Covid-19: ලෝක සෞඛ්‍ය සංවිධානය ‘හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්’ අත්හදා බැලීම නවතා දමයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ කොවිඩ් -19 වළක්වා ගැනීම සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් hydroxychloroquine භාවිතයට තමා දිගින් දිගටම අනුබල දෙන බවයි කොරොන වයිරසයට කළ හැකි ප්‍රතිකාරයක් ලෙස මැලේරියාවට භාවිත කළ සාර්ථක ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් hydroxychloroquine පිළිබද පරීක්‍ෂා කිරීම නවතා දමා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. පූර්වාරක්ෂාවක් ලෙස රටවල් කිහිපයක හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් “තාවකාලිකව” අත්හිටුවා ඇති බවයි එහිදි වැඩිදුරටත් සදහන් වුණේ. හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් මගින් කොවිඩ් -19 ආසාදිතයින් මියයාමේ අවදානම …

Continue Reading

‘මගේ ගෙවත්ත’ මට පමණක් නොවෙයි මුළු ප්‍රජාවටමයි ! – බ්‍රිතාන්‍යෙයන් නව අර්ථකථනයක්

කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ, ගෙවතු වගාවට ද මීට සමාන ආයාචනයක් ඇත: එය අපේ නිවසේ පුද්ගලික ආහාර සුරක්ෂිතතාවයට තිරසාර විසඳුමක් ලබා දෙනවා පමණක් නොව, අපගේ අසල්වැසියන් ද රැකබලා ගැනීමට ඉඩ සලසයි. අවිනිශ්චිතතාවයේ හා ව්‍යාකූලත්වයේ දී, සලාද කොළ බීජයක් සිටුවීමෙන් පවා බලාපොරොත්තුවේ සමානත්වයක් ලබා දිය හැකිය. කොවිඩ්-19 වසංගතය ගෝලීය වශයෙන් සහ පුද්ගලිකව කොතරම් දැවැන්ත විනාශයක් ඇති කළත් ඒ තුළින් නිර්මාණය කළ ධනාත්මක …

Continue Reading

Bollywood Hot: අනේ මං ශ්‍රී දේවි වගේලු ! – රකුල් ප්‍රීති සිං

රකුල් ප්‍රීත් සිං (Rakul Preet Singh) බොලිඩුවය ආක්‍රමණය කළ දකුණු ඉන්දිය නිළියක්. ඇය බොලිවුඩ් සිනමාවට පිවිසියේ යාරියන් (2014) Yaariyan චිත්‍රපටයෙන්. අපි ඇයව අවසන් වරට දැක්කේ මාර්ජවාන් සහ ඩි ද ප්යාර් දේ (Marjaavaan and De De Pyaar De) චිත්‍රපටවලින්. දකුණු ඉන්දිය සිනමාවෙන් ඇය බොහෝ දේ උපයා ගත්තා. ඒ නිසා ඇය කියන්නේ තමා තව බොහෝ දුර යා යුතු බවයි. ඒ කියන්නේ බොලිවුඩයට. බොලිවුඩය …

Continue Reading

ආහාර පුරුදු සහ දන්ත සෞඛ්‍යය’ අතර සම්බන්ධය විද්‍යාත්මකව හෙළිවෙයි !

විදුරුමස් රෝගය, හෘද රෝග, දියවැඩියාව හා සමහර විට ඇල්සයිමර් සමග  සම්බන්ධ කරන මෑත කාලීන පර්යේෂණ මගින් අපට බොහෝ දේ වටහා ගත හැකිය. නමුත් ඔබේ දත් සහ විදුරුමස් රැකබලා ගැනීම කොතරම් වැදගත්ද ? එය කළ හැකි හොඳම ක්‍රමය කුමක්ද? යන්න ගැන ඔබ නිවැරදිව දැනුවත් විය යුතුය. මන්ද බොහෝ දේ ඔබ පහසුවෙන් නොතකා හරින විදුරුමස් හා සම්බන්ධව පවතින බව දැන් තහවුරු වී ඇති බැවිණි. …

Continue Reading

රට බංකොලොත් වී ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට ළං වෙලා – රනිල්

රටේ ආර්ථික තත්ත්වය පිළිබදව සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කරන ලෙසත්, එසේ නොකොට නිහඩව සිටීමෙන් රට වැටී ඇති අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ නොඑන බවත්  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා. හිටපු අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පළවෙනවා.

Continue Reading

කොරෝනා වෛරස වසංගතය නිසා පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා හිඟයක්

සනීපාරක්ෂක තුවා හිඟයකට ඉන්දියාවේ පාසල් ශිෂ්‍යාවන් බරපතළ ලෙස මුහුණ දී සිටින බව වාර්තා වේ. මීට හේතුව කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් ඉන්දියාවේ පාසල් වසා තිබීමය. ශිෂ්‍යාවන්ට සනීපාරක්‍ෂක තුවා ප්‍රධාන වශයෙන් සැපයෙන්නේ පාසල් හරහාය. මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව පුරා පාසල් ශිෂ්‍යාවන් මිලියන ගණනක් කනස්සල්ලට පත් වී ඇති බව ඉන්දියාවේ බීබීසී වාර්තාකාරිනී ගීතා පාන්ඩේ පවසන්නීය. ප්‍රියා 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. ඇය ජීවත් වන්නේ දිල්ලි …

Continue Reading

Covid-19 World Review: ඉන්දියාවෙන් වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක්

අද (25) දින වන විට ගෝලීය වශයෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 54,53,784ක් බවත් මරණ සංඛ්‍යාව 345,721ක් බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානය ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි. එහි සදහන් වන ආකාරයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව එක්සත් ජනපදය විසින් වාර්තා කරන අතර එය පිළිවෙළින් 16,47,741ක් සහ 97,811කි. ආසාදිතයින් සංඛ්‍යාව අනුව බ්‍රසීලය …

Continue Reading

අදත් COVID-19 ආසාදිතයින් 41ක් – මුළු ගණන 1182යි – මරණ 10යි

අද (25) දින ප.ව 19.05 වන විට කොවිඩ්-19 නව ආසාදිතයින් 41 දෙනකු වාර්තා වූ බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් 477 දෙනකු රෝහල් තුළ ප්‍රතිකාර ලබන බවයි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 79 දෙනකු …

Continue Reading

කොරෝනා දඩමීමා කරගෙන ‘විපක්ෂය මැතිවරණයෙන් පළා යන හේතුව’ ප්‍රසන්න කියයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය විලාප නගන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ උවමනාව මහා මැතිවරණය හැකිතාක් කල් දමා ගැනීම බවයි. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා හා නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග අද (25) උඩුගම්පළ දී පැවති සාකච්ඡාවක දී …

Continue Reading

ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය ක්වේට් සිට පැමිණි 52 හැවිරිදි කාන්තාවක්

ඊයේ (24) දින රාත්‍රී 23.20 පැයට පමණ මංකි බ්‍රිජ් (ත්‍රිකුණාමලය) නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුවේට් හී සිට පැමිණි වයස අවුරුදු 52 ක් පමණ වන කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පපුවේ ඇති වූ ආසාදිත තත්වයක් මත මියගොස් ඇති බව නිරෝධායන මධ්‍යස්ථාන භාර වෛද්‍ය නිලධාරි විසින් සනාථ කර ඇති අතර ත්‍රිකුණාමලය මහ රෝහලේදී පශ්චාත් මරණ පරික්‍ෂණය සිදුකිරීමෙන් අනතුරුව කරන ලද PCR …

Continue Reading