කොවිඩ් -19 පොකුරු වර්ධනය වීම හෝ නොවීම ගැන දැන්ම අනාවැකි බෑ – අනිල් ජාසිංහ

කොවිඩ් -19  පොකුරු ( Clusters ) වර්ධනය වීම හෝ නොවීම පිලිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිලිබඳව මේ මොහොතේ අනාවැකි පලකල නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අද (29) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා රෝග ව්‍යාප්තිය පාලනයට ගෙනයන වැඩපිලිවෙල සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ සෞඛ්‍ය අංශ විසින් …

Continue Reading

Covid-19: ඉදිරිපෙළ වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සහතික නොකළොත් ‘දැඩි ක්‍රියාමාර්ග’ ගන්නවා – GMOA

Covid-19 වසංගත තත්ත්වය ප‍්‍රශස්ථ ලෙස පාලනය කර වෛද්‍යවරුන් ඇතුළු ඉදිරිපෙල වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සහතික කිරීමේ කාර්ය නිසි ලෙස ඉටු කිරීමට ඉදිරියේදී හෝ සෞඛ්‍ය බලධාරින් කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව උපරිම ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවුන බව එහි ලේකම්, වෛද්‍ය අලුත්ගේ මහතාගේ අත්සනින් අද (29) නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි. Covid-19 …

Continue Reading

පාලන මිල අහෝසි කිරීම සමග සුදු සීනි මිල ඉහළට

පාරිභෝගික අධිකාරිය මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ (28) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි සුදු සීනි සදහා පනවා තිබූ රුපියල් 100ක පාලන මිල ඉවත් කළා. සුදු සීනි කිලෝවක් මෙරටට ගෙන්වීමේදී රුපියල් 115 කට වඩා වැඩි මිලක් වැයවීම හේතුවෙන් මෙම උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට තීරණය කළ බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කරන්නේ. ඩොලරයේ අගය ඉහළයාම, ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය …

Continue Reading

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාතය 12%යි

2020 අප්‍රේල් 27 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී   අනුපාතය වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකට සීමා කරමින් මුදල් නීති පනත යටතේ නියෝගයක් නිකුත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් …

Continue Reading

කොරෝනා වෛරසය: දරුවන් තුළ මතු වූ දුර්ලභ, බරපතල රෝග ලක්ෂණ

Covid-19 ආසාදනයට සම්බන්ධ යැයි සැලකිය හැකි දුර්ලභ නමුත් භයානක රෝග ලක්ෂණ කීපයක් දරුවන් අතර නිරීක්ෂණය වී ඇති අතර, මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ට අනතුරු අඟවා තිබේ. ලන්ඩන් ඇතුළු බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශවල පිහිටි දැඩි සත්කාර ඒකකවල මෙම අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත බරපතල ලෙස රෝගී වූ දරුවන් ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරුන් වෙත යවන ලද එම ලිපියේ දැක්වේ. එවැනි …

Continue Reading

ඇමෙරිකාවේ වගේ ජුනි 05 වැනිදට පසු ශ්‍රී ලංකාවත් ‘Government Shut Down කරන්න වෙයිද ?

රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය මත රාජ්‍ය සේවාවන්ගේ යම් ඇණහිටීමක් ඉදිරියේදි සිදුවේ ද යන්න පිළිබඳව සාකච්ඡාවට ලක් කිරීම කාලෝච්තය. ඒ අනුව මේ අවස්ථාවේදී සකච්ඡා කළ යුත්තේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි නොකැඳවා සිටිය හොත් සහ මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත්  2020 ජුනි 05 වැනිදාගෙන් පසුව ආණ්ඩුවේ සමහර සේවාවන් නතර කර දැමීමට (Government Shut Down) සිදුවේ …

Continue Reading

ඇමති ප්‍රසන්නගෙන් තම අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන්ට විශේෂ නියෝගයක්

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කීමෙන් පසු සංචාරක, ආයෝජන ප්‍රවර්ධන, කාර්මික අපනයන හා ගුවන්සේවා ක්ෂේත්‍ර යලි  නංවාලීමට අදාල යෝජනා හා සැලසුම් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාල ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි. අදාල සැලසුම් හා යෝජනා සතියක් තුල ලබා දෙන ලෙසද ඇමතිවරයා එම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. කාර්මික අපනයන, ආයෝජන …

Continue Reading

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ‘ගර්භනී කාන්තාවට’ විශේෂ නිවේදනයක්

Covid- 19 වසංගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ පහත සදහන් අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි. උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, …

Continue Reading

Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහළට

අද දින (28) ප.ව 08.04 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 611ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. අද දිනය තුළ ප.ව 08.04 වන විට වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 23ක් බවයි එහි සදහන් වන්නේ. දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 317ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 470ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ. …

Continue Reading

නොබෝ දිනකින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකි වෙතැයි ජනපති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත විය. කොවිඩ්-19 වසංගතය පිළිබඳ වත්මන් තත්ත්වය විමසූ පූජ්‍ය ධම්මාලංකාර මහා නායක හිමිපාණෝ සහ කාදිනල් හිමිපාණෝ වෛරසය පාලනය කරමින් ජනතාව සුරක්ෂිත කිරීමට …

Continue Reading