LPL කොළඹ ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් -5 ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියරයේ ප්‍රවේශපත්‍ර අළෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එම ප්‍රවේශපත්‍ර පහත ප්‍රවේශපත්‍ර කවුළුවලින් ලබාගත හැකි බව නිවේදනය කර සිටියි. තරගාවලියේ දෙවැනි අදියර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජූලි මස 14 වැනිදා ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි ෆෝල්කන්ස් අතර තරගයෙන් ආරම්භ වනු ඇත. ජූලි 11 – ප.ව. 2.00 …

Continue Reading

පුරවැසියන්ගේ ‘දුරකතන ඇමතුම් ටැප්’ කිරීමට පකිස්ථාන බුද්ධි අංශයට අවසර

ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියන්ගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ ‘ග්‍රහණය කිරීමට’ පකිස්ථානයේ ෆෙඩරල් රජය අන්තර්-සේවා බුද්ධි අංශයට (ISI) අවසර දී තිබේ. මේ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින් පමණක් නොව සමාජ ක්‍රියාකාරීන් ද කනස්සල්ල පළ කරන අතර, ඔවුන්ගේ අදහස වන්නේ, මෙම ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට පටහැනි බව ය. ජුලි 8 වන දින නිකුත් කරන ලද දැනුම්දීමකට …

Continue Reading

‘යුනෙස්කෝ’ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ ශ්‍රී ලංකාවේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම සංචාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැහැදැකීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  සහ වැඩබලන විදේශ …

Continue Reading

‘ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ‘ නව නීතිපති ධුරයට

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ (ආ) වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත. ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා මෙරට 49 වන නීතිපතිවරයායි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා …

Continue Reading

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් අපේක්ෂිත අරමුණ

රටේ අනාගත පරම්පරාව බිහි කරන ගෞරවාන්විත සේවයක් ලෙස ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර්. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් සිදු නොවූ විශාල වර්ධනයක් ඇති කර ගත හැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා පැවසීය. මෙරට අනාගත පරම්පරාව බිහි කරන ගෞරවාන්විත සේවයක් ලෙස ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බැවින් එය නිසි ලෙස …

Continue Reading

රණවිරුවන්ගේ පදිංචියට ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු

සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය ජූලි 17. කුරුණෑගල විජයබා රෙජිමේන්තු මධ්‍යස්ථානය ජුලි 19. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය ජුලි 23. මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිතව …

Continue Reading

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ඇරඹේ

ක්ෂේත්‍ර 05ක් ඔස්සේ බිංගිරිය ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්. ආයෝජන කලාපය සම්පූර්ණයෙන් නිම වීමෙන් පසු ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක්. රැකියා අවස්ථාවන් 75,000ක්. රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරනවා. ජනතාවගේ නොවිසඳුන ප්‍රශ්න විසඳීමට නම් එක් ආර්ථික ක්‍රමයක් අනුව රට ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති. ජනපතිගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා …

Continue Reading

දුම්රිය වැඩවර්ජනය SLRSMU ගත් අලුත්ම තීන්දුව

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) අද (11) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රිය වන විට සේවයට වාර්තා කරන නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අමාත්‍යවරයා සංගමයේ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද සහභාගි වූ මෙම සාකච්ඡාව …

Continue Reading

වනිඳු හසරංග T20 නායකත්වයෙන් ඉවත් වෙයි

වනිඳු හසරංග ජාතික පිරිමි විස්සයි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වී ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යහපතට හේතු වන බව හසරංග පැවසීය. “ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට සෑම විටම මගේ උපරිම උත්සාහය ලැබෙනු ඇති අතර, මම සෑම විටම මෙන් මගේ කණ්ඩායමට සහ …

Continue Reading

වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කරනවා

වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. එසේම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා …

Continue Reading