හොරු සමඟ හොරු එක්වෙති, මන්ත්‍රීවරු රැසක් බැඳුම්කර විවාදය මඟහරිති; ඩීල් එළි පිට වැඩ කළ හැටි (විශේෂ)

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත සිදුකරන ලද “බැඳුම්කර ජනාධිපති කොමිසම” සහ “බරපතළ වංචා දූෂණ සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම” මඟින් අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා අද(06) පැවති පාර්ලිමේන්තු විවාදය සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සංවිධානාත්මකව එක්ව කටයුතු කළ බව පැහැදිලි විය. විවාදය සඳහා පැමිණ සිටියේද ඉතාම සීමිත මන්ත්‍රීවරුන් පිරිසක් වන අතර විවාදයට සහභාගී වූයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකි.

උදය වරුවේ මන්ත්‍රීවරුන් යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටියද පස්වරු 2.00න් පමණ පසු සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වැනි ප්‍රමාණයක් වන අතර ඇතැම් අවස්ථාවල සිටියේ කතා කරමින් සිටි මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා පමණි.

මේ තුළින් එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ “හොරු හොරු එකට එක්වන අශුද්ධ සන්ධානය” පිළිබඳව අනාවරණය සත්‍යයක් බව වැඩිදුරටත් තහවුරු විය. ඊට කදිම උදාහරණය නම් වේදිකාවක් වේදිකාවක් ගානේ ජනාධිපතිවරයාට බැනමින් බැඳුම්කර කොල්ලය ගැන විසිල් ගසන හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාද මෙම විවාදය මඟ හැරියේ සැලසුම් සහගතවය.

එසේම රටේ දූෂණයට – වංචාවට විරුද්ධව වේදිකාවක් වේදිකාවක් ගානේ විසිල් ගසනවා මදිවට කලා කරුවන්වද තම පක්ෂයට කඩේ යෑමට අන්දවා ගත් ජ.වි.පෙ. සහ එහි නායක අනුර කුමාර දිසානායක මහතාද විසිල් ගැසුවා මිස බල්ටි ගැසුවේ නැහැ. ඔහු මෙම බැඳුම්කර කොල්ලයට සම්බන්ධ වූ මලික් සමරවික්‍රමගේ නම පවා සඳහන් නොකිරීමට වග බලාගත්තේය. වෙනදා දාන සද්ද, පොර ටෝක් අද තිබුණේම නැත. එය ජ.වි.පෙ.ය එජාපයේ අතකොලුවක් වී ඇති බවට වූ කදිම සංඥාවක් බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

දෙමළ ජාතික සන්ධානය විවාදය වර්ජනය කර තිබූ අතර පස්වරු 4.30 ට අවසන් වීමට තිබූ විවාදය පස්වරු 4.00 ට අවසන් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවාදය ආරම්භ කළ අතර එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරුන් පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් පමණක් අදහස් දැක්වූ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් පමණක් අදහස් දැක්වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූයේ එම පක්ෂයේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට තිබූ කාලය එකතු කරගෙනය.

RSL

Related Posts