ශ්‍රී ලංකා ක්‍රිකට් විවේචනය කළ ‘භානුක රාජපක්ෂට‘ තරග තහනමක් සමග දඩ

කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය වසර දෙකකට අත්හිටුවීමට සහ ඩොලර්ශ්‍ 5000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (05) තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භානුකට නියම කර ඇත්තේ අත්හිටුවූ තහනමක් නිසා ඔහුට ක්‍රීඩා කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවයි ශ්‍රී ලංකා …

Continue Reading

කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට ‘e-කෘෂිකර්මාන්තය’ අත්වැලක් කර ගනිමු

කාබනික ගොවිතැන උදෙසා ගොවි ජනතාව නැඹුරු කිරීමට රජය ගන්නා උත්සාහය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කෘෂිකාර්ම ව්‍යාප්ති හා සංනිවේදන සේවය උදෙසා අදාල නිළධාරීන්හට e-Agriculture සේවයට අදාළව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ව්‍යාප්ති උපදේශන පුහුණුවක් ලබාදීම මෙන්ම ඊට අවැසි අවම මෙවලම් සපයා ගැනීමට රජයට ප්‍රතිපූරණය කරගත හැකි ආකාරයෙන් අරමුදල් සැපයීමද ඉතා වැදගත්වේ. වර්තමානයේදී අන් කවරදාකටවත් වඩා කාබනික ගොවිතැන ගැන සෑම මාධ්‍යයක් ඔස්සේම කථාබහ …

Continue Reading

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව ජූලි මස 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය …

Continue Reading

බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන ගැන පොහොට්ටු මන්ත්‍රී දුන් සහතිකය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අනිද්දා(08) දිවුරුම් දීම ස්ථිර බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසූ බව වෙබ් අඩවි කිහිපයක් අද (05) වාර්තා කළා. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදීම පිණිස ශ්‍රීලපොපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු සූදානමින් සිටින බව ද වාර්තා වන අතර එසේ ඉවත් වන පුද්ගලයාට ඕස්ට්‍රේලියානු …

Continue Reading

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය: විපක්ෂයට බොරදියේ මාළු බාන්න දෙන්න බැහැ – පොහොට්ටුවේ මහ ලේකම්

මෑතදී ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් සිදු නොවූවත් විපක්ෂයට බොරදියේ මාළු බෑමට ඉඩදිය නොහැකි බව පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. 69 ලක්ෂයක ජනතාවගේ සහය ඇතිව පිහිටුවන ලද රජය ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බව ඔහු අද (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ඉන්ධන මිල …

Continue Reading

‘ෆයිසර් එන්නත‘ ලබා ගත් දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව ද ?

‘ෆයිසර් එන්නත ලබා ගත් දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව‘ යනුවෙන් අද (05) දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිනුමේ පණිවුඩයක සදහන් වූ පුවත ‘සාවද්‍ය‘ බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි. එම වාර්තාවේ මෙසේ සදහන් වේ. ‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ට්විටර් ගිණුමේ ට්විටර් පණිවුඩයක සඳහන් වන පරිදි දකුණු ආසියාවේ ෆයිසර් එන්නත ලබාගත් පළමු රට ශ්‍රී ලංකාව නොවේ. යුනිසෙෆ් සංවිධානයට …

Continue Reading

තිත්ත ඇත්ත: දෑවැද්ද පිටුපස ඇති ‘බිහිසුණු කතාවක්’

කන්දක් උඩ පුංචි පැල්පතක් හදාගෙන ලුණුයි බතුයි කාලා ආදරයෙන් ජීවත් වෙන්න තමයි පෙම්වතුන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ. එහෙම හිතන පතන අයට වටින්නේ පෙම්වතියගේ ආදරය පමණයි ! ඒත් සැබෑ ලෝකයේ ආදරය කියන තරම් සුන්දර හෝ සරල නැති බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ආදරය විවාහයකට පරිවර්තනය කර ගැනීම හිතන පතන තරම් පහසු නැහැ. අපි මේ කියන්න යන්නේ අපට ඒ තරම් අදාළ …

Continue Reading

‘කාම සූත්‍රය‘ ගැන අලුත් කියවීමක්

‘ලෝකයේ පැරණිතම කාමුක ආදර ග්‍රන්ථය ඉන්දියාවේ පොහොසත් උරුමයේ සාහිත්‍යමය සලකුණක් ලෙස මුදවා නිසි තැන ලබා දිය යුතුද?‘‘ චිකාගෝ විශ්ව විද්‍යාලයේ උගන්වන හා හින්දු ආගම පිළිබඳ පොත් දුසිම් භාගයකට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති ඇමරිකානු ඉන්දියානු විද්‍යාඥ වෙන්ඩි ඩොනිගර් නම් එය එසේ විය යුතු යැයි විශ්වාස කරයි. නමුත් ඇයි? වත්ස්‍යාන නම් දාර්ශනිකයා විසින් පුරාණ ඉන්දියාවේ සාහිත්‍ය භාෂාව වන සංස්කෘත භාෂාවෙන් ලියන ලද ‘කාම …

Continue Reading

කාක පිහාටු එල්ලලා මේ ගමන නවත්වන්න බැහැ – සමන්ත විද්‍යාරත්න

බුදුදහම රකිනවා කියා බලයට ආපු ආණ්ඩුව, ගොවි ජනතාව වෙනුවෙන් පාරට බැස්ස සංඝයාවහන්සේලා හිරේ දැමීමට සූදානම් වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ, ගොවිජනතා ප්‍රශ්න වෙනුවෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ තමන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ඇති සූදානම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුව හරහා විශේෂ ප්‍රකාශයක් සිදු …

Continue Reading

රනිල්ගෙන් යළිත් ‘පංච පුද්ගල කමිටුවක්‘

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමටත්, පක්ෂය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය කරුණු සොයා බලා නිර්දේශ කිරීමට එජාප පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කළ බව එජාප ජ්‍යෙෂ්ඨයෙක් පවසයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ උප සභාපතිවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්වරුන් එම කමිටුවට පත්කළ …

Continue Reading