බැසිල් ඇපත් අරන් ගෙදර යයි
- RSL
- May 12, 2016
- පුවත් සහ වාර්තා
- Basil Rajapaksa, news, reports
- 0 Comments
මාතර ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබූ හිටපු ආර්ථික අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැය කිහිපයක් තුළ ඇප මත නිදහස් වී ගෙදර යෑමට සමත්ව ඇත.
බැසිල් රාජපක්ෂව මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 3ක් මත මුදාහැර ඇත.
බැසිල් රාජපක්ෂ වැන්න වුන් අද මෙලෙස අධිකරණයෙන් ඇප ලබා ගෙදර ගියද රාජපක්ෂ රෙජීමය සමයේ රාජපක්ෂවරුන්ට එරෙහිව කටයුතු කර අධිකරණයට පැමිණවුවන්ට ඇප ලැබුනේ නැත.