Covid-19 Global Update: රුසියාවේ වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක් – ඉන්දියාව අනතුරේ!

ගෝලීය වශයෙන් අද දින (14) පෙ.ව 09.32 (ඇමෙරිකාවේ වේලාවෙන්) වන විට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,387,438ක් සහ මරණ සංඛ්‍යාව 299,333ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි නවතම යාවත්කාලීන කිරීම් අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 1,398,393 ක් සහ මරණ සංඛ්‍යාව 84,575ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් 252,245 රුසියාව, 234,431 එක්සත්රාජධානිය, 228,691 ස්පාඤ්ඤය, 223,096 ඉතාලිය, 196,158 බ්‍රසීලය, 178,184 ප්‍රංශය, 174,284 ජර්මනිය, 143,114 තුර්කිය, 114,533 ඉරානය, 84,025 චීනය, 81,705 ඉන්දියාව, 76,306 පේරු, 73,653 කැනඩාව, 54,288 බෙල්ජියම, 46,869 සෞදි අරාබිය, 43,680  නෙදර්ලන්තය, 40,186 මෙක්ෂිකෝව, 37,040 චිලී, 35,788 පාකිස්ථානය, 30,486 ඉක්වදොර්, 30,463 ස්විස්ටර්ලන්තය, 28,582 ස්වීඩනය, 28,319 පෘතුගාලය, 28,272 ක්ටාර්, 26,772  බෙලරූස්, 26,098 සිංගප්පූරුව, 23,401 අයර්ලන්තය, 21,084 එක්සත් අරාබි ඒමීර්, 18,863 බංග්ලාදේශ්. …

Continue Reading

Covid-19 සමග ‘සදාකාලිකව’ ජීවත් වෙන්න සූදානම් වන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

අපේ නිර්දේශය නම් ඕනෑම රටකට පවතින අවදානම තවමත් ඉහළම මට්ටමින් පවතින බව සැලකිය යුතු බවයි – ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනාවෛරසය “කිසිදා තුරන් නොවිය හැකි” බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි. මෙම වෛරසය ලෝකයෙන් තුරන් වන්නේ කවදාදැයි අනාවැකි පළ කිරීමට දරන උත්සාහයට එරෙහිව මෙම අනතුරු ඇඟවීම කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ, හදිසි අවස්ථා පිළිබඳ අධ්‍යක්‍ෂ, වෛද්‍ය මයික් රයන් විසිනි. බදාදා (මැයි …

Continue Reading

තාර්කික නොවන නීති රීති හමුවේ රටේ ආර්ථිකය අඩාලවීමට ඉඩ දෙන්න බැහැ – ජනපති

රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව දීර්ඝ කාලයක් …

Continue Reading

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 925ට නගිද්දී යුද්ධ හමුදාපතිගෙන් අනතුරු ඇගයීමක්

අද (14) දින ප.ව. 17.05 වන විට ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 916 දක්වා වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි දැක්වෙන්නේ අද දින ප.ව. 17.05 වන විට වාර්තා වී ඇත්තේ 01 ආසාදිතයෙක් බවයි. ඒ අනුව මේ වන විට 462 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර විමර්ශන යටතේ 108 දෙනකු සිටීයි. 445 දෙනකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව …

Continue Reading

ජාවාරම්කාරකයින්ට නොව නිෂ්පාදනකයින්ට ණය දෙන්න – ජනපති බැංකු ප්‍රධානීන්ට කියයි

COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටී. “කොරෝනා වෛරසය අපේ පාලනය යටතේ තබා ගැනීමට රජයට හැකි වුණා. දැන් තිබෙන ලොකුම අභියෝගය කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම. ඇඟළුම් කර්මාන්තය යථා තත්වයට පත්වන්නට තව බොහෝ කාලයක් යාවි. සංචාරක ව්‍යාපාරයේත් සිදුව ඇත්තේ බරපතළ පසුබැස්මක්. අහිමි …

Continue Reading

ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩයම් කරනවා – මනුෂ නානායක්කාර

ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩුවම් කරන බවත්, රාජපක්ෂ කදවුරේ අයෙක්ට ඇප ලැබුණ විට එක් ආකාරයකටත්, විපක්ෂයේ අයෙක්ට ඇප ලැබුණ විට තවත් ආකාරයකටත් කටයුතු කරන බවත්  ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ අපේක්ෂක මනුෂ නානායක්කාර පැවුසවේය. සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේදී පැවති අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ …

Continue Reading

ඉන්දීය නව මහ කොමසාරිස් සහ ඉරාන – බ්‍රසීල තානාපතිවරු ජනපතිට අක්තපත්‍ර පිළිගන්වති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් සිදු කළ අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවකි. අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් මෙවන් ගම්භීර උත්සවයක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව මෙයයි. COVID- 19 වසංගතය හමුවේ උද්ගතව ඇති අර්බුදය නිමවන තෙක් අක්තපත්‍ර …

Continue Reading

ඉරිදා මුළු රටටම ඇඳිරි නීතිය

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයක් අද (14) දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇත. එහි සදහන් වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් සෙසු දිස්ත්‍රීක්කවල ලබන 16, සෙනසුරාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි. එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ. මැයි 17, ඉරිදා මුළු දවසම …

Continue Reading

“OTP Hack” නමින් සමාජයේ පැතිරෙන දුර්මත පිලිබදව විමසිලිමත් වන්න

දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication සක්‍රිය කොට තිබෙනා සමාජ මාධ්‍ය ගිණුම් වලට පිවිසීමේදී පිවිසෙන්නාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට භාවිතා කරනු ලබන OTP නොහොත් එක් වරක් පමණක් භාවිතා කළහැකි මුරපද තෙවන පාර්ශවීය SMS සේවා සපයන සමාගමක් හරහා පැමිණීමේදී ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙනත් පාර්ශවයකට නතුවීමකට හැකිය යන්නෙන් මේ දිනවල සමාජයේ දුර්මත පැතිරෙමින් පවතී. යම් පාර්ශවයකට OTP අංකයක් ලැබීමෙන් පමණක් ඔබගේ …

Continue Reading

අපායේ විවේකයේදී ‘සිංදු කියන’ මාධ්‍යවේදියෝ !

ජනමාධ්‍යවේදීන්ගේ වගකීම හා යුතුකම වන්නේ පවතින සමාජ යථාර්ථය එළිදැක්වීමය. සමාජය තුළ සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කර ගැනීමටත්, එසේ අවබෝඅධ කරගත් දෑ විශ්ලේෂණය කිරීමටත්, ඥානයක් මාධ්‍යවේදියා සතු විය යුතුය.මෙම ප්‍රයත්නයේ දී , විශේෂයෙන් දේශපාලනඥයන් ඇතුළුව විවිධ පාර්ශවයන්ගෙන් ,ජනමාධ්‍යවේදියාට විවිධ ගැහැට එල්ල වන අතර, ඒවාට මුහුණ දීමට ද ඔහුට සිදුවේ. එනමුත් දියුණු යැයි සම්මත රටවල ( චීනය හැර ) විශේෂයෙන් බටහිර රටවල, පවතින …

Continue Reading