එංගලන්තය දිනවූ අහඹු වරදට බෙන් ස්ට්‍රොක් නවසීලන්තයෙන් දිවි ඇති තුරා සමාව යදී..
- RSL
- July 15, 2019
- උණුසුම් පුවත්, ක්‍රීඩා
- 0 Comments
තමන් ජීවිත කාලෙ පුරාම නවසීලන්ත කණ්ඩායමෙන් සමාව ඉල්ලන බව ඊයේ දිනයේ ලෝක ශූරයන් බවට පත්වූ එංගලන්ත කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක බෙන් ස්ට්‍රොක් පැවසීය.
ලෝක ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
නවසීලන්ත ක‍්‍රිඩකයෙකු විසින් කඩුල්ල වෙත යොමු කල පන්දුව තම පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ගමන් කිරීම වෙනුවෙන් තමන් ජීවිත කාලය පුරාම සමාව ඉල්ලන බව ඔහු පැවසීය.
නවසීලන්තය සමග ක්‍රීඩා කරන ලද සෑම තරගයක්ම ඉතා හොද තරගයක් වූ බවත් ඔවුන් සැබැවින්ම ඉතා හොඳ කණ්ඩායමක් ඔහු සඳහන් කළේය.
බෙන් ස්ට්‍රොක් විසින් පහරක් එල්ල කල කඩුළු අතර දිව යද්දී නවසීලන්ත පන්දු රකින්නෙකු යොමු කල පන්දුව දිව යමින් සිටි ස්ට්‍රොක්ගේ පිත්තේ වැදී හතරේ සීමාව ඉක්වමා ගියේය. ඒ හේතුවෙන් ඉතා තීරණාත්මක මොහොතක එංගලන්ත පිලට ලකුණු 06ක් හිමි විය. එය තරගයේ අතිශය තීරණාත්හක සිදුවීම විය.

