කැබිනට් සංශෝධනයෙන් ප්‍රබල ඇමතිවරුන්ට අනිවාර්ය මාරුවීම්

Spread the love

ඉතාමත් නුදුරු දිනයකදී කැබිනට් සංශෝධනයක් සිදුකිරීමත්, එහිදී මුදල්, නීතිය හා සාමය ඇතුළු දූෂිත අමාත්‍යංශ කිහිපයක අමාත්‍යවරු මාරු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතිබවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

ජනාධීපතිවරයා තීරණ කරන ඕනැම සුදුසු වෙලාවකදී කැබිනට් සංශෝධනය සිදුවනු ඇති බවත්, එවැනි සංශෝධනයක් කළ යුතු යැයි රටේ මතයක් මෙන්ම තම පක්ෂයේද මතයක් පවතින බව ඊයේ(03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.