අටමස්ථානාධිපති අපවත් වෙයි

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බවයි සඳහන් වන්නේ. අපවත් වන විට උන්වහන්සේ 69 වන වියේ පසු වුණා.

Continue Reading

ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දිනාගනියි

ශෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද The Seven moons of Maali Almeida නම් නවකතාව මෙවර බුකර් සම්මානය දිනාගෙන තිබෙනවා. බුකර් සම්මානය ග්‍රන්ථකරණයේ යෙදෙන්නන් හට හිමිවන නොබෙල් ත්‍යාගයට සමාන අගය කිරීමක් ලෙස හැඳින්වෙන අතර ශ්‍රී ලාංකිකයෙක්ට මෙම සම්මානය හිමිවන්නේ ප්‍රථම වතාවටයි. ඔහුගේ පලමු ග්‍රන්ථය වූ Chinaman කෘතිය ද ඉමහත් පාඨක ප්‍රසාදය දිනාගත්තා. ” වංචාව, දූෂණය, ජාතිවාදය අපට කිසිවක් ලබාදී නැහැ. මේ …

Continue Reading

ඛනිජ තෙල් සේවකයින් අද අසනීප නිවාඩු

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගෙන ඒමට එරෙහිව අද (18) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එම වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල සඳහන් කළේ, මෙම පනත ක්‍රියාත්මක කළ හොත් ඉන්ධන අවශ්‍යතාව මත සමාගම්වලට යටවීමට සිදුවන බවයි. අද දිනයේ ඉන්ධන අවශ්‍යතාව …

Continue Reading

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව පවුල් 13,902 කට අයත් 55,435 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 6 සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Continue Reading

කජීමාවත්ත ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් වෙයි

ගිනිගැනීමට ලක්වු මෝදර මාදම්පිටිය කජීමාවත්තේ පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසනවා. කජීමාවත්ත ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදුන් වාර්තාව මඟින් අදාළ තොරතුරු අනාවරණය වී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ. ඒ අනුව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ඔවුන්ට නිවාස ලබාදීමේ …

Continue Reading

අහුංගල්ලේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

අහුංගල්ල නගරයේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ වෙඩි තැබීම සිදු කිරීමට T56 ගිනිඅවිය ලබාදුන් පුද්ගලයා වන අතර ඔහු 41ක් හැවිරිදි කමාන්ඩෝ මාණ්ඩලික සැරයන්වරයෙක් බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ (16) එම සැකකරු රාජකාරී යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අහුංගල්ල පොලිස් …

Continue Reading

ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව සඳහා ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. පීඩාවට පත් පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආපදා සහන සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බවත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන් මඟින් එම සහන කටයුතු සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. දිවයිනේ පවතින කාලගුණ සහ ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා …

Continue Reading

වැසි සහිත කාලගුණය තවදුරටත්

දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. සබරගමුව …

Continue Reading

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව පවුල් 13,902 කට අයත් 55,435 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 6 සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Continue Reading

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ඉදිරි පැය කිහිපයේදී කැලණි ගංගා ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ආශ්‍රිත ප්‍රදේශවල පහත් බිම්වල මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ. මේ අතර කළු ඟග ද්‍රෝණියේ මධ්‍යම හා පහළ …

Continue Reading