මිලියන 21කට කන්න පොල් ගෙඩි මිලියන 3086ක් කඩලා – ඒත් පොල් නෑලු !

හෙක්ටයාර් ලක්ෂ 5කට ආසන්න අගයක පොල් ගෙඩි මිලියන 3000කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය වන රටේ (මේහි විචල්‍යතා තිබිය හැකිය) ඇත්තටම රටේ ජනතාවට අවශ්‍ය පොල් ගෙඩි මිලියින 1600කට ආසන්න ප්‍රමාණය නිෂ්පාදනය නොවූ වසරක් නැත. ‘එලොව පොල් පේනවා‘ කියන කතාව මීට කලකට පෙර භාවිතා වුණේ හදිසි විපතකදී ඇති වන අසීරු හැගීම ප්‍රකාශ කිරීම සදහාය. ඒත් පසුගිය කාලය පුරා මෙරට ගෘහණියන්ට එලොව පොල් …

Continue Reading

Covid-19 ආසාදිතයින් 05 දෙනෙක් මරුට

අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව පස්වරු 17.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ මරණ 5ත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් බවට පත්වේ. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි. මේ අතර අද දිනයේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.

Continue Reading

හාල් – එළවළුවලට තියෙන කැක්කුම මාළු – මස්වලට නැත්තේ ඇයි ?

පසුගිය දින කිහිපය තුළ ම විසින් සම්පාදනය කළ ‘තිත්ත ඇත්ත‘ ලිපිවලට සමාජමාධ්‍යවලින් උණුසුම් ප්‍රතිචාර ලැබුණා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කියා සිටියේ ‘සාමාන්‍යයෙන් ලංකාවේ වෙබ් අඩවිවලින් කතා නොකරන ‘දත්ත සහිත‘ සාකච්ඡාවක් ආරම්භ කිරීම අතිෂය කාලීන බවයි. ඒ සදහා තමන්ගේ ද නොමසුරු දයාකත්වය ලබා දෙන බවයි. වෙබ් ලිපි රචකයෙක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන මට මේ ප්‍රතිචාරය අලුත් අත්දැකීමක්. මොකද බොහෝ දෙනෙක්ගේ …

Continue Reading

වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහන් මාලාව ඇරඹෙයි

පෝෂදායී වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර මතුගම අධ්‍යාපන කලාපය මූලික කරගනිමින් ‍නොවැම්බර් 12 දින  මතුගම අදිකාරම් මහා විද්‍යාලයේ දී ආරම්භ විය. කොවිඩ් අභියෝගය ඇතුළු අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට ප්‍රතිශක්තියෙන් සවිමත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා …

Continue Reading

කොළඹ නගරයේ ජීවත් වන ලක්ෂ 6න් 30,000ක් කොරෝනා ආසාදිතයින්

කොළඹ නගරයේ ජීවත් වන 600,000ක් පමණ වන ජනගහණයෙන් 5%ක් කොවිඩ්-19 ආසාදිතයින් යැයි සැක කළ හැකි බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීන් රුවන් විජේමුණි මහතා හෙළිකළ බව අද (12) ලංකාදීප ඊ පුවත්පතේ වාර්තාවක සදහන් වෙයි. ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 30,000කට අධික පිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි බවයි විජේමුණි මහතා සදහන් කර ඇත්තේ. එහෙත් මෙම සංඛ්‍යාව පිළිබද උපකල්පනය සිදුව ඇත්තේ …

Continue Reading

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මත වෙයි

2020 ආදායම් වියදම් ඇතුලත් විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.  අද උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි.  පසුගිය වසරේ දී මේ වස‍රට අදාළ අයවැයක් ඉදිරිපත් ‍නොකෙරුනි. ඒ අනුව, අතුරු සම්මත ගිණුම් 4කින් රාජ්‍ය වියදම් සදහා මුදල් වෙන් කෙරිණ. එම අදායම් වියදම් පිළිබඳ විසර්ජන පනත …

Continue Reading

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ

 අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වැදගත් සංධිස්ථානයකට අවතීර්ණ වෙමින් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව අද දින (12)   ආරම්භ කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි.   නවීන ඩ්‍රෝනවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහසම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සිය නවතම …

Continue Reading

ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්ති ලෝකය වෙනස් කරයිද ?

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකින පරිදි ලෝකය තුළ ”ඇමෙරිකාව ප්‍රමුඛ”(“America First”) වෙයි. එම ජාතිකවාදී අදහසත් සමඟ ජාත්‍යන්තර ගිවිසුම් අගාධයට හෙලනු ලැබීමක් සිදුකෙරෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන්නේ එම ජාත්‍යන්තර ගිවිසුම් ඇමෙරිකා එක්සත් ජනපදයට පලක් නොමැති අසාධාරණ ඒවා වන බවය. ට්‍රම්ප්ගේ එම ස්ථාවරය එක්සත් ජනපදයට පමණක් වාසි සහගත වූවකි. එසේම එය භේද ඇතිකරන සුලු, කඩාකප්පල්කාරී මෙන්ම ඒකපාර්ශ්වීය නිගමනයකි. එපමණක් නොව, එය ඔහුගේ පෞද්ගලිකමය …

Continue Reading

දීපාවලී සමරන්න සෞඛ්‍ය උපදෙස් සහ නිදේශ

මෙවර දීපවාලී උත්සවය සැමරීමේ දී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් එම උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් හින්දු නායකයින්, ප්‍රජා නායකයින් ඇතුලු හින්දු ආගමික ජනතාවට ලබාදිමට පියවර ගෙන ඇත. ඒ අනුව රටේ පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වයද සමග ලබන නොවැම්බර් මස 14 වන …

Continue Reading

නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා – අගමැති

රටේ ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීම උදෙසා පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මගෙන් ඉවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 අය-වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද (12)  පැවැසීය. 2020 වර්ෂය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වී ඇත්තේ අතුරු සම්මත ගිණුම් 4ක් තුළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රට විශාල ණය උගුලක …

Continue Reading