චන්දික හතුරුසිංහ ගැන බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ගත් දැඩි තීන්දුව

Spread the love

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට ක්‍රිකට් මණ්ඩලය (BCB)තීරණය කර තිබේ.

විනය හේතු මත මෙම තීරණය ගෙන ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඉන්දීය තරග සංචාරයේ දී බංග්ලාදේශය ටෙස්ට් හා විස්සයි 20 තරග සියල්ලෙන්ම දරුණු පරාජයක් ලැබූ පසුබිමක පුහුණුකරුගේ සේවය අත්හිටුවීමට පියවර ගැනීම විශේෂත්වයකි.

මේ අතර 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක Phil Simmons පත් කර ඇති බව වාර්තා වේ.

හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස දෙවැනි වරටත් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය.

Related Posts