුව අද දිනය තුළ නව රෝගීන් 30 දෙනකු වාර්තා වී තිබෙනවා. කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 506 ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වාර්තාවල සදහන් වන්නේ. අද දින (29) පස්වරු 08.04ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය …

Continue Reading

කොවිඩ් -19 පොකුරු වර්ධනය වීම හෝ නොවීම ගැන දැන්ම අනාවැකි බෑ – අනිල් ජාසිංහ

කොවිඩ් -19  පොකුරු ( Clusters ) වර්ධනය වීම හෝ නොවීම පිලිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිලිබඳව මේ මොහොතේ අනාවැකි පලකල නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අද (29) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා රෝග ව්‍යාප්තිය පාලනයට ගෙනයන වැඩපිලිවෙල සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ සෞඛ්‍ය අංශ විසින් …

Continue Reading

Covid-19: ඉදිරිපෙළ වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සහතික නොකළොත් ‘දැඩි ක්‍රියාමාර්ග’ ගන්නවා – GMOA

Covid-19 වසංගත තත්ත්වය ප‍්‍රශස්ථ ලෙස පාලනය කර වෛද්‍යවරුන් ඇතුළු ඉදිරිපෙල වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සහතික කිරීමේ කාර්ය නිසි ලෙස ඉටු කිරීමට ඉදිරියේදී හෝ සෞඛ්‍ය බලධාරින් කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව උපරිම ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවුන බව එහි ලේකම්, වෛද්‍ය අලුත්ගේ මහතාගේ අත්සනින් අද (29) නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි. Covid-19 …

Continue Reading

පාලන මිල අහෝසි කිරීම සමග සුදු සීනි මිල ඉහළට

පාරිභෝගික අධිකාරිය මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ (28) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි සුදු සීනි සදහා පනවා තිබූ රුපියල් 100ක පාලන මිල ඉවත් කළා. සුදු සීනි කිලෝවක් මෙරටට ගෙන්වීමේදී රුපියල් 115 කට වඩා වැඩි මිලක් වැයවීම හේතුවෙන් මෙම උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට තීරණය කළ බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කරන්නේ. ඩොලරයේ අගය ඉහළයාම, ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය …

Continue Reading