මැග්නිෆිකා සුඛෝපභෝගී නෞකාවේ සේවය කළ ලාංකික තරුණයාගේ ඉල්ලීම ජනපති ඉටුකරයි

ලෝකයේ කිසිදු වරායකින් භාර නොගත් එම්.එස්.සී මැග්නිෆිකා (MSC Magnifica) නෞකාවේ සේවය කළ එකම ශ්‍රී ලාංකික තරුණයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත මව් රටේ ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ක්‍රියා කරයි. MSC Magnifica නෞකාවේ මගීන් සහ කාර්යය මණ්ඩලය 2,700ක් වූහ. ජනවාරි 05 වන දින ගමන් ආරම්භ කළ නෞකාව ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය නිසා ඕස්ට්‍රේලියාවේදී සංචාරය නතර කළේය. පවතින …

Continue Reading

නවතම ඇඳිරි නීති නිවේදනය – ගොවිතැන් හා කුඩා තේ වතුවලට වැඩට බලපෑමක් නෑ

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල අද, සඳුදා උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබීය. මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට …

Continue Reading

බේදයකින් තොරව ජනතාවට සහන සලසනවා – ජනපති SJB හමුවේදී කියයි

කොරෝනා වෛරසය පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව  රජය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය …

Continue Reading

Covid-19: මැදපෙරදිග කලාපයේ සැබෑ තත්ත්වය කුමක්ද ?

කොවිඩ් -19 ආසාදිතයින් සහ මරණ ගැන වාර්තා වන විට ලෝකයේ වැඩිම අවධානයක් යොමු වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් වෙතයි. ඒ අතර ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවය කරන නිසා දකුණු කොරියාවත්, ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ජීවත් වන නිසා ඕස්ට්‍රේලියාවත් දැඩි අවධානයට ලක් වෙනවා. ඒත් දශක කිහිපයක් පුරා මිලියකට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ජීවත් වන …

Continue Reading

ජනපතිට කොරෝනා යැයි මුහුණු පොතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථීර වශයෙන්ම කොරෝනා වෛරසය වැළැදී ඇතැයි සදහන් කරමින් මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර හුවමාරු කර ගත් බවට සැකපිට ඊයේ (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික නර්තන ආයතනයක අධ්‍යක්ෂිකාවක වන වාද්දුව, මහවිහාර මාවත පදිංචි තිලිණී මීවනගේ (41) නැමැත්තිය ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා අද (06) නියෝග කළේය. ජනාධිපති …

Continue Reading

කොරෝනා වසංගතයෙන් සුරක්ෂිත ලෝකයේ රටවල් 19ක්

එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් ‌මේ වනවිට ‌කොරෝනා වසංගතයට මුහුණ දී නැති රටවල් ‌ලෙස ඉතිරිව ඇත්තේ රටවල් 19ක් පමණක් බවත් ඉන් බහුතර ඔෂනියා (ඕස්ට්‍රේලියාව අවට මුහුදේ පිහිට) කලාපයේ රටවල් බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නව කොරෝනා වසංගතයෙන් මේ දක්වා බේරී ඇති රටවල් 19 වන්නේ කොමරෝස්, කිරිබර්ති, ‌ලෙසතෝ, මලාවි, මාර්ෂල් දූපත්, මයික්‍රොනීෂියා, නාවුරු දූපත්, උතුරු ‌කොරියාව, පලාවූ, සැමෝවා, …

Continue Reading

කොවිඩ් -19 ආසාදිත බි‍්‍රතාන්‍ය අගමැති රෝහල්ගත කරයි: ඉන්දියාවේ කොරෝන මරණ 109යි

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බී.බී.සී පුවත් සේවය පවසයි. එහි සදහන් වන්නේ කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයේ සිටි අගමැතිවරයා වෛද්‍ය උපදෙස් මත පරීරීක්ෂණ සදහා ඊයේ (5) රාත්‍රියේදී රෝහල් ගත කළ බව අගමැති කාර්යාලය විසින් නිවේදනය කළ බවයි. කොරෝන වෛරස් වසංගතය හමුවේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ නිරත වෛද්‍යවරුයන්, හෙද ඓදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉටු කරන්නාවූ …

Continue Reading

බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ නැංවීම සදහා සැලසුම්

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩ නැංවීම සදහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ රටතුල කොරෝනා වසංගතය පැතිර යාම පාලන කල වහාම රජය මේ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිරයාම …

Continue Reading

කොරෝනා වසංගතය: ඒකාධිපතිවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය

ලංකාවේ රෝහල් ක්‍රමය තවමත් අර්බුදයකට ගොස් නැත්තේ රෝහල් ක්‍රමයේ ධාරිතාවට ඔරොත්තු නොදෙන තරමට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නොයෑම නිසාය. ඒ සීමාව ඉක්මවා ගියවිට අපේ සිනහවට හේතුවී තිබෙන ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය. ඇද වැටී සිටින අසරණ තත්ත්වයට පත්වන්නට ලංකාවටද සිදුවන්නේය. වික්ටර් අයිවන් කොරෝනා වසංගතයට මුහුණදීමේදී ඒකාධිපති පන්නයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ යයි කිවහැකිය. එය එසේ …

Continue Reading

‘යළි ගෙවත්ත ගැන අවධානය යොමු කිරීම’ ඇගට – මනසට හා පසුමිබියටත් හොදයි

කෙටිකාලීන බෝග – අවදානම අඩු දේශීය බෝග – පුළුල් දේශගුණ පරාසයක වැවෙන බෝග – පෝෂණ ගුණයෙන් වැඩි බෝග – තෝරාගෙන පටන් ගනිමු දැනුවත්ව හෝ නොදැනුවත්කමින් හෝ දේශීයව නිපදවා ගතහැකි ආහාර බෝගයන් මෙරට වගාකිරීමට උනන්දු නොවීමෙන් හා පෞද්ගලික ‘ගෙවත්ත’ ට ගෙදර ආහාර සැපයුම් කාර්යාවලියේ නිසි තැනක් නොදීම හේතුවෙන්, අනාගත ආහාර හිඟයක අමිහිරි අත්දැකීම් අපටත් විඳින්නට සිදුවෙනු ඇතැයිද මත ඉදිරිපත්වෙමින් තිබේ.  වසංගතයක් යනු රෝගාබාධ හා මරණය පමණක් බෙදාහරිමින් සමාජයට වින …

Continue Reading