T20 පිල මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි-20 නායකත්වයෙන් ඉවත්වීමත් සමග එහි නව නායකයා ලෙස චරිත් අසලංකව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ 14 වැනි විස්සයි-20 නායකයා ලෙසින් චරිත් අසලංක ඉතිහාස ගත වනු ඇත. නිමාවට පත් වුණු එල්.පී.එල්. තරගාවලියේදී ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙසින්ද කටයුතු කරන ලද්දේ අසලංක විය. අසලංකව නායකත්වයට පත් …

Continue Reading

‘උරුමය‘ ගැන නිල පැහැදිලි කිරීමක්

වසර දෙකක් තුළ මෙරට ක්‍රියාත්මක විප්ලවකාරී වැඩසටහන ‘උරුමය’ වැඩසටහනයි – ඉඩම් කොමසාරිස් ජනරාල්. ඉඩම් හිමිකම් නිරවුල් කිරීම උතුරු/ නැගෙනහිර 70% ක් සහ අනෙකුත් පළාත්වල 99% ක් අවසන් – ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්. සියලු ඉඩම් හඳුනා ගැනීමත් එම ඩිජිටල් දත්ත පද්ධතියකට ඇතුලත් කිරීමත් සිදු කර අවසන් – ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉඩම් පරිහරණ සැලසුම් …

Continue Reading

“දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය”ට කැබිනට් අනුමැතිය

දූෂණ විරෝධි පනත පූර්ණ වශයෙන් බලාත්මක කෙරේ. 2025 – 2029 සඳහා ජාතික දූෂණ විරෝධි සැලැස්මක්. විගණකාධිපති බලතල තවත් ඉහළට. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලතලත් වැඩි වෙයි. රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කෙරේ – රුපියල් බිලියනයට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන තොරතුරු ප්‍රකාශයට. බදු නිදහස් කිරීම් ලබන සියලු සමාගම් ප්‍රසිද්ධියට පත් කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි …

Continue Reading

රැමිස් (RAMIS) පද්ධතිය ඵලදායි අයුරින් යොදා ගැනීමට පත් කළ ඇමැති අනුකමිටු වාර්තාව ජනපතිට

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායි අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ‘ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) – නඩත්තු සේවා ලබා ගැනීම’ මැයෙන් …

Continue Reading

රුසියාවේ ලස්සනම පාපැදි ශූරිය වන’ ටැටියානා ඔසොලිනා බිහිසුණු අනතුරක !

‘රුසියාවේ ලස්සනම පාපැදිකරුවා / Russia’s most beautiful biker‘ ලෙස විරුදාවලිය ලත් Tatyana Ozolina තුර්කියේදී පාපැදි අනතුරකින් මිය ගියාය. මිලියන 08කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින සමාජ මාධ්‍ය තරුවක් වන ටැටියානා ඔසොලිනා මියයන විට 38 වැනි වියේ පසු වූවාය. ඔසොලිනා, ඇයගේ නිර්භීත ජාත්‍යන්තර සංචාර සඳහා ප්‍රසිද්ධියට පත් වූවාය. තුර්කි මාධ්‍ය ආයතනයක් වන Turkiye Today ප්‍රකාශ කරන්නේ Ozolina ඇයගේ BMW යතුරුපැදිය පැදගෙන යද්දී …

Continue Reading

විජේදාස රාජපක්ෂ ගත් ඓතිහාසික තීන්දුව

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම අපේක්ෂකත්වය නිල වශයෙන් නිවේදනය කළේය. අද (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය

Continue Reading

ජනපතිවරණය ගැන මැකො ගෙන් නිල නිවේදනයක්

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් හෙට (26) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ජනාධිපතිවරණ දිනය සහ අනෙකුත් ව්‍යවස්ථාපිත කාර්යයන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් සහ පාර්ශවයන් විසින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් කිසිදු වගකීමක් දරන්නේ නැතැයි කොමිසම ප්‍රකාශ කළේය.

Continue Reading

බෞද්ධ අධ්‍යාපනය ගැන ජනපතිගෙන් සහතිකයක්

පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් ජනපති පවසයි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා පමණක් ජනාධිපති අරමුදලින් වසරකට රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වෙන් කෙරේ. කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව …

Continue Reading

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති දුන් සහතිකය

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රි ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය …

Continue Reading

දේශබන්දුට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඔහු පොලිස්පති ධූරයට පත් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් නවයේ අවසන් තීරණය දක්වා මෙම නියෝගය බලපැවැත්වේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු …

Continue Reading