චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් පිළිබඳව නිලධාරීන් අනතුරු අඟවයි

මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන චිකුන්ගුන්යා වෛරසය පැතිරීමේ සැලකිය යුතු වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කනස්සල්ල පළ කර ඇති බව උපදේශක ප්‍රජා වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පැවසුවාය. චිකුන්ගුන්යා වෛරසය ප්‍රථම වරට 1956 දී ටැන්සානියාවෙන් හඳුනා ගත් බවත් පසුව 1960 දී ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වූ බවත්  ඇය වැඩි දුරටත් පැවසුවාය. සැක සහිත රෝගීන් 190ක් වාර්තා වී ඇති බවත්, ඉන් 65ක් ධනාත්මක බව තහවුරු වී …

Continue Reading

ජනපති කැඳවූ පක්ෂ නායක හමුව අවසන්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 44%ක ආනයන තීරු බදු හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් වූ බව නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී අද (10) පැවැත්විණි. 44%ක නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ …

Continue Reading

මෙරට රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඇගයීමට – සෞඛ්‍ය ඇමැති

වාර්ෂික ව මෙරට  සම්පූර්ණ රුධිර ඒකක 450,000 ක් පමණ එකතු කරනු ලබන ජාතික රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඉමහත් පිළිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරනු ලැබුයේ රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වාර්ෂික අධ්‍යයන සැසිවාරය සහ එම විද්‍යායතනයේ ඉදිරි වර්ෂය සදහා නව සභාපතිවරයා පත් කර …

Continue Reading

සිරි දළදා දැක්මේදී ප්‍රභූන්ට විශේෂ ප්‍රවේශපත් නැහැ- අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාහිමි

පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන සිරි දළදා දැක්මේදී ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් විශේෂ පෝලිම් හෝ විශේ ප්‍රවේශපත් නොමැති බවත්, පවතින පෝලිම් භාවිතයෙන් දළදා වන්දනාවට පැමිණිය යුතු බවත් ශාස්ත්‍රපති . පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්කුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. මහා සංඝරත්නයට , විදේශ තානාපතිවරුන්ට, …

Continue Reading

වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට” සියලු කටයුතු සූදානම් – බුද්ධශාසන ඇමති

වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට”  සියල්ල සූදානම් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා  පැවසීය.  2025 සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය  හමුවකට එක්වෙමින් බුද්ධශාසන අමාත්‍යවරයා මේ බව පැවසීය. දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 සිට 27 දක්වා  දින 10ක කාලයක්  පැවැත්වෙන අතර, එම කාලයේ  දේශීය සහ විදේශීය බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහනුවරට ළඟාවීමට නියමිත බවද පැවසුවේය.  ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනය සහ …

Continue Reading

44%ක බද්ධ ක්‍රියාත්මක වුණොත් ලංකාවට වෙන දේ ADB හෙළි කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා පනවන ලද නවතම ආනයන තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි ආර්ථික බලපෑම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව (ADB) බරපතළ අනතුරු ඇඟවීමක් කර ඇත. භාණ්ඩ අපනයනයේ දැවැන්ත පහළ යාමක් වාර්තා වීම, අපනයන අභිමුඛ කර්මාන්ත අංශය මන්දගාමී වීම, ආයෝජක විශ්වාසය පහළ වැටීම හේතුවෙන් සෘජු විදෙස් ආයෝජන ගලාඒම හා දේශීය ප්‍රාග්ධන ප්‍රසාරණය පහළ යාම, රැකියා වියුක්තිය …

Continue Reading

පරාටේ නීතිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබුණු සහන කාලය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කැපවී සිටින බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය 2025 මාර්තු 31 දිනෙන් අවසන් විිය. ඒ අනුව 2025 මාර්තු 31 දින …

Continue Reading

අලුත් අවුරුදු සමයේ ‘ගිනිකෙළි අනතුරුවලින්’ දෙනෙත් රැක ගන්නේ කෙසේ ද ?

සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ බාල තරුණ වැඩිහිටි බොහෝ දෙනා ගිනිකෙළි සමග අවුරුදු සතුට භුක්ති විඳීමට හුරුවී සිටිනවා.අනාරක්ෂිත ලෙස රතිඤ්ඤා භාවිතය හේතුවෙන් අවුරුදු සමයේ බොහෝ දෙනා සිය දෙනෙත් අනතුරට පත්කර ගන්නවා. මෙලෙස සිදුවන අනතුරු නිසා නව අවුරුද්දේ ආරම්භය රෝහල්ගත කිරීමේ සිට ජීවිතාන්තය දක්වා දෑස් අහිමි වීම හෝ ස්ථිර පෙනීම අඩුවීමක් සිදුවිය හැකියි. සමීක්ෂණ දත්ත අනූව ගිණිකෙලි ද්‍රව්‍ය නිසා ඇතිවන …

Continue Reading

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ අභියාචනා කැඳවයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09 දින සිට 2025.04.30 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.   http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතී. මේ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත …

Continue Reading

ඇමරිකානු බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා EDB මඟින් විශේෂ සාකච්ඡාවක්

අමෙරිකානු රජය ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවලට පැනවූ 44% වාණිජ බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි දරුණු බලපෑම් අවම කිරීමේ උත්සාහයන් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් විශේෂ රැස්වීමක් පසුගිය දින අපනයන සංවර්ධන මන්ඩලයේ  ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති …

Continue Reading