‘ශ්‍රී ලංකාවට ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්’

විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරක්ෂිත තත්වයක් මේ වන විට ගොඩනැගී ඇති බව සහතික කරමින් ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට “ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්” පසුගියදා පිරිනමා තිබේ. එය පිරිනමා ඇත්තේ ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රොටකෝලයට අනුකූලව බව වාර්තාවේ.  ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති ඉතා සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම …

Continue Reading

ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර 19ක් ගැසට් කරයි

පසුගිය අගෝස්තු 05 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂවලට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරවලට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයක මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (11) මධ්‍යම රාත‍්‍රියේ නිකුත් කළේය. මෙසේ ගැසට් කරන ලද්දේ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ (17) ඉලංගෙයි තමිල් අරසු කච්චි (01) සහ අහිල ඉලංගෙයි තමිල් …

Continue Reading

19 ක්ෂණිකව අහෝසිකරනවා – බැසිල් රාජපක්ෂ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍ෂණිකව අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හිරු රූපවාහිනියේ ‘සලකුණ‘ වැඩසටහනට එක්වෙමින් සඳහන් අවධාරණය කළේය. 19 සංශෝධනය අහෝසි කළ වහාම 18 වැනි සංශෝධනය බලාත්මක වන බවද කී බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ද සිතා බැලිය යුතු බවද සඳහන් කළේය. තෙවරක් ජනාධිපති ධූරය දැරීම සම්බන්ධයෙන් ජනතාව අප‍්‍රසාදයෙන් සිටින බවත් ව්‍යවස්ථා …

Continue Reading

සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

ලියාපදිංචිය නොකළ විදුලි සංදේශ උපකරණ ජාලවලට සම්බන්ධ කිරීම අත්හිටුවීමට තීරණයක් විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී. මෙහිදී නියාමන කොමිසම වැඩිදුරටත් පවසන්නේ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන …

Continue Reading

දේශීය හා ජාත්‍යන්තර වෙළෙදපොළේ රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ යයි

මේ වන විට මෙරට වෙළෙඳපොළේ කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 110,000 දක්වාත් කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 100,850 දක්වාත්, කැරට් 21 රන් පවුමක මිල රුපියල් 96,250 දක්වාත් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි Colombo Gold Centre ෆේස්බුක් පිටුවේ දැක්වේ. නව රත්‍රං මිල ගණන් සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ප්‍රකට ස්වර්ණාභරණ අලෙවි සැල් කිහිපයක් සහ උකස්කරුවන් කිහිප දෙනකුම සදහන් කළේ …

Continue Reading

එජාප නව නායකත්වය ගැන තීන්දුව මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දෙන්න – රනිල් පක්ෂ ජේෂ්ඨයින්ට කියයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඊයේ (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේදී පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලිව ම පෙන්වා දුන් බවත් එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මේ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කොට මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනුම් …

Continue Reading

මන්ත්‍රීධුරවලින් 43%ක් සුළුජාතීන්ට – ‘සජිත් දේශපාලන ගිනිකන්දක් උඩ’

පසුගිය මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 07 සම්බන්ධයෙන් මේ වන විට බරපතළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඊට හේතුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග සන්ධානගත වූ සුළුජන පක්ෂ මෙන්ම සුළු පක්ෂයක් ලෙස සැලකිය හැකි ජාතික හෙළ උරුමය පවා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටීමය. ඔවුන් මෙහිදී ‘මස් රාත්තලම‘ …

Continue Reading

අපේ ජනබල පක්ෂයේ ‘මහ ලේකම් හිමි අතුරුදන්’

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදන්ව ඇතැයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද (10) මාධ්‍ය හමුවකදී හෙළි කළහ. මේ තත්ත්වය තුළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කළ බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දීමට නොහැකි වී නව ගැටලු කිහිපයක් මතු වී ඇති බව ද උන් වහන්සේ සදහන් කළහ. ‘පූජ්‍ය ගලගොඩඅත්තේ …

Continue Reading

රනිල් හෙණ්ඩුව අත හරින්න සූදානම්: පක්ෂ නායකත්වයට බල අරගලය ඇරඹෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් නව නායකයා පිළිබද තීරණය ලබන බදදා දැනුම් දෙන බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිිටියේ අද (10) එජාප මූලස්ථානයේ, සිරිකොත මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡුාවකදී එජාප නායකයා තම තීරණය දැනුම් දුන් බවයි. එහිදී වැඩි …

Continue Reading

මංගල ජනපතිට සුබපතමින් නිහඬ දේශප්‍රේමී බහුතරයට ගතයුතු මග කියා දෙයි

ලැබූවා වූ 2/3 ක දැවන්ත ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභයට  සුබ පතන අතර මෙවනි ජය ලැබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී  වූත් නිදහස් වූත්  ශ්‍රී ලාංකේය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කරගන්නැයිමේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතරය වෙනුවෙන් ඉල්ලා සිටිනවා. – මංගල සමරවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගෝස්තු පස්වැනිදා පැවැත්වූ මහ මැතිවරණයෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් මගේ …

Continue Reading