ඩෙංගු මර්දන ඒකකය කළ බිහිසුණු හෙළිදරව්ව

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය කියයි. මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 40,657 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද එම කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 20දෙනෙකු මියගොස් තිබෙන බව ඇය හෙළි කළාය. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය …

Continue Reading

චන්දික හතුරුසිංහ ගැන බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ගත් දැඩි තීන්දුව

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට ක්‍රිකට් මණ්ඩලය (BCB)තීරණය කර තිබේ. විනය හේතු මත මෙම තීරණය ගෙන ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ. ඉන්දීය තරග සංචාරයේ දී බංග්ලාදේශය ටෙස්ට් හා විස්සයි 20 තරග සියල්ලෙන්ම දරුණු පරාජයක් ලැබූ පසුබිමක පුහුණුකරුගේ සේවය අත්හිටුවීමට පියවර ගැනීම විශේෂත්වයකි. මේ අතර 2025 අයි.සී.සී ශූරයින්ගේ …

Continue Reading

වාහන ආනයනය ගැන ආණ්ඩුවේ නිල ස්ථාවරය ඇමැති විජිත හෙළිකරයි

වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව සිදුකරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන ලෙස විශාල ඉල්ලීමක් පවතින බව ද, ඒ පිළිබඳ කලින් ගත් කැබිනට් තීන්දුවක් පවතින අතර …

Continue Reading

මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වගවීමක් තිබෙනවා

බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් ජනපති පවසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය. අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව එහි පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදුවන අමාත්‍යාංශයක් බවත් …

Continue Reading

වැසි සහිත කාලගුණය සමග රෝග රැසක් හිස ඔසවයි – සම්පූර්ණ වාර්තා මෙන්න

වැසි සහිත කාලගුණය සහ ශීත කාලගුණ තත්ත්වයත් සමඟ ළමා ඇදුම / childhood asthma, විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු ශ්වසන වෛරස් ආසාදනය ඉහළ යා හැකි බව රිජ්වේ ආර්යා රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. වෛද්‍ය දීපාල් පැවසුවේ ඉන්ෆ්ලුවෙන්සා / influenza, ඇඩිනෝ වයිරස් / adenovirus සහ රයිනෝ වයිරස් / rhinovirus වැනි ශ්වසන වෛරස් ආසාදන ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන …

Continue Reading

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් අවසන් තීන්දුව

පසුගිය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා සියලුම සිසුන්ට ලකුණු ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (13) දින පෙරවරුවේ විභාග දෙපාර්තමේන්තුවේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. සත් පුද්ගල කමිටුවක් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා …

Continue Reading

කෝටි 350ක අරක්කු බදු වංචා කළ අර්ජුන් ඇලෝෂියස්ට මාස 06 ක සිරදඬුවම්

‍ රුපියල් කෝටි 350කට අධික වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර ඇත. රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණේ දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව විසිනි.

Continue Reading

නවසීලන්ත එක්දින පිල නොවැම්බර් මසදී ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිිතය. සමස්ථ තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වේ. නොවැම්බර් 09 වැනිදා පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 තරගයෙන් ආරම්භ වන දෙරට අතර තරගාවලිය පළමු එක්දින තරගය පැවැත්වෙන නොවැම්බර් 13 වැනිදා දක්වා …

Continue Reading

ICC සැප්තැම්බර් මස විශිෂ්ඨතමයා සම්මානය කමිඳු මෙන්ඩිස්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරනු ලැබ ඇත. ඔහුට සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව උදාවී ඇත්තේ සැප්තැම්බර් මසදී පැවැති ටෙස්ට් තරගවලදී වාර්තාවක් රැසක් තැබීමට සමත්වූ බැවිනි. මේ කමිඳු මෙවැනි සම්මානයක් දිනා ගන්නා ලද දෙවැනි අවස්ථාව වන අතර මීට පෙර ඔහු මාර්තු මසදීද මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය …

Continue Reading

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය. පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම” මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය …

Continue Reading