වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ
-
Editor
-
September 27, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත පිළිගැන්විය. වසර 158ක පොලිස් ඉතිහාසය තුළ …
Continue Reading
කමිඳු මෙන්ඩිස් ටෙස්ට් වාර්තා පොත අලුතින් ලියයි
-
Editor
-
September 26, 2024
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
Sports
-
0 Comments
වසර 132ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්විය. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී කමිඳු මෙම වාර්තාව තැබුවේය. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි. අද …
Continue Reading
වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ගත් සුවිශේෂ තීන්දුව
-
Editor
-
September 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙර පැවති ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව පෙර පැවති ක්‍රමය යටතේ සියලුම විදේශිකයන්ට වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, “VFS Global විසින් ලබා දී ඇති වීසා පහසුකම …
Continue Reading
ජනාධිපතිට ලෝක බැංකුවේ සහාය
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ …
Continue Reading
ගොවීන්ට සහ ධීවරයින්ට ජනපති දුන් සහන මල්ල මෙන්න !
-
Editor
-
September 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/-ක පොහොර සහනාධාරයක් ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් 2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000/-ක පමණ වූ පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000/ දක්වා වැඩි වනු ඇත. මෙම සහනාධාරය ඔක්තෝබර් 01 …
Continue Reading
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනපතිට කළ විශේෂ හෙළිදරව්ව
-
Editor
-
September 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කළේය. ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබීය. මෙම සියලු කටයුතුවලදී ජනාධිපතිවරයා ලෙස …
Continue Reading
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම – අගමැති හරිනි බලධාරීන්ට දුන් නියෝගය
-
Editor
-
September 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිළිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කළාය. අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහි දී අදහස් …
Continue Reading
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මැකො මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නියමිත ඡන්ද පොළකදී ඡන්දය දීමට නොහැකි වීම පිළිබදව සාධාරණ බියක් ඇතිවිට ඡන්දය දීමේ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.
Continue Reading
බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට දෙනවාද – නැද්ද ? අධිකාරියට ප්‍රශ්නයක්
-
Editor
-
September 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් පවසයි. පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 35ත් අතර මිලක් ගන්නා බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ අනුව එම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගත යුතු බව අවධාරණය කළේය.
Continue Reading
පියයුරු පිළිකා ගැන මෙරට කාන්තාවන්ට ඉතාම අසුභ ආරංචියක්
-
Editor
-
September 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි. පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බව …
Continue Reading