සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයට UN සහාය

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Marc Andre Franche මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (12) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවීමට අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීය. මෙහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත සංවර්ධනය සඳහා රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දීර්ඝ …

Continue Reading

2025 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමුවන අදියර අවසන් කිරීම හා දෙවන අදියර ආරම්භ කිරීම

“2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2025.03.14 වන සිකුරාදා දින අවසන් වන අතර සියලු ම පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2025.04.01 වන අඟහරුවාදා දින ආරම්භ වේ.

Continue Reading

GMOA වර්ජනයකට සැරසෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටියි. කෙසේ නමුත් ඔහුව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, උතුරුමැද පළාත තුළ වර්ජනයක් සිදුකරන බවට ද එම සංගමය අනතුරු අඟවා ඇත. 32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන නේවාසිකාගාරයට ගොස් …

Continue Reading

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නිකුත් කර තිබේ. ඒ අනුව එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

නව අභියාචනාධිකරණ විනිසුරන් තිදෙනෙක් දිවුරුම් දෙති

අභියාචනාධිකරණයට නව විනිසුරන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර, ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ. ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Continue Reading

දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (මාර්තු 11 වැනිදා) විවෘත වරෙන්තු නිකුත් කළේ ය. මේ වන විට දේශබන්දු තෙන්නකෝන් අනිවාර්ය නිවාඩු යවා ඇත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, සැකකාර හිටපු පොලිස්පතිවරයා සැඟව ඇතැයි සැක කරන ස්ථාන 10ක් පරීක්ෂාවට ලක් කළ අතර එහෙත් ඔහු …

Continue Reading

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කුළුණු 05කින් යුතු සැලැස්මක්

රජය විසින් 2025 ඉදිරිපත් කරල තියෙන අයවැය ඉතිහාසයේ වැඩිම මුදල අධ්‍යාපනයට වෙන් කර ඇති බවත් , අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කුළුණු පහකින් යුතු සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත් අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 2025 වර්ෂයේ අයවැය විවාදයේ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වැය ශිර්ෂය විවාදයට ගැනෙන මාර්තු 10 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය …

Continue Reading

SMEs Guide SL:ශ්‍රී ලංකාවේ ‘ව්‍යවසාය සංවර්ධනය’ සඳහා NEDA හි නායකත්වය සහ මුලපිරීම කෙසේද ?

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර මහතා සමඟ SMEs Guide SL  විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලදී. ඔහු දශක ගණනාවක විශේෂඥතාවක් ඇති ඉතා පළපුරුදු දක්ෂ වෘත්තිකයෙකි. වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකු / Chartered Accountant වන ඔහු පෞද්ගලික අංශයේ විවිධ කැපී පෙනෙන භූමිකාවන් රැසක් දරා ඇති අතර, …

Continue Reading

SMEs Guide SL: 2025 කාන්තා දින විශේෂ: සාර්ථක ව්‍යවසායිකාවන් බවට පත් වූ බොලිවුඩ් සුපිරි තරු

බොලිවුඩ් නිළියන් ලෙස කටයුතු කරමින් සිටිය දීම ව්‍යවසායකත්වයට සාර්ථකව මාරුවී, බාධක බිඳ දමා ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත්කර ගත් සුපිරි බොලිවුඩ් නිළියන් කිහිප දෙනකු  මාර්තු 08 වැනි දිනට යෙදී ඇති ‘ජාත්‍යන්තර කාන්තා දිනයේ’දී අපි සමරන්නෙමු. කත්‍රිනා කයිෆ්, ශිල්පා ෂෙට්ටි වැනි සුපිරි බොලිවුඩ් නිළියන් කිහිප දෙනෙකුම ව්‍යවසායකත්වයට සාර්ථකව පිවිස ඇති අතර, ඔවුන්ගේ කීර්තිය සහ ව්‍යාපාරික ඥානය උපයෝගී කරගනිමින් සාර්ථක ව්‍යාපාර ගොඩනඟා ගෙන ඇත. ඔවුන් …

Continue Reading

ජාත්‍යන්තර නිවුන් සම්මේලනය ශ්‍රී ලංකාවේදී – සම්පූර්ණ වාර්තාව මෙන්න !

නිවුන් ගැබ් ගැනීම පිළිබඳ ඒකාබද්ධ 8 වන ලෝක සම්මේලනය සහ ජාත්‍යන්තර නිවුන් අධ්‍යයන සංගමයේ (International Society of Twin Studies – ISTS) 20 වන සම්මේලනය 2025 අගෝස්තු 10 සිට 12 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ලෝක ප්‍රකට පර්යේෂකයින්, වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් එක්රැස් වන මෙම සම්මේලනයේ දී නිවුන් දරු උපත් ආශ්‍රිත පර්යේෂණ, ජාන විද්‍යාව, මනෝවිද්‍යාව සහ ප්‍රසව විද්‍යාව යන …

Continue Reading