ප්‍රංශයේ තත්ත්වය බරපතළයි: ස්වේච්ඡා සෞඛ්‍ය වෘත්තිකයන්ට රජයෙන් ආයාචනයක්
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍ර වීමත් සමඟ ප්‍රංශ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි අධික ආතතියක් හටගෙන ඇතැයි පවසන ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන් , ප්‍රංශයේ කොරෝනා ආසාදිත රෝගීන් සුවපත් කර ගැනීම සඳහා මේ අවස්ථාවේ රජයට සහයෝගය ලබා දෙන ලෙස සියළුම ස්වේච්ඡා සෞඛ්‍ය වෘත්තිකයන්ට අයත් වන වෛද්‍යවරුන්, හෙදියන් සහ සාත්තු සේවකයන්ට තමන් ආයාචනා කරන බව ඊයේ ( මාර්තු 31 ) ප්‍රකාශ කළාය. නගර …
Continue Reading
සමාජ මාධ්‍ය තුල වගකීම් විරහිත ප්‍රකාශ සිදුකරන්නන් හට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි
ශ්‍රී ලංකාව මුහුණදී සිටින COVID-19 වයිරස ආපදා තත්වය යොදාගනිමින් යම් සංවිධානාත්මක කණ්ඩායම් ෆේස්බුක් වට්සැප් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම, ජාතිවාදය ඇවිලෙනසුළු පුවත් සමාජගත කිරීම වැනි ක්‍රියාවන්හි නියැලී සිටින බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත. සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ …
Continue Reading
Eye සහ නේත‍්‍රා නාළිකා අධ්‍යාපන නාළිකා බවට පත් කරයි – සරසවි ප‍්‍රවේශයට කල් දෙයි
පාසල් ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සදහා අයැදුම් කිරීමට කාලය ලබාදෙන බව උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියයි. අද (01) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී උසස් අධ්‍යාලන අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. මහපොල ආධාර මුදල් ඊයේ දිනය වනවිට සරසවි සිසුන්ගේ ගිණුම්වලට බැර කර අවසන් කළ බව කී අමාත්‍යවරයා විශ්ව විද්‍යාල අධ්‍යාපන හා උසස් …
Continue Reading
AL විභාගය කිසිසේත් කල් දමන්නේ නෑ – අධ්‍යාපන ඇමැති ඩලස්
උසස් පෙළ විභාගය කිසිසේත් කල් නොදමන බවත් එවැනි තීන්දුවක් රජය මේ වනතුරු රැගෙන නැති බවත් අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි. අද (01) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අධ්‍යාලන අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙවර උසස් පෙළ විභාගය කල් යන බවට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන දෙකක් සහ සමාජ මාධ්‍ය විසින් …
Continue Reading
වෛරසය පාලනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එජාපයේ ප්‍රසාදය
කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. මේ වන විට වෛරසය ආසාදිත පිරිසෙන් …
Continue Reading
COVID-19 ආසාදිතයින් හදුනා ගැනීම සදහා PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දෙයි
COVID-19 හෙවත් නව කොරෝනා වෛසරය ආසාදිත රෝගීන් හදුනා ගැනීම සදහා කෙරෙන PCR (Polymerase chain reaction) පරීක්ෂණය සදහා යොදා ගන්නා යන්ත්‍ර දෙකක් අද දින (01) විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙනු ලැබීය. විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක …
Continue Reading
ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 91% කට පළමු වාරිකය ගෙවා අවසන්
-
RSL
-
April 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ තීරණය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 91% කට රු 5000 ක පළමු වාරිකය ගෙවා අවසන් බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් 1,27,443 සදහා රුපියල් 651,964,360ක මුදලක් ලබා දී ඇති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් ගණන 1,38,777 …
Continue Reading
ආණ්ඩුව යාන්ත‍්‍රණයක් හදනවානම් ‘අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගම් මට්ටමට බෙදාහරින්න’ ජවිපෙ සූදානම්
මේ වසංගතයෙන් පැරදුණොත් පැරදෙන්නේ මුළු රටමයි. ඒ වගේම දිනුවොත් දින්නේ මුළු රටමයි. කොරෝනා වෛරස නිසා රට තුළ මතුව ඇති නව තත්වයන් පිළිබඳව ජවිපෙ පැහැදිලි කිරීමක් මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුව සම්පූර්ණයෙන් මෙහි පළ වේ. ලෝකය පුරාම කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ තත්වයක් තුළ රටක් හැටියටත් අපි මේ තත්වයට …
Continue Reading
ජනපති මහ බැංකුව සමග ආර්ථික සමාලෝචනයක
COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය. මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා, බැංකු අධීක්ෂණය භාර සහකාර අධිපති සහ සංනිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ සාකච්ඡාවට එක්ව සිටියහ. COVID-19 ව්‍යාප්තිය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහ …
Continue Reading
ශ්‍රී ලංකාවේ ණය ගැන ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්
සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග දුරකථනයෙන් කථා කළ ජනාධිපතිවරයා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික …
Continue Reading