ජනපති සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කළහ. සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන …

Continue Reading

ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය. ජනපති ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා, දැනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන සියලුම …

Continue Reading

විදෙස් ආයෝජකයින් ත්‍රිතුණාමලය සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව මෙරට ආයෝජන අවස්ථා නිරීක්ෂණය කරයි

සමුද්‍රීය ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබදව ආයෝජකයින්ගේ  අවධානය වොයේජ් ශ්‍රි ලංකා 2024 සමුද්‍ර හා අක්වෙරල, බෝට්ටු නිෂ්පාදන සමුළුවට සමගාමීව ඉන්දියාව, සෞදි අරාබිය, මාලදිවයින, ප්‍රංශය, ජපානය, තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ කාම්බෝජය ඇතුළු රටවල විදේශීය ආයෝජකයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 24 සහ 25 යන දිනවල ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වරායේ සංචාරයක නිරත විය.සමුද්‍රීය ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනය …

Continue Reading

ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI

ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ කාලි නුවර දී පැවැත්වින. මේ සඳහා සහභාගී වූ මා හට අවබෝධ වූයේ ජෛව විවිධත්ව සම්මුතිය තවදුරටත් ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා දායක නොවන බව ය. වර්තමානය වන විට ජාන සම්පත් හා ජනතාව සතු සාම්ප්‍රදායික දැනුම මංකොල්ලය නීත්‍යානුකූල කර …

Continue Reading

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය. මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක් වෙයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් …

Continue Reading

පාරිභෝගික ආරක්ෂණය,ජීවන වියදම, ආහාර සුරක්ෂිතතාවය සහ විධිමත් නියාමන අධිකාරියක අවශ්‍ය ඇයි ?

ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන/ ජ්‍යේෂ්ඨ පර්යේෂක සහ ප්‍රවීන කෘෂි ආර්ථික විශ්ලේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ  ආයතනය ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන යනු  වෘත්තිමය පර්යේෂකයෙකු මෙන්ම කෘෂි ආර්ථික විශ්ලේෂකයෙක් ද ලෙස ද කටයුතු කරන  ජාතික මට්ටමේ කමිටු රැසක් මෙන්ම මෙරට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව නියෝජනය කළ අත්දැකීම් රැසක් ඇති ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරියෙකි. ඔහු සතු දැනුම් සම්භාරය  ප්‍රායෝගික තත්වයන් සමග වර්තමාන …

Continue Reading

ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු සමාජ මාධ්‍ය සීමා කිරීමට යන්නේ ඇයි ?

in“අවංක වීමට මට ඇත්තටම බියක් දැනුුුනා” Snapchat හි සිදුවීමක් විස්තර කරමින් ජෙම්ස් පවසයි. එම සිදුවීම ඔහු පාසලට යාම ආරක්ෂිත දැයි ප්‍රශ්න කිරීමට හේතු විය. ජේම්ස් 12 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි ළමයෙකි. ඔහු මිතුරෙකු සමඟ මතභේදයක් ඇති කර ගත් අතර, එක් දිනක රාත්‍රියේ නින්දට යාමට පෙර මතභේදය ඇතිකර ගත් මිතුරා ඔහුව වැඩිහිටි යෞවනයන් දෙදෙනෙකු සමඟ සමූහ කතාබහකට එක් කළේය. ක්ෂණිකව වාගේ …

Continue Reading

ජනතා අභිලාෂයන් ඉටුකරන නව දේශපාලන සංස්කෘතියක් බිහිකරමු

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මෙරට මුල් බැසගත් දේශපාලන රාජාවලියේ වෙනසක් හා පරිවර්තනයක් දැකීමට ශ්‍රී  ලාංකිකයෝ කලක සිට බලා සිටිය හ. ඒ උදෙසා අවස්ථා කිහිපයකදීම තරුණ ප්‍රජාව ගත් උත්සාහයන් අතිබිහිසුණු ලෙස මර්දනයට පත් කළ බව නොරහසකි. එය කෙතරම් භයංකාරවී ද යත් එවැනි එක් අවස්ථාවක මම රැකියාවට ගොස් සිටියෙමි. එදවස මා වෙත සෝවියට් සමූහාණ්ඩුවේ මෙරට තානාපති කාර්යාලය හරහා ‘සමාජවාදී න්‍යාය හා …

Continue Reading

දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති සිදු කළ සම්පූර්ණ කථාව

දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කථාව පහත පළ වේ. අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එම දේශපාලන බලය, අලුත් කඳවුරක්, එනම් අප වෙත එම දේශපාලන බලය ලැබුණා. එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු …

Continue Reading

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ. 01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03. වසන්ත පියතිස්ස මහතා – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ …

Continue Reading