බැඳුම්කර කොමිසම නොමඟ යවන්න පර්පෙචුවල් සමාගම ගැසූ තවත් ගේමක් හෙළිවෙයි (Video)
- RSL
- June 29, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Perpetual Treasuries
- 0 Comments
ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් කරන ලද නියෝගය අනුව, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු දුරකථන හඬපටවල ඇතැම් සංවාද විකෘති කර මකා දැමීමෙන් අනතුරුව කොමිසම වෙත බාර දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිනි ගිරිහාගම මෙනවිය විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දී තිබේ.
මෙම නඩුවේ දෙවැනි විත්තිකාර අර්ජුන් ඇලොෂියස් මහතාගේ අනුබලය ඇතිව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කසුන් පළිසේන, ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් තිලිණ සල්ගාදු හා ජ්‍යෙෂ්ඨ විකුණුම් නිලධාරී සචිත්‍ර මධුශංක යන මහත්වරු විසින් එම නීතිවිරෝධි ක්‍රියාව සිදු කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුමිය අධිකරණයට දැනුම් දී ඇත.
බැඳුම්කර කොමිසමෙන් ලබා ගත් එකී දුරකථන සංවාද ඇතුළත් හඬපට 4 හා පර්පෙචවල් ට්‍රෙෂරීස් සමාගමේ අනුකූලතා නිලධාරීනි විජේවදනී ජේසුදාසන් මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් හඬ පට 4ක් ද රජයේ රසපරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද කොටුව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කර තිබේ.
එම නඩුව ලබන ජුලි 20 වන දා යළි කැඳවීමට නියමිතයි.

