ආර්ථිකය යළි නගා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන්

ආර්ථිකය යළි නගා සිටුවීමට රජයට සහාය වීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව ණය වැඩසටහන් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇති අතර, වහා ම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් …

Continue Reading

ජනපති උපදෙස් පරිදි ආර්ථික පුනරුදයට මහ බැංකුවෙන් කඩිනම් නව ක්‍රියාමාර්ග

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරීන්ට ඊයේ (16) කළ අවවාදයෙන් පසු මහ බැංකුව වැටුණු ආර්ථිකය ගොඩනැගීම අරමුණු කරගත් පියවර කිහිපයක් ඊයේම හඳුන්වා දුන්නේය. කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150ක එනම් කෝටි 15,000ක ප්‍රති මූල්‍ය පහසුකම් සැලසීම ඉන් එකකි. මේ මුදල බලපත්‍ර ලාභී වාණිජ බැංකු විසින් ව්‍යාපාර අතර බෙදා හරිනු …

Continue Reading

මත්තල ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම්

අගෝස්තු 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට සමගාමිව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම් වෙයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දැනටමත් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. අගෝස්තු 01 වෙනිදා සිට කටුනායක ගුවන් තොටුපළ …

Continue Reading

ජනපති ගෝඨා ‘මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ’ රෙදි ගළවයි

“රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. ලොව ලොකු, කුඩා  රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු …

Continue Reading

මෛත්‍රීට ඡන්දය දෙන්න එපා – ප්‍රසන්න පොළොන්නරුව ජනතාවගෙන් ඉල්ලයි

මෙවර මහ මැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ තනතුරු, වරප්‍රසාද හා මුදලට විකිණී මහින්ද අතහැර යන අය පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවයි. රටට කළ විනාශය නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දී නැවත පාර්ලිමේන්තුවට නොඒවන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා …

Continue Reading

පෙරහර නරඹන්න මෙවර ජනතාවට අවසර නැහැ

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් දෙයි. මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පවසයි. වාර්ෂික පෙරහර මෙවර සංවිධාන කළයුතු  ආකාරය පිළිබඳව කොවිඩ් මර්දන …

Continue Reading

ETI අක්‍රමිකතා: තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටිනවා – ජනපති

ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නැති බව ඕව්හු ජනාධිපතිතුමාට දැන්වූහ. සමාගමේ වත්කම් වෙනත් ආයතනවල ආයෝජනය කර තිබේ. ඒවා මහ බැංකුවේ නිසි අධීක්ෂණයට ලක්වී නැති බව කමිටුව සඳහන් කරයි. අක්‍රමිකතා පිළිබඳව තවදුරටත් සොයා බලන්නැයි උපදෙස් දුන් …

Continue Reading

පූර්ණ සහාය දෙන්නම් ප්‍රතිඵල පෙන්වන්න – අපනයනකරුවන් හමුවේ ජනපති කියයි

අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඉතා කුඩා පරාසයක ඇති අපනයන ක්ෂේත්‍රය අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කෙට පුළුල් පරාසයකට රැගෙන ගොස් ප්‍රතිඵල පෙන්වීම අපනයකරුවන් ඉදිරියේ ඇති අභියෝගය බව ජනපතිවරයා පවසයි. රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන …

Continue Reading

උසස් පෙළ සිසුන්ට පොලී රහිත ණය සහනයෙන් වැඩිදුර ඉගෙනුමට ඉඩප්‍රස්ථා

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති අතර, ඒ සඳහා පාසල් අපේක්ෂකයන් ලෙස 2016,2017 සහ 2018 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට විභාගය සමත් වූ සිසුන්ට විදුහල්පතිවරුන් වෙතින් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක් …

Continue Reading

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය සමාලෝචනය කරණු පිණිස අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ උපදෙස් දෙනු ලැබීය. සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කළයුතුව ඇතැයි ජනාධිපතිවරයා …

Continue Reading