එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් ටිකට් අළෙවිය ඇරඹෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා වන ප්‍රවේශපත්‍ර දැන් www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කොට තිබේ. අදාළ තරග සංචාරය යටතේ ප්‍රථමයෙන්ම තරග 3 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරග 3 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අනතුරුව තරග …

Continue Reading

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරනවා

ජනපති ‘රටම එකට’ උතුරු පළාත් වැඩසටහනේදී ජනතාවට කියයි එදා යුද්ධය හේතුවෙන් තම දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වූ උතුරේ මව් පියවරුන්ට අද මත්ද්‍රව්‍ය නිසා දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වීමට සිදුව ඇති බවත්,  කිසිදු පුරවැසියෙක්, නගරයක්, ගමක්, දුප්පත්, පොහොසත්, සිංහල, දෙමළ  යන භේදයකින් තොරව පැතිර  යන මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පුරපුර බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ …

Continue Reading

සජබ නායකත්වයෙන් නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම උදෙසා ජාතික වේදිකාවක්

වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සොයා නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම අරමුණ කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (14) විපක්ෂ නායක කාර්යාලයේ දී නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම උදෙසා ජාතික වේදිකාවක් සකස් කරන ලදී. මේ සඳහා විවිධ පක්ෂ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් එක්විය. ඉදිරියේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධය …

Continue Reading

ජනපති අනුර නාගදීප විහාරාධිපති හිමියෝ බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) දහවල් නාගදීප රජමහා විහාරය වෙත ගොස් එහි විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. අද (16) උතුරේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වන අතරතුර ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර විහාරාධිපති හිමියන් මෙහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා …

Continue Reading

රට පුරා නිවාස 31,218 ඉදිකිරීමේ 2026 ජාතික නිවාස වැඩසටහන යාපනය, චාවකච්චේරියේදී ඇරඹේ

උතුරේද, දකුණේද, නැගෙනහිරද  කොතැනක හෝ කිසිදු අන්දමකින් යළි ජාතිවාදයට ඉඩක් නැහැ යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය අපගේ පාලන කාලය තුළ විසඳනවා යාපනය දියුණු කරමින් එහි ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා ලක්ෂ 10ක්ව තිබු නිවාස ආධාරය ලක්ෂ 20 දක්වා වැඩි කරමින් ජනතාව වඩා හොඳ නිවසක් ඉදිකර ගැනීමට හැකි තත්ත්වය උදා කර දී තිබෙනවා –යාපනය …

Continue Reading

Full Story With Photos : මෙරට සංවිධානාත්මක අපරාධ කර ඩුබායි වලට පැන්න සැකකරුවන් තිදෙනෙක් රැගෙන එයි

මෙරට සංවිධානාත්මක අපරාධ සඳහා සහය දක්වමින් බරපතළ ඝනයේ අපරාධ සිදුකිරීමට සෘජුවම සම්බන්ධවී ඩුබායි රාජ්‍යයේ පළා ගොස් සැඟව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ 2024 වසරේ රජයේ මුදල් අවභාවිතා කර ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟව සිටි චූදිත කාන්තාවක් අද (16) ද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික ගුවන්තොටුපලෙන් මෙරටට රැගෙන එන ලදී. ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කර ලබාගත් රතු නිවේදන යටතේ අබුඩාබි ජ්‍යාතන්තර පොලිසියි හා …

Continue Reading

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කරයි

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම්වලට අදාළ කරුණු  පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවවේදී සාකච්ඡා කරන ලදී. විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමේදී, මෙම පනත් කෙටුම්පතෙහි අරමුණු  වන්නේ  පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආශ්‍රිත මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් (I වන ශ්‍රේණිය) අතුරෙන් පීඨාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පීඨ මණ්ඩලයට …

Continue Reading

දිට්වා හානිය තක්සේරු කිරීමට IMF නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට

මෑතකදී ඇති වූ ඩිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ජනවාරි 22 සිට ජනවාරි 28 දක්වා ශ්‍රී ලංකාව තුළ කරුණු සෙවීමේ මෙහෙයුමක් / fact-finding mission ක්‍රියාත්මක කිරීමටතීරණය කර තිබේ. විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) වැඩසටහන යටතේ අදාළ ප්‍රතිපත්තිමය ඇඟවුම් පිළිබඳව කණ්ඩායම සාකච්ඡා කරනු ඇති බව IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි …

Continue Reading

“රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන හෙට(16) යාපනයේ දී

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන හෙට (16) පස්වරුවේ යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. “රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන 2025 ඔක්තෝබර් 30 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහි දකුණු පළාත් වැඩසටහන 2025 නොවැම්බර් 20 දා …

Continue Reading

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්‍ෂයට

කොළඹ මහ නගර සභාවේ ප්‍රධානම කමිටුව වන මුදල් කාරක සභාවේ බලය පිහිටුවීමට සමඟි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය  සමත් විය. කොළඹ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී  ඊයේ (14) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ඒකාබද්ධ විපක්‍ෂය වැඩි ඡන්දයෙන් එම කාරක සභාවේ බලය පිහිටුවීය. මුදල් කාරක සභාවේ සාමාජිකයන් 6 දෙනාගෙන් පස් දෙනෙක්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරු වැඩි ඡන්දයෙන් පත්වීම එහිදී කැපී පෙණිනු අතර එහිදී පැවැති …

Continue Reading