ආහාර සුරක්ෂිතතාවයට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

සෑම පුරවැසියකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීමේ අරමුණෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීමට ජනපති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමට අවධානය ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, සෑම පුරවැසියකුගේම අවම ආහාර අවශ්‍යතාව …

Continue Reading

ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උත්සවය අමතා ජනාධිපති කළ සම්පූර්ණ කතාව

පසුගිය ජනවරම අපි සෑම දෙනාටම, සමාජයේ අපේක්ෂාව පෙන්නුම් කර තිබෙනවා. විවිධ අවස්ථාවල අපේ රටේ ජනවරම එක එක ආකාරයට ප්‍රකාශයට පත්ව තිබෙනවා. විටෙක යුද්ධය අවසන් වීම හේතු කොටගෙන, ජනවරම ප්‍රකාශයට පත්ව තිබෙනවා. තව විටෙක රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම වෙනුවෙන් ජනවරමේ ප්‍රධාන ලක්ෂණයක් පිළිඹිබු වෙලා තිබෙනවා. මා හිතන්නේ 2024 වසරේ ජනවරමේ ප්‍රධානතම පංගුව තිබෙන්නේ අල්ලසට සහ දූෂණයට එරෙහි ජනතාවගේ වුවමනාවයි. මෙතැන අල්ලස් …

Continue Reading

ඉන්ෆ්ලුවෙන්සා උණ පැතිරීමක් ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම්

පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන රෝගය පැතිර යන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත ඉන්ෆ්ලුවෙන්සා / influenza වැනි රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර පැතිරෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂ්ක විජයවර්ධන මහතා පවසයි. විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ වත්මන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, මස්පිඩු හෝ සිරුරේ කැක්කුම, ඔක්කාරය, තෙහෙට්ටුව, ආහාර රුචිය අඩුවීම සහ උගුර වණ වීම බව යි. මෙය …

Continue Reading

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය මාසයේ පළමු සඳුදා දිනකම

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න , ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය …

Continue Reading

ජන සංගණනයට පැමිණෙන නිලධාරීන්ට තොරතුරු දෙන්න බිය වෙන්න එපා

ජන සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසයි. ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළේ ජන සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවය. කෙසේවෙතත් එම සංගණන කටයුතු දෙසැම්බර් මස 23වැනි දිනෙන් අවසන් …

Continue Reading

SMEs Guide SL: සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම්කරුවන් හට වෙළදපොළ ජයගත නොහැක්කේ ඇයි ?

රාජ්‍ය හා පෞද්ගලික අංශය තුල රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සදහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී ඇත. එදා ලෑලිකඩ, පෙට්ටි කඩ හා පා පැදි වෙනුවට කුඩා ලොරි හෝ දර්ශණීය ලෙස සකසාගත් ත්‍රී රෝද රථ ඇසුරෙන් විවිධ තරාතිරමේ අය අලෙවි කටයුතු වල නිරතවන ආකාරය අපට …

Continue Reading

නාඩු තොග 225යි, සිල්ලර 230යි: ජනපතිගෙන් සහල් ව්‍යාපාරිකයින්ට උපදෙස්

පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග – ජනපති අවධාරණය කරයි සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි, සිල්ලර මිල රුපියල් 240යි කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260යි දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව ජනපති විමසයි දිනපතා …

Continue Reading

මන්ත්‍රී වැටුප, විශ්‍රාම දීමනාව සත්‍ය කුමක්ද? බොරුව කොච්චර ලොකුද? – ඇත්තම කතාව මෙන්න !

අද දේශපාලනයේ ආකර්ශණීයම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි.  අවසනාවකට ප්‍රබන්ධ හා මිත්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත.  බලයට පත්වී මාසයක් ගත වන්නටත් පෙර, මේ ගැන ඇති මිත්‍යාව සාකච්ඡාවට බදුන් කළ යුතුය. රාජ්‍යය යනු, ජනතාව වෙනුවෙන්, ජනතා නියෝජිතයින් විසින් පවත්වාගෙන යනු පාලන යන්ත්‍රයකි.  එහි නීති සම්පාදන ක්‍රියාවලිය සිදු …

Continue Reading

එළවළු, පලතුරු හා ආහාර ද්‍රව්‍ය රික්ත හෙවත් වායු රහිතව ඇසුරුම් කිරීම

නෙළාගත් කෘෂි බෝග අස්වනු පාරිභෝගිකයා අතට පත්කිරීමට පෙර ගබඩා කර තබා ගැනීම මෙන්ම සැකසූ අස්වනු පාරිභෝගික ආකර්ක්‍ෂණය දිනාගත හැකි  ආකාරයෙන් අසුරා අලෙවි කිරීමද වෙළඳාමේ උපක්‍රමයකි. එමෙන්ම එළවළු, පලතුරු හා ආහාර ද්‍රව්‍ය  පොලිතීන් මළු තුළ අසුරා විවෘත වෙළදපොළේ සහ  සුපිරි වෙළඳසල් ඔස්සේ ද අලෙවි කිරිම නව ප්‍රවණතාවයකි. එසේ වුවත් ඇසුරුම් කළ සෑම ද්‍රව්‍ය වර්ගයක්ම එකලෙස දිගු කලක් අලෙවි කිරීමට තබා ගත නොහැකි වේ. …

Continue Reading

ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් එක්සත් රාජධානියේ අපනයන වෙළඳපළ වෙත ප්‍රවේශ කිරීමට විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පසුගිය දා (දෙසැම්බර් 02 ) කොළඹදී පැවැත්විණි. මෙම මුලපිරීම එක්සත් රාජධානියේ-ශ්‍රී ලංකා වෙළඳ හවුල්කාරිත්වය හරහා ක්‍රියාත්මක වන එක්සත් රාජධානියේ රජයේ අරමුදල් සහිත SheTrades Commonwealth+ වැඩසටහනේ කොටසකි. මේ යටතේ  ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් එක්සත් රාජධානියේ සමාගම් සමඟ සම්බන්ධ වී අපනයන වෙළඳපොළට ප්‍රවේශ …

Continue Reading