සිංහල අලුත් අවුරුද්ද වෙද්දි ජීවන බර 75%කින් අඩු වෙනවා..! ඇමති නලින්ගෙන් ප්‍රකාශයක්..!

2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් මෙම වසර තුළ...

2024 වසරට සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම්..!

මෙම වසරේදී මෙරටට සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ඒ හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 ක ආදායමක් ඉපැයීම අපේක්ෂාව බවයි එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ. පසුගිය වසරේදී...

සේවාවට බාධාවක් නම් තරාතිරම නොබලා වහාම වැඩ තහනම් කරන්න..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (3) පැවසීය.  ...

ජනපතිවරණ සටනට එන්න දිලිත් දෙරණ ඇතුළු සියළු ආයතනවලින් ඉල්ලා අස්වේ…!

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සියලු සමාගම්වල දරන තනතුරැවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සභාපතිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වය දරණ සමාගම්වලින් 2024 ජනවාරි 01 වැනිදා සිට ඉල්ලා අස්වී ඇත. ඔහු මව්බිම ජනතා පක්ෂයේ නායකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට...

බයවෙන්න දෙයක් නෑ..! රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ බිත්තර කෝටි දෙකක සංචිතයක්..!

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (2) පැවසීය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවල, කොළඹ වරාය තුළ සහ ඉන්දියාවේ සිට මෙරටට ළගා වෙමින් ඇති බිත්තර...

සජිත් අනුර නෙමෙයි සක්‍රයා ආවත් 2024 වසරේදිත් ජනපති රනිල්ගේ නායකත්වයෙන් දැනට පැමිණි මග තුලම ඉදිරියට යා යුතුයි – මහ බැංකු අධිපති

පසුගිය කාලය තුළ ආර්ථික පසුබෑමකට ලක්වු රටවල් අතර සාපේක්ෂව කෙටි කාලයක් තුළ දැන් පවතින තත්ත්වයට පැමිණි රට ශ්‍රී ලංකාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මේ වන විට දේශීය ණය ප්‍රශස්තකරණය අවසන් කර ඇති බවත් චීනය, ඉන්දියාව, ජපානය...

එජාප ජනාධිපති අපේක්ෂකයා රනිල්..! මහ ලේකම් රංගේ සිරිකොතේදි කියයි..!

ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග වැදීමට සූදානමින් සිටින බව සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර පවසා ඇති බව අපට වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත...

වැට් බද්ද වැඩි කිරීම ගැන ඔබ දැනගත යුතුම කරුණු 05ක් මෙන්න…!

2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම පසුගිය දිනවල කතාබහට ලක් වූ කරුණක් විය. වක්‍ර බද්දක් වන මෙම බද්ද භාණ්ඩ හා සේවා මිල දී ගනු...

රට නැගිටිනවා..! ඉවසීමෙන් බලා ඉන්න..! ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්..!

කොවිඩ්-19 ව්‍යාප්තිය හා ඉන් ඇතිවූ ගෝලීය ආර්ථික අර්බුධ හමුවේ හෙම්බත්වූ රට සහ දේශීය ආර්ථිකය ගොඩ ගැනීමේ දුෂ්කර අභියෝගය ජයගැනීමට සියලුම ජනතාව නිවරැදි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා...

පාරිභෝගිකයන්ට දැනෙන සහනයක් දෙමින් ලංකාවේ අඩුම තෙල් මිල සයිනොපෙක් පිරවුම් හලෙන්..!

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අද අලුයම සිට ඉන්ධන මිල ඉහළ දමා ඇතත් සයිනොපෙක් සමාගම විසින් ඊට වඩා රුපියල් තුනක් මිල අඩුවෙ සිය බෙදුම්හල්වල ඉන්ධන අලෙවි කරන බව නිවේදනය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 363කට හා...
Loading posts...

All posts loaded

No more posts