ඡන්ද දායකයන්ගෙන් 80% කට නව මැතිවරණ ක්‍රමය ගැන අවබෝධයක්‌ නෑ – පැෆරල් සංවිධානය කියයි

රටේ ඡන්ද දායකයන්ගෙන් සියයට අසූවකට වඩා වැඩි පිරිසකට නව මැතිවරණ ක්‍රමය පිළිබඳ අවබෝධයක්‌ නැතැයි පැෆරල් සංවිධානය පවසයි. ඇතැම් අපේක්‍ෂකයන්ට ද එම අවබෝධය නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා ඊයේ (5 දා) පැවසීය. පසුගිය දෙසැම්බර් 14 වැනිදා තෙක්‌ම වසර දෙකක කාලයක්‌ තිස්‌සේ පළාත් පාලන මැතිවරණ පනත වරින් වර සංශෝධනය වූ බවත් එම නිසා නව ක්‍රමය ගැන ජනතාවට දැනුවත් වීමට …

Continue Reading

මගේ කාලයේ බැඳුම්කර ගනුදෙනු සෙව්වාට කමක්‌ නෑ – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක්‌ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” ට ඊයේ (4 දා) පැවසීය. 2008 වසරේ සිට 2015 දක්‌වා තම පාලන සමයේ බැඳුම්කර වෙන්දේසි පිළිබඳව සොයා බැලීමට පියවර ගැනීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු අකැමැත්තක්‌ නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා එදා සිදු කළ එම ගනුදෙනු පිළිබඳව තමාට දැඩි විශ්වාසයක්‌ තිබෙන බවත්, එම …

Continue Reading

පාසල් පෙළපොත් කඩිනමින් බෙදන්න විදුහල්පතිවරුන්ට උපදෙස්

පාසල් පෙළපොත් බෙදාහැරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් 0112 78 48 15 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇතැම් සිසුන්ට පාසල් පෙළපොත් මේ දක්වා ලැබී නොමැති බවට වාර්තා වූ තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. …

Continue Reading

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ජනපතිගේ අවධානයට

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබේ. සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී බුද්ධ ශාසනයේ අභිවෘද්ධීය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම භික්ෂු …

Continue Reading

තැපැල් වර්ජනයකට සැරසෙයි

තැපැල් දෙපාර්තමේන්තුවේ මතුව ඇති ගැටලු සඳහා ස්ථිර විසදුම් ලබාදීමට රජය පියවර නොගතහොත් ලබන 10 වන දින සිට අඛන්ඩ වැඩවර්ජනයක නිරත වීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබේ. එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ සිය ගැටලු විසදීම සඳහා රජයට අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති බවයි. මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ලබන 10 වන දින මධ්‍යම …

Continue Reading

බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් අද දින සිදු කිරිමට නියමිතව තිබේ. ජනාධිපති විමර්ශන කොමිසම් සභාව විසින් ලබාදී ඇති වාර්තාවට අනුව ක්‍රියාත්මක කිරිමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කිරිමට නියමිත බව වාර්තා වේ. සිය ට්විටර් ගිණුමේ …

Continue Reading

තැපැල් ඡන්දය ජනවාරි 25-26

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජනවාරි මස 25 සහ 26 දිනවල සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.රාජ්‍ය සේවකයන්ගෙන් තැපැල් ඡන්ද සඳහා අයෑදුම්පත් භාර ගැනීම පසුගිය 22 දායින් අවසන් වූ අතර එම තැපැල් ඡන්ද සහතික කිරීම ලබන 11 වැනිදා සිදුකිරීමට නියමිතය. තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් කිරීම ලබන 11 වැනිදා සිදුකෙරේ. රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් සහ විශේෂ ආරක්‍ෂාව මැද තැපැල් …

Continue Reading

බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට ඉඩ දෙන්න එපා – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි

උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි බුද්ධ ප්‍රතිමා හා බෞද්ධ විහාරස්‌ථාන විනාශ කරමින් සිංහල ජාතියද, බුද්ධ ශාසනයද විනාශ කිරීමේ ඉතාම භයානක කුමන්ත්‍රණකාරී සිදුවීමක්‌ මේවන විටත් ක්‍රියාත්මක වන බවත්, මේ භයානක ක්‍රියාව වහාම මැඬපැවැත්වීමට වගකිවයුත්තන් කටයුතු කළයුතු බවත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවැසූහ. නාහිමියන් එසේ පැවසුයේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ උපාධ්‍යාය කෝට්‌ටේ ප්‍රදේශයේ ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ සභාපති ආචාර්ය දිමියාවේ අමරවංශ නාහිමියන්ට අනුනායක පදවිය …

Continue Reading

ඡන්ද නීති උල්ලංඝනය කර පෝස්ටර් ඇලවූ 4ට වැඩ වරදී

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු වැලිකඩ, බුත්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පෝස්ටර් තොගයක් සහ පෝස්ටර් ඇලවීම සඳහා යොදාගත් උපකරණ ද එහිදී පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය. මේ අතර පසුගිය 09 වැනිදා සිට අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් …

Continue Reading

සියළු ප්‍රශ්ණ මනුශ්‍යත්වය තුලින් විසඳිය හැකියි ජනපති,අගමැති නත්තල් දින පණිවුඩ

දේවත්වය සහ මනුෂ්‍යත්වය එකිනෙකට මුණගැසෙන අපූර්ව සංදිස්ථානයක් ලෙස නත්තල එදා මෙදා තුළ මානව ඉතිහාසයේ සුවිශේෂි භූමිකාවක් හිමිකරගෙන සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ අවිචාරය, අසමානත්වය හා කෲරත්වය මුල් බැසගෙන පැවැති සමයක බව පෙන්වා දෙන ජනාධිපතිවරයා දේව වරමක මහිමය හිස දරා සිටිය ද උන් වහන්සේ එම දුර්ගුණයන් මැඩලීම සදහා සමස්ත මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කරනු ලැබුවේ …

Continue Reading