කහගොල්ලේදී බස් රථයේ පුපුරාගිය අත් බෝම්බය හමුදා සෙබළෙකුගේ දැයි සැකයක්!
- RSL
- February 21, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
බණ්ඩාරවෙල කහගොල්ලේදී මගී බස් රථයක වූ පිපිරීමට හේතුව අත් බෝම්බයක් බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
අද (21) උදෑසන දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය.
තුවාල ලැබූ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු ද ඒ අතර වෙයි.
ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වයට බරපතල බව දියතලාව මුලික රෝහලේ අධ්යක්ෂ වෛද අධිකාරී රංජීත් අමරකෝන් මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා අද දෙරණ කළ විමසීමකදී අවධාරණය කළේය.

