පොදු ප්‍රවාහන සේවා ගැන නිවේදනයක්

අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බැවින් රාජකාරි කටයුතු සඳහා පමණක් අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා භාවිත කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, සභාපති, කිංස්ලි රණවක මහතා සදහන් කරන්නේ සේවය සඳහා පැමිණෙන අයට කිසිදු ගැටලුවක් නොමැතිව බස්රථ ලබාදීමට ගමනා ගමන මණ්ඩල පියවර ගන්නා බවයි. මේ අතර අන්තර් පළාත් මගී ප්‍රවාහනය …

Continue Reading

Covid-19 hot: කොවිඩ් ආසාදිත මරණ 67ක්

ඊයේ (31) කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) දින තහවුරු කර තිබෙනවා. මියගිය පුද්ගලයින්ගෙන් 56 දෙනකු වයස අවුරුදු 60 හා ඊට වැඩි පුද්ගලයින් වන අතර පිරිමි පුද්ගලයින් 36 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු මියගිය අය අතර සිටිනවා. මෙම මරණ 67ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Continue Reading

රට විවෘත කිරීම: නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කළ විශේෂ ඉල්ලීම

‘‘රට විවෘත කරනවා කියන්නේ සියලුම දේට නිදහස ලැබෙනවා කියන අදහස ඇති කර ගත්තොත් නම් අපිට මේක කළමනාකරණය කරගන්න අපහසුවෙන්න ඉඩ තියෙනවා‘‘ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවද සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි. ‘‘ගත වු මාස එකහාමාරක පමණ කාලයකට පසුව වැඩිම දෛනික …

Continue Reading

අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නෑ – නි.සෞ.සේ.අ. ජනරාල්

අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති වුවත් රජයේ සේවය සඳහා පැමිණෙන අයට, බස්රථ හෝ වෙනත් ආකාරයකින් රැකියාව සඳහා පැමිණීමට අවස්ථාව ලබාදිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ගුණවර්ධන මහතා අවධාරණයෙන් කියා සිටියේ කොවිඩ් ව්‍යාප්තියෙහි වගකීම සෞඛ්‍ය සේවයට හෝ ත්‍රිවිධ හමුදාවට පමණක් භාරගත නොහැකි බවයි. …

Continue Reading

ජපානය ඇතුළු රටවල් 06 ක තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් හමුවෙති

මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අංශ පහක් යටතේ අඛණ්ඩව සහය ලබාදීමට තම රජය කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akira  Xugiyam මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දා (29) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී ය.    ජපන් රජයේ ආයෝජන මත මේ වන විට ශ්‍රී ලංකාවේ  සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකව …

Continue Reading

සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකියි

අගෝස්තු මස 02 වැනි සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකි යැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ‘‘දැන් රට තියෙන්නේ ඒ තීරණය ගනිද්දි තිබුණ තත්ත්වයේ නොවෙයි. පසුගිය සතියේදී රෝගීන් ප්‍රමාණය වැඩිවී තිබෙනවා. පවතින අවදානම් තත්වය යටතේ කල්පනාකාරීව තීරණ ගැනීමට වෙනවා‘ යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …

Continue Reading

ඩෙල්ටා අවදානම තව දුරටත් තීව්‍රර වෙයි

පසුගිය දිනවල සම්පුර්ණයෙන්ම එන්නත ලබා දී තිබියදීත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් අතර COVID-19 පොකුරු සෑදී ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි. වසංගතයට එරෙහි සටනේ පෙරමුණේ සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගෙන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ රහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය මූලාශ්‍රයක් ඩේලිමිරර් පුවත්පත සමග හෙළිකර ඇත. මෙය විශේෂයෙන් දිනපතා හඳුනා ගන්නා නව COVID-19 …

Continue Reading

රිෂාඩ් බදූර්දීන් සහ Political Hub

මේ දිනවල කතා බහට ලක්වන ළමා අපචාර සිද්ධියට  රිෂාඩ් බදූර්දීන් පවුලම කොටු කර හමාරය. එහෙත් පරීක්‍ෂණ අවසන්ව නැත. 2001 වසරේ මන්නාරම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්ව ආ රිෂාඩ් බදුර්දීන් මේ ගෙවන්නේ සිය  දේශපාලන ජීවිතයේ 20 වෙනි වසරය. එයින් වැඩි කාලයක් ඔහු පයිරුපාසනය කර ඇත්තේ මැදමුලන රාජපක්‍ෂලා ය. 1972 නොවැම්බර් මස 27 වෙනි දින උපන් රිෂාඩ් බදූර්දීන් වෘත්තියෙන්  ඉංජිනේරු වරයෙකි. දේශපාලනයට නොපැමිණියද, රිෂාඩ් …

Continue Reading

භාණ්ඩාගාර බැඳුම්කර 31%කට ගැණුම්කරුවෝ නෑ : දවසට රු. බිලියන 213ක් අච්චු ගහලා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ අලුත්ම රු. බිලියන 120 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් 31% ක් සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් වී නැතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.   මේ වසරේ තනි දිනක් තුල මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණය රු. බිලියන 213.48 ක් ඊයේ දිනයේ මුද්‍රණය කර ඇත. කෙටි කාලීන බැඳුම්කර සඳහා ප්‍රමාණවත් ඉල්ලුමක් පැවතිය ද, 2028 …

Continue Reading

එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක්

දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී තිබේ. එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු …

Continue Reading