ලැන්කෂයර් ප‍්‍රාන්ත ක්‍රිකට් සභාපති කොවිඩ් 19 ආසාදනයෙන් මරුට

එංගලන්තයේ ලැන්කෂෙයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති ඩේවිඩ් හොඩ්කිස් Lancashire chairman David Hodgkiss මහතා (71) කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. වසර ගණනාවක් ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සමඟ කටයුතු කළ හොඩ්කිස් මහතා එහිදී භාණ්ඩාගාරික සහ උප සභාපති ධුරයන්හි ද කටයුතු කර තිබෙනවා.

Continue Reading

ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දෝනි Covid 19 සහනවලට දුන් ‘සොච්චම’ ගැන දැඩි විවේචන

නිවැරදි මූලාශ‍්‍රමත පදනම් නොවී ‘හුදු’ තොරතුරු පමණක් මුදා හරින සමාජ මාධ්‍ය ඉන්දිය ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙහන්ද්‍ර සිං දෝනිව ඉලක්ක කරගෙන පසුගිය දිනවල ගෙන ගිය ප‍්‍රචාරය සාවද්‍ය පුවතක් බව මේ වන විට හෙළිව තිබෙනවා. නව කොවිඩ් වෛරසය මර්ධනය සඳහා පූනේ හි සමාජ සුබසාධන ආයතනයක් දියත් කළ වැඩසටහනක් වෙත සහාය දක්වමින් සුපිරි ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පරිත්‍යාග කළ රුපියල් …

Continue Reading

ජූලි අග දක්වා සියලු ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලි කල් යයි

කොවිඩ් 19 වෛරසය ගෝලීය වසංගතයක් වීම හේතුවෙන් ජූනි මස අග දක්වා සියලු තරගාවලි කල් දැමීමට තීරණය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. 2021 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සහ වසර 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග ද ඊට ඇතුළත් බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය සදහන් කළේ. මේ අනුව අප්‍රේල් මස 16 සිට 21 දක්වා …

Continue Reading

කොවිඩ් 19 – මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?

කොරෝනාවෛරසය ලෝකය අවිනිශ්චිතතාවකට ඇද දමා ඇති අතර, මෙම වසංගතය පිළිබඳ පුවත් නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් ඔබට මානසික ව්‍යාකූලතා ඇති විය හැකිය. මේ සියල්ල පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට බලපානු ඇත. දැනටමත් සාංකාව සහ ඕසීඩී (Obsessive-Compulsive Disorder) වැනි රෝගී තත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයෙකුට නම් මෙවැනි අවස්ථාවකදී මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම දැඩි අභියෝගයක් වනු ඇත. කොරෝනාවෛරසය පැතිරී යන අවස්ථාවේදී …

Continue Reading

Update: ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද දහවල් 2.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා …

Continue Reading

සාමාන්‍ය ජනතාව මුහුණු ආවරණ පැළදීම අනවශ්‍යයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

ඔබ අසනීප වී හෝ අසනීපව සිටින අයෙකු රැකබලා නොගන්නේ නම් මුහුණු ආවරණ පැළඳ නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු හෝ කොවිඩ් 19 ආසාදිතයෙකු රැක බලා ගන්නා පුද්ගලයෙකු හැර අන් පුද්ගලයින් මුහුණු ආවරණ පැළදීම අනවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ඊයේ (30) යළිත් අවධාරණය කළා. “මහජනයා විසින් මුහුණු ආවරණ පැළඳීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීම හා සම්බන්ධයෙන් …

Continue Reading

ඉහළ අවදානමක් සහිත කලාපවල ඇඳිරි නීතිය දිගටම

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට, අප්‍රේල් 01 බදාදා උදෑසන 6.00ට ඉවත් කොට දහවල් 2.00ට යළි පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් …

Continue Reading

Covid 19 ව්‍යාප්තිය පාලනයට GMOA රජයට දැඩි නිර්දේශ ඉදිරිපත් කරයි

ශ‍්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප‍්‍රදේශවල සමාජ දුරස්ථකරණය සියයට 50කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය සියයට 80කට වඩා වැඩි මට්ටමේ පවත්වා …

Continue Reading

Update: කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට

නව කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද දින (31) 142ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. අද (31) දිනයේදී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 20 දෙනකු වාර්තා වීම සමග ඊයේ (30) 122ක් වූ අගය මේ ආකාරයෙන් ඉහළ ගොස් තිබේ. මෙතෙක් නව කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූ දිනය අද බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය වැඩි දුරටත් පැවසුවේ. මේ වන …

Continue Reading

කටුනායක 20,000ක් බෝඩිංවල සිරවී නැහැ – ඇමැති ප්‍රසන්න

බොඩිං වලට සීමා වී සිටි නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් නිවෙස්වලට පිටත්කර හැරීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ වැඩි වශයෙන් නිවෙස්වලට පිටව ගොස් ඇත්තේ එම වෙළද කළාප වල ස්ථිර සේවක සේවිකාවන් නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඇදිරි නීතිය පැනවූ විට මෙම නිදහස් වෙළද කලාපවල  ස්ථිර සේවක සේවිකාවන්ගෙන් බහුතරය නිවෙස්වලට …

Continue Reading