අයවැයට එරෙහිව ජාතික විරෝධතා දිනයන් ප්‍රකාශයට පත් කරයි

2023 අයවැයට එරෙහිව වෘත්තීය සමිති සම්බන්ධීකරණය විසින් එළඹෙන දෙසැම්බර් 5 සහ 6 දෙදින ජාතික විරෝධතා දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එසේම වෘත්තීය සමිති හා බහු ජන සංවිධාන එකමුතුව විසින්ද විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව එළඹෙන දෙසැම්බර් 8 වනදා රට පුරා අයවැයට එරෙහිව විරෝධතා සංවිධානය කරන බවයි එම සංවිධානය සඳහන් කරන්නේ. ඒ අනුව වෘත්තීය සමිති සඳහන් කරන්නේ, එම …

Continue Reading

ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර තිබෙනවා. වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක …

Continue Reading

මෙවර අයවැය ජනතා හිතවාදී අයවැයක් නොවෙයි – කාවින්ද ජයවර්ධන

මෙවර ඉදිරිපත් කරන ලද අයවැය කිසිසේත්ම ජනතා හිතවාදී අයවැයක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සහන ලැබිය යුතු පාර්ශව රැසක් අයවැයෙන් අමතක කිරීමට කටයුතු කර ඇති බවයි. මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමේ හැකියාවක් නොමැති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

2019 වසරෙන් පසු මෙරට දරිද්‍රතාව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නැහැ – විපක්ෂ නායක

2019 වසරෙන් පසු මෙරට දරිද්‍රතාව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව අද (21) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රජය සමාජ ආරක්ෂණය ගැන කතාකළද අද වනවිට මෙරට දුප්පත්කම සම්බන්ධයෙන් දත්ත ආණ්ඩුව නොදන්නා බවයි. මෙයට පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, 2019 වසරෙන් පසු මෙරට දරිද්‍රතාව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නොමැති බව …

Continue Reading

ඉන්ධන මිල මාසයකට වරක් සංශෝධනය කිරීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

ලබන මාසයේ සිට ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ඒ පිළිබඳ වන යෝජනාව හෙට (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය සෑම මසකට 1 වනදා සහ 15 වනදා සිදු කිරීමට මීට පෙර …

Continue Reading

විරෝධතාවක් නිසා බෞද්ධාලෝක මාවත වැසෙයි

කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Continue Reading

අද පැය 02ක විදුලි කප්පාදුවක්

අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. – සවස් කාලයේ පැය 2 යි

Continue Reading

පොලීසියට ගල් ගැසූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට

අනුරාධපුර, සමූහ ගොවිපල පුබුදුපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට කාන්තාවන් පිරිසකගෙන් ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා. ඊයේ (16) දිනයේ දී එම ප්‍රදේශයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණා. එහිදී මෙම සිදුවීම සිදු වී ඇති අතර මේ නිසා පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් …

Continue Reading

මිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු පිරිසට ඇප

මිල්ලනිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය, මිල්ලනිය පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඒ අනුව සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ. මිල්ලනිය ගුංගමුව කනිෂ්ට විද්‍යාලයේ සිසුන්ට වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාලව එම විදුහලේ විදුහල්පතිනිය සහ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු …

Continue Reading

O/L ප්‍රතිඵල නොවැම්බර් අවසානයට පෙර නිකුත් කරනවා – විභාග දෙපාර්තමේන්තුව

2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසය අවසන්වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බොහෝ දුරට එම කටයුතු අවසන් වෙමින් පවතින බවත්, මෙම මාසයේ අවසන් දිනයට ප්‍රථම නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළේ.

Continue Reading