බැඳුම්කර කොල්ලයෙන් කොල්ල කා ඇති මුදල රු.මිලියන 11,145 ඉක්මවන බව තහවුරු වෙයි
- RSL
- January 3, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
- 0 Comments
ඓතිහාසික මහ බැංකු කොල්ලයෙන් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇතිබව ජනාධිපති බැඳුම්කර කොමිසමෙන් තහවුරු වී තිබේ.
මෙලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන 11,145 ඉක්මවන බවත් එම වාර්තාවේ සඳහන්.
එසේම බැඳුම්කර කොල්ලයේදී කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රාජ්‍ය ආයතනවලින් කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන 8528 ඉක්මවන බවත් සඳහන්.

