අනිකාට තර්ජනය කළ ශනිල්ට ඇප

Spread the love

බැඳුම්කර ගනුදෙනුවේ සාක්ෂිකරුවන්ට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශනිල් නෙත්තිකුමාර නැමැත්තා රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (04) නියෝග කළේය.

මීට පෙර ඔහුට නිකුත් කර තිබූ නොතීසියකට අනුව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස ඇප ලබාදීම සිදුවිය.

එමෙන්ම මොහුට හෙට(05) දිනයේ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට විනිසුරුවරිය දැනුම් දුන්නේය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් අනීකා විජේසූරිගේ සොහොයුරු විජිත් විජේසූරියට තර්ජනය කළ බවට ශනිල් නෙත්තිකුමාරට චෝදනා එල්ල වී තිබිණි.