විදේශ ඇමැති දිනේෂ් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත්  කරුණු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. විදේශ සබදතා අමාත්‍යාංශය පවසන්නේ ඊයේ (29) සවස පැවති දුරකථන සංවාදයක දී ද්විපාර්ශ්විකව වැදගත් වූ කරුණු පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සාකච්ඡා කළ බවයි. කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව ප්‍රතිචාර දැක්වීමේ දී, …

Continue Reading

ඉඩම් වංචා වැළැක්වීමට ඉ-ඉඩම් ලියාපදිංචිය කඩිනම් කිරීමට යයි

ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම්  (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටිති. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචි වැඩසටහන  වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා …

Continue Reading

Covid-19 දෙවන රැල්ලක අවධානම ගැන GMOA අනතුරු අගවයි

Covid-19 වෛරසයේ දෙවැනි රැල්ලක් ගැන අනතුරු අගවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ අද වන කොවිඩ් ආසාදිතයින් සමාජය තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුව ද එය තහවුරු කරමින් ජනතාව තුළ විශ්වාසය ගොඩනැගිය යුතු බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …

Continue Reading

මෛත‍්‍රීපාල සිරිසේන කියන්නේ ‘ලැජ්ජා නහර’ නැති කෙනෙක් – ඇමති ප‍්‍රසන්න

මහ මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුව පිහිට වූ වහා ම මැතිවරණය නිසා  අත්හිට වූ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ හා අ.පො.ස සා/පෙ දක්වා ඉගෙනුම ලැබු අයට රැකියා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ නව ආණ්ඩුව පිහිටුවා සති දෙකක් තුළ මෙම රැකියා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර …

Continue Reading

මුතුරාජවෙළ තවත් තෙත් බිමේ අක්කර 50ක් ඈවරයි !

අජිත් පණ්ඩිතරත්න මහතා හා ඔහු ව මෙහෙයවන මහ පරිමාණ ව්‍යාපාරිකයන් ගේ මෙන් ම දේශපාලකයන් ගේ වුවමනාවන් මත ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මුදලට ඇති කෑදර කමට පුරන් කුඹුරු යැයි සදහන් කරමින් මෙම තෙත් බිම් විනාශ කිරීමට ඉඩදිය නොහැක. මුතුරාජවෙළ තෙත් බිමේ අක්කර 50 ක් නීති විරෝධීව ගොඩ කිරීමට ව්‍යාපාරිකයෙක් සූදානම් වේ සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය මුතුරාජවෙළ තෙත් …

Continue Reading

සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ජාත්‍යන්තරයෙන් උපරිම සහාය

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට සහාය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා විදෙස් තානාපතිවරු සහතික වෙති. ඉදිරියේ දී ඒ සදහා අවශ්‍ය මූල්‍ය සහ වෙනත් සහයෝගයන් ලබාදීමට ඒ අනුව ඔවුහු එකගතාවය පළ කළහ. මෙම එකගතාවය පළ වුණේ කොවිඩ් 19 හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමේ ක්‍රියාමාර්ග පිළිබද රජයේ නියෝජිතයන්, තානාපතිවරුන් හා ඔවුන්ගේ …

Continue Reading

කොරෝනාවල ‘භයානක මොහොත’ තාම පැමිණ නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය

ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගිය බවත් මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා ගිය බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙනවා. එහි ජූනි මස 29 වැනි දින ප.ව 09.06ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 10,189,350ක් සහ මරණ 502,802ක් වාර්තා වී ඇති බවයි. සුපුරුදු ලෙස වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව …

Continue Reading

උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රැසකට ජනපතිගෙන් එසැණ විසඳුම්

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා එකඟත්වය පළ කරයි. දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව දේශකවරු පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා කාල පාරස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය …

Continue Reading

20 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා’ මුත්තයියා මුරලිදරන් !

රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලදරන් ‘විස්ඩන්‘ ක්‍රිකට් මාසික සගරාව  (Wisden Cricket Monthly) විසින් 20 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා (Most valuable Test player of 21st century) ලෙස පසුගිය දා නම් කළා. ලොව ප්‍රමුඛතම ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන CricViz සමඟ සිදු කළ සමීක්ෂණයකට අනුවයි විස්ඩන් විසින් මෙම නම් කිරීම සිදුකර තිබෙන්නේ. ටෙස්ට් ක්‍රිකට් පිටියේ …

Continue Reading

ලෝක මුස්ලිම් ලීගය: ඩොලර් මිලියන 5 ගැන මෛත‍්‍රීගෙන් කරුණු පැහැදිලි කිරීමක්

‘ලෝක මුස්ලිම් ලීගය’ නම් සංවිධානය ශී‍්‍ර ලංකාවට ලබා දුන් බව පවසන ඇමරිකානු ඩොලර් මිලියන 05 පිළිබඳව මාධ්‍ය තුළ ප‍්‍රචාරය වන අසත්‍ය ප‍්‍රවෘත්තිය පිළිබඳ පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් ලෝක මුස්ලිම් ලීගය නම් සංවිධානය ශී‍්‍ර ලංකාවට ලබා දුන් බව පවසන ඇමරිකානු ඩොලර් මිලියන 05 පිළිබඳව …

Continue Reading