යල කන්නයේ පොහොර යෙදවීම පසේ සංයුතියට අනුවයි
මෙරට කෘෂිකාර්මික කටයුතුවලදී ඒ ඒ පළාතේ පස පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා පසේ සංයුතිය අනුව පමණක් යල කන්නයේ සිට පොහොර යෙදවීමට ගොවීන් දැනුවත් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. එසේ කළහොත් අනවශ්‍ය ආකාරයට කෙරෙන රසායනික පොහොර ආනයනය සීමා කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෘෂිකර්ම අමාත්‍යාංශයට 2022 වර්ෂය සඳහා අය – වැයෙන් වෙන්කර දී ඇති මුදල් වියදම් …
Continue Reading
කෘෂිකර්ම පර්යේෂණවල ප්‍රතිඵල ගොවි ජනතාව අතරට නොයෑම බරපතළ අඩුවක් – කෘෂිකර්ම ඇමැති
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල වශයෙන් ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සිදු කළත් ඒවායේ ප්‍රතිඵල ගොවි ජනතාව අතරට නොයෑම බරපතල අඩුපාඩුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේය. මෙරට ගොවි ජනතාවට පෞද්ගලික ආයතන මත යැපෙන්නට ඉඩ නොදී සියලු ආකාරයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට නිලධාරින් කැපවිය යුතු බවද, වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම, ඊටත් වැඩියෙන් තමන් සේවය කරන ස්ථානය ගොඩ නැගීමට කැපවීම සියලු සේවකයන්ගේ …
Continue Reading
ගමට ඩොලර් ගෙනෙන බුලත් වගාව
‘බුලත්’ යනු සිංහල සංස්කෘතිය හා බැදුණු සුවිශේෂී අංගයකි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය පයිබර් බෙට්ලේ ( Piper betel L.) ලෙස හඳුන්වයි. පයිපරේසියේ ( Piperaceae ) හෙවත් පිප්පලි කුලයට මෙම බෝගය ඇතුළත් වේ. අග්නිදිග ආසියාවේ මැලේසියාව හෝ එයට ආසන්න දිවයිනක මෙම බෝගය ජනිත වුවා යැයි උද්භිද විද්‍යාඥයින් විස්වාස කරති. පසුව බුරුමය, තායිලන්තය ආදී රටවල් වලද, අනතුරුව ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, පකිස්ථානය ආදී දකුණු ආසියානු රටවල් වලද මැඩගස්කරය, දකුණු අප්‍රිකාව වැනි …
Continue Reading
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්
ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමට “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාත්මක වේ. කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක …
Continue Reading
සහල් ආනයනය ගැන දෙවරක් සිතන ලෙස කෝපා කමිටුවේදී ඉල්ලයි
පසුගිය අප්‍රේල් මස පැනවූ ආනයන තහනම නිමා කරමින් සහල් ආනයනයට නැවතත් අවසර ලබාදෙන්නේ නම්, ඉදිරියට පැමිණෙන යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව නිසි පුරෝකථනයක් කිරීමෙන් අනතුරුව පමණක් එය සිදු කළ යුතු බව පසුගියදා (01) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් විසින් නිර්දේශ කෙරිණ. මෙහිදී, මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දුන්නේ, පවතින සුවිශේෂි තත්ත්වයන් යටතේ දේශීය වී …
Continue Reading
ආනයනික බීජවලින් ගොවීන් සූරාකන හැටි කෘෂි ඇමැති හෙළිකරයි
ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. එබැවින් මෙරට නිෂ්පාදනය කරන සහ මෙරට ආනයනය කරනු ලබන සියලුම බීජවල මිල නියාමනය කිරීමට කටයුතු කළ යුතු බව ජාතික බීජ සභාවට අමාත්‍යවරයා අද (02) උපදෙස් දුන්නේය. විශේෂයෙන් මෙරට ජාතික බීජ අවශ්‍යතාව පිළිබඳ නිවැරදී තොරතුරු පදනම් කරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ …
Continue Reading
කාබනික ඝන පොහොර හදන්න ගොවීන්ට මිලියන 4500ක් දීලා
කාබනික ඝන පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා ගොවීන් 8,05,601 දෙනකුට රුපියල් මිලියන 4500ක් මේ වන විටත් රජයෙන් ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න මහතා සඳහන් කළේය. කුඹුරු හෙක්ටයාර් 647,681ක් වෙනුවෙන් මෙම මුදල් ප්‍රදානය කර ඇති බවද කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කාබනික වගාවේ ඉදිරි ගමන පිළිබඳ ජාතික කථිකාවත මැයෙන් වූ වැඩමුළුවකට සහභාගී …
Continue Reading
පොහොර සහනාධාරය අහෝසියි – රසායනික පොහොර ආනයනය පුද්ගලික අංශයට
හරිත කෘෂිකර්මාන්තය නැවත ඇති කිරීම උදෙසා රසායනික දිලීර නාශක හා වල් නාශක ආනයනය තහනම් කිරීමට අප්‍රේල් මස 26 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන බවත්, අද සිට පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර විකිණීමේ අවස්ථාව හිමිවන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. එහෙත් රජය විසින් එලෙස රසායනික පොහොර …
Continue Reading
ග්ලයිෆොසෙට් තහනම් කළ ගැසට් එකත් හකුලා ගනී
ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 05ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත් විසින් (22දා) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් පළිබෝධ නාශක මත පනවා තිබූ භාවිතය සහ විකිණීමේ තහනම ඉවත් වනු ඇත. මහජනතාවගේ හිත පිණිස පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශණ …
Continue Reading
මින් පසු සහනාධාර දෙන්නේ කාබනික ගොවිතැනට පමණයි – ජනපති
කාබනික ගොවිතැනට පමණක් සහනාධාර … අඩුපාඩු හඳුනාගෙන ඊළග කන්නයට සූදානම් වන්න … ගොවීන් නිසි ලෙස දැනුවත් කර නැහැ … නිවැරදි දේ වෙනුවෙන් කැපවිය යුතු බවට ජනපති නිලධාරීන්ට දැඩිව අවධාරණය කරයි … රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, …
Continue Reading