රාජපක්ෂ පවුල් සමාගම ගැන ලෝ ප්‍රකට ‘The New York Times’ලෝකයට හෙළිකරයි !

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දීමත් සමග ලංකාවේ දේශපාලනය දෙස ජාත්‍යන්තර අවධානය යොමුව තිබෙනවා. ඒත් එය කිසිසේත්ම ධනාත්මක අවධානයක් නොවෙයි. ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ලංකාවේ ‘පවුල් පාලනය‘ සහ අධිකාරවාදී පාලනය ගැන ප්‍රශ්න කරමින් සිටිනවා. මේ අතර ලෝ ප්‍රකට නිව්යෝර්ත් ටයිම්ස් පුවත්පත පසුගිය ජූලි 10 වැනිදා ලංකාව ගැන වැඩි අවධානයක් යොමු කළ පුවතක් පළ කළා. ‘In Sri Lanka, the Government Looks …

Continue Reading

Sri Lankan Air Line: පුද්ගලික ‘කෝන්තර’ පිරිමසා ගැනීම වෙනුවෙන් මුළු රටක් වන්දි ගෙවන හැටි

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට, එය නැවත රජයට පවරා ගැනීමේ දින සිට සමුච්චිත අලාභය රුපියල් මිලියන 372,015 ක් බව පසුගිය දා රැස් වූ කෝප් කාරක සභාවේදී අණාවරණය විය. 2020/21වර්ෂයේ බදුවලට පසු එම සමාගමේ මුළු අලාභය රුපියල් මිලියන 45,674 ක් බවත්, මෙහෙයුම් අලාභය ද වැඩි වී තිබෙන බවත් බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත …

Continue Reading

වී, අතිරේක බෝග සහ එළවළු සදහා පෝෂක ලබාදීමේ අන්තර් කාලීන මාර්ගෝපදේශ – 01

වී, අතිරේක බෝග සහ එළවළු සදහා පෝෂක ලබාදීමේ අන්තර් කාලීන මාර්ගෝපදේශ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධ සම්පූර්ණ ලිපි පෙළක් අප විසින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන අතර වී සම්බන්ධ මාර්ගෝපදේශ පහත පළ වෙනවා.  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද, වී, අතිරේක බෝග සහ එළවළු සදහා පෝෂක ලබාදීමේ අන්තර් කාලීන මාර්ගෝපදේශ ඇසුරිණි – ඉතිරි කොටස් දෛනිකව පළ …

Continue Reading

‘විවිධ ආකාරයේ සිපගැනීම්‘ සහ ඒවායින් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන සියල්ල දැන ගන්න !

සිප ගැනීම යනු සෙනෙහස හා චිත්තවේගයන් ප්‍රකාශ කිරීමේ සමීප ස්වරූපයකි, නමුත් එය බොහෝ දෙනෙකුට අතිශයින්ම ස්නායු ආබාධයක් විය හැකිය, විශේෂයෙන් යමෙකුට එතරම් අත්දැකීම් නොමැති නම්. ඒ ගැන වැඩි යමක් නොදැන සිටීම හවුල්කරුවන් දෙදෙනාට ඇතැම් හමුවීම් තරමක් අවුල් සහගත විය හැකිය.  යමෙකු සිපගැනීමෙන් සෑම විටම ඒකීය අර්ථයක් නොමැති බව කවුරුත් දනිති, සෑම විටම සන්දර්භය ඉතා වැදගත් වන අතර, ‘කොහේද’, ‘කවදාද’ සහ ‘කාටද’ …

Continue Reading

ඉදිරියේදීත් අත්අඩංගුවට ගන්නවා නම් අපි ලෑස්තියි එකට මුහුණ දෙන්න – ලංකා ගුරු සේවා සංගමය

ආණ්ඩුවේ තීන්දු වලට එරෙහිව සිදු කරනු ලබන විරෝධතාවයන්ට සම්බන්ධ වන පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට මුහුණ දීම සඳහා සූදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි. ඔහු මේ අදහස් පළ කරනු ලැබූවේ අද (11) දින කැඳවා තිබූ ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. කොතලාවල පනතට එරෙහිව විරෝධතාවයට සම්බන්ධවූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස් අධිකරණයෙන් …

Continue Reading

උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම: ශ්‍රී ලංකා නීතිඥ සංගමය ‘පොලිස්පතිට නීතිය කියා දෙයි‘

අධිකරණයෙන් ඇප මත නිදහස් කරන ලද පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමට ගන්නා ක්‍රියාකාරකම් බලහත්කාරී, නීතිවිරෝධී හා අධිකරණයට කරන අපහාසයක් යැයි  ශ්‍රී ලංකා නීතීඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  සහ පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මහජන විරෝධතා හෝ එළිමහන් රැස්වීම් තහනම් ක්‍රියාකාරකම් ලෙස ලැයිස්තුගත කර නොමැති බව ද සෞඛ්‍ය මාර්ගෝපදේශ …

Continue Reading

Covid මර්දන නීති ‘අවභාවිතා කරන්න එපා’ – එක්සත් ජාතීන් ආණ්ඩුවට තදින් කියයි

සාමකාමී පෙලපාලි පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති එක්රැස් කිරීමේ අයිතියට ඇතුළත් වන බවත් කොරෝනා වසංගතයට එරෙහි පියවර ලෙස පනවා ඇති සීමාවන් මහජන සෞඛ්‍යයේ නීත්‍යානුකූල ආරක්‍ෂාවෙන් ඔබ්බට නොයා යුතු බවත් එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය පවසයි. එක්රැස් වීමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීම වැනි වෙනත් අයිතිවාසිකම් ක්‍රියාත්මක …

Continue Reading

දැරිය දූෂණය කළ ප. මන්ත්‍රීවරයෙක් ඇතුළු ප්‍රබලයින් කිහිප දෙනකුත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

ලිංගික සේවා සැපයීම පිණිස අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ 15 වියැති බාලවයස්කාර දැරිය දූෂණ්‍ය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරියගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනයට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 29 දෙනකු අත්අඩංගුවට ගෙන …

Continue Reading

ශ්‍රීලනිපය ජනපති හමුවේ දුක්ගැනවිලි කියන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන 21 වැනිදා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් අප සමග සදහන් කළා. ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ මහින්ද අමරවීර මහතා විසින් පසුගිය කාලයේ මතු කරන ලද ගැටලු ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතළ …

Continue Reading

ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන ‘චර්යා ආබාධ’

චර්යා ආබාධ‘ (Common Behaviour Disorders) විශේෂයෙන් ළමා වියේදී අපි තක්සේරු කරනවාට වඩා බහුලව දක්නට ලැබේ. අවට ඇති සෑම උත්තේජකයක් ගැනම ඇති කුතුහලය නිසා ළමයින්ට ඇති විවිධාකාර අත්දැකීම් මෙයට ප්‍රධාන හේතුවයි. මෙම හැසිරීම් ආබාධ බොහෝමයක් ළමා වියේ කොටසක් වන අතර දරුවා වැඩෙන විට ක්‍රමයෙන් අඩු වේ. සමහර ඒවාට වෛද්‍ය සහාය අවශ්‍ය විය හැකිය. මෙම අවස්ථා දෙකෙහිම, දෙමව්පියන්ගෙන් ඉමහත් අවබෝධයක් සහ ඉවසීමක් අපේක්ෂා කරනුයේ එය …

Continue Reading